Saturday, July 19, 2014

ඔව් මම දික්කසාද වුණා -පියුමි බොතේජු



ඉතින් කොහොමද පියුමි?
හොඳින් ඉන්නවා.
මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.
පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?
සාමාන්‍ය විදියට ගවෛනවා.
පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?
මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.
ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.
නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?
අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.
නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.
ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.
අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?
හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක.
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?

මම නැවතත් විවාහ වනවා.
ඒ කවදාද? සුදුසු කෙනකු හමුවී තියෙනවද කියල දැනගන්න රසික හිතවතුන් කැමති වේවි?
ඒ ගැන වැඩි විස්තර  ඉදිරියේදී කියන්නම්.
පියුමිගෙ නිළි ජීවිතයට දැන් කොයිතරම් කාලයක් වෙනවාද?
අවුරුදු 12යි.
රංගනයට එන බොහෝ අය  ඉන්පසුව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වැනි අංශවලට යොමුවනවා?
අධ්‍යක්ෂණය බැරෑරුම් කාර්යයක්. නිෂ්පාදනයත් ඒ වගේමයි. මං හිතන්නේ මට ඒ වගේ අංශවලට අත ගහන්න බැහැ කියලා. මට හුරු රඟන එක. ඒ හින්දා එතැනින් එහා අංශවලට එකතු වීමේ අදහසක් නම් නැහැ.
කලා ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තද?
ඕනෑම තැනක විවිධාකාර ගති ගුණ තියෙන අය ඉන්නවා. කලා ලෝකයේත් එවැනි අය ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි ඔය විදියේ ප්‍රශ්න ඇති වන්නේ.
පියුමිට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවාද?
ඔව්. එකම එක්කෙනෙක් හින්දා ඒ වගේ දේවල් වෙලා තියෙනවා.
එයා නිළියක්ද නළුවෙක්ද? නැතිනම් කලාවේ වෙනත් අංශයක රැඳුණ කෙනෙක්ද?


නිළියක් කියල තමයි හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තම කියනවානම් නිළියක් කියන්න බැහැ. මොකද ප්‍රවීණ නිළියකගෙ ගෙදරක වැඩකාරකමට ඉඳල ඒ නිළියන්ගේ තනියට රූගත කිරීම්වලට ඇවිත් ඒ හරහා නිළිකමට පැමිණි කෙනෙක්.
මොකද ඇය සහ ඔබ අතර ගැටුමට හේතුව?
ඇය මට විතරක් නමෛයි බොහෝ නිළියන්ට කුහකකම් කරන කට කතා පතුරන කෙනෙක්. ඒක ඇගේ ස්වභාවය.
ප්‍රශ්නයක් තියෙනව නම් කතාබහ කරල විසඳගන්න පුළුවන්නේ?
ඇය ඒ විදියට ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නමෛයි. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි උන්ගෙ කකුල හපන්න යන්නෙ නැහැනේ. එහෙම හිතලා  මම නිහඬව ඉන්නවා. කතා කරන්නවත් යන්නෙ නැහැ. අනික ඇගේ සැමියායි මගෙ අම්මයි පාස‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තු දෙන්නෙක්. ඒ වැඩිහිටි කම හිතල මම ගැටුම් ඇතිකරගන්න යන්නෙ නැහැ. ඇය මිනිසුන්ට ඔය විදියට නගන චෝදනා අපහාසවලට ඇයට දවසක ස්වභාවධර්මය විසින්ම දඬුවම් දේවි.


courtesy to www.lakbima.lk.

නිරෝෂා පළමු වතාවට හෙළි කළ කතාවක්

මුලින්ම අපි ‘විටින් විට’ නමැති ඔබේම ගීතය ගැන කතා කරමු.....
ඇත්තෙන්ම එය මගේම ගීතයක්. ‘විටින් විට’ ගීත පදවැල, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය මගේමයි. ඒත් ගීත රචිකාවියක වීමේ හෝ සංගීත අධ්‍යක්ෂවරියක වීමේ හෝ අදහසින් නමෛයි මා ‘විටින් විට’ ලියන්න පටන් ගත්තේ. මගේ හිතට දැනුණු අදහස් පදවැල් විදියට ගලායන අතර තමයි ඔය ගීතය ලියැවුණේ. ඒක දැක්කම මට හිතුණා මෙම ගීතය කරන්න. එහි සංගීතයත් මමම නිර්මාණය කරන්න හිතුවා. ඒ විදියට තමයි එය නිර්මාණය වුණේ.
විටින් විට ප්‍රේම ගීතයක්ද?
“විටින් විට
මා නෙතට උනනා
කඳුළු කැටයක
අරුත සෙව්වෙමි...”
ඔය ගී පද වැල ප්‍රේම ගීතයක් තවත් අතීත ස්මරණයක් කිව්වත් වැරදි නැහැ. ඉදිරියේ දී ඒ ගීතය අහලාම
ප්‍රේක්ෂකයින්ට ඒ ගැන තීරණයක් ගන්න ඉඩ දෙමු.
 හුදකලා වුණු වෙලාවක ලියැවුණේ පෞද්ගලික අත්දැකීම් තුළින් හිතේ හිරවුණු දුක වේදනාවද?
(හිනැහී) ඕක ගොඩක් කලා නිර්මාණවල පසුබිම් වූ ‍පොදු සත්‍යයක්.
නිර්මාණකරුවන්ගේ පෞද්ගලික අත්දැකීම් , දුක් සුසුම් තමයි ඒ අයව නිර්මාණකරුවන් බවට පත් කළේ. මගේ ගීතයත් ඒ වගේ වෙන්න පුළුවන්.
නිරෝෂාගේ රසික පිරිසට ‘විටින් විට’ අසන්නට ලැබෙන්නේ කවදාද?
මැයි මාසයේ දී විතර තමයි එය එළිදක්වන්න හිතාගෙන ඉන්නේ...
විටින් විට තුළින් බිහි වූ නිරෝෂා විරාජිනී කියන සංගීත අධ්‍යක්ෂවරියගේ අනෙකුත් නිර්මාණ ගැනත් කතා කරමු...?
නිලාර් එන්. කාසිම් ලියපු ගීතයකුයි තවත් නවක ගීත රචකයෙක් ලියපු ගීතයකුයි සංගීතවත් කළා. ඒ ගීත දෙකම ගායනා කළෙත් මම.
ඔබ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඔබට  විතරමද?
මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ වෙනත් අය ගායනා කරන ගීතත් ඉදිරියේ දී අසන්නට ලැබේවි.
නිරෝෂා සංගීත චිත්‍රපට
අධ්‍යක්ෂවරියක වන්නට යන බවටත් ආරංචියක් තියෙනවා...
(හිනැහී) එහෙම ආරංචියක් තියෙනවා නම් ඒ ආරංචිය ඇත්තක් වෙන්න ඇති. හැබැයි ඒ ගැන මේ වෙලාවේ නම් මොකුත් කියන්න බැහැ.
ඇයි ඒ...?
ඒක විශේෂ හේතුවක්. ඉදිරියේ දී හෙළි කරන්නම්
කොහොමද සංගීත ඇකඩමියේ කටයුතු?
සාර්ථක ලෙස කෙරීගෙන යනවා. මගෙ සංගීත ඇකඩමියේ ළමයින්ගේ ප්‍රසංගයක් අප්‍රේල් මාසේ 25 වැනිදා හවස 6 ට සෝලීස් එකේ පැවැත්වෙනවා. ඒ කටයුතුත් එක්ක මගේ කාර්යබහුල බව වැඩි වෙලා.
ඒ කාර්යබහුලකමත් එක්ක පෞද්ගලික ජීවිතයත් යටපත් වෙලා යනවද?
ඇත්තෙන්ම ඔව්. පෞද්ගලික ජීවිතය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්.
ඒ වුණත්  ආදරයක අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා....?
මගෙ ජීවිතේ දිහා හැරිලා බැලුවම අද මට හිතෙනවා මාව මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ සංගීතය වෙනුවෙන් කියලා. ඉතින් මම සංගීතයත් එක්ක ජීවත් වෙනවා.
ආයෙ කවමදාකවත් නිරෝෂගෙ ජීවිතයට ආදරයක් ළංකරගන්නෙ නැද්ද?
ඒක නිශ්චිත උත්තරයක් දෙන්න අමාරු  ප්‍රශ්නයක්. අනාගතේ මොනවගේ වෙයිද දන්නෙ නැහැනේ.


courtesy to www.lakbima.lk.

ලිංගික ගින්නක දැවුණු වැඩිහිටියෝ මාව නිවසින් එළවා ගත්තා - අනෝමා ජනාදරී

- අනෝමා ජනාදරී
පාසල් කාලය සිහිපත් කළොත්?
anomaපස්වැනි වසර දක්වා මම ඉගෙන ගත්තේ දකුණු බටගම විද්‍යාලයේ. දෙවනුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසර දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සේ නිමලමරියා බාලිකා විද්‍යාලයෙන් තමයි (කොන්වන්ට්) උසස් පෙළ හැදෑරුවේ.
පාසල තමයි මගේ සිත නිවන ගුරුහරුකම් ලබපු තැන වුණේ. මොකද ගෙදර මට අපායක් වුණා. හේතුව තමයි අපේ ගෙදර පාලනය කළේ අම්මාවත් තාත්තාවත් ‍නෙවෙයි, බාප්පා නිසා. ගෙදර වැඩිමල් ගැහැණු දරුවා නිසා වැඩිහිටියන්ගේ වනචරකම් මට තේරුණා. හැබැයි මට ඒ තේරෙන එක ඒ අයට හිසරදයක් වුණා. ඒ නිසාම කුඩා කා‍ලේදීම මම බාප්පාගෙන් මානසික අතවරයටත් හිරිහැරයටත් ලක් වුණා. ඉතින් ඒ නිසා ඒ දවස්වල මම කරන්නේ ඉස්කෝලෙන් පස්සේ තියෙන විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා හවස් වෙලා ගෙදර එන එක. අන්තිමේදී මට ගෙදරින් සිදුවෙන අකටයුතුකම් ගැන සිස්ටර් ප්‍රින්සිපල්ට මම කිව්වා. ඇය මාව එක්ක ගෙන ගිහින් පල්ලියේදී ජේසුතුමා ඉදිරියේ මගේ දුක කියන්න ඉඩ සැලැස්සුවා. ඒකෙන් මගේ හිතට ලොකු සහනයක් ලැබුණා. මෑතකදී මම ලියපු ‘පුනරුක්ති’ කියන මගේ ජීවිත කතාවේ පළමු කොටසේදී මම මේ සේරම දේවල් ලියලා තියෙනවා.
පාසල් කා‍ලේදී මුහුණ දීපු අමතක නොවන සිදුවීම?
වයස අවුරුදු පහළොවේදී උසස් පෙළ කරන්න ඉන්දෙද්දී බාප්පාගේ උසිගැන්වීම පිට මගේ අම්මයි තාත්තයි මාව ගෙදරින් පිටමං කළා. ඒ සිදුවීම කුඩා ගැහැනු ළමයෙක් හැටියට මට දරා ගන්න බැරිවුණා. මහා ගංගාවක් වගේ මම ඇඬුවා. ඒ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත් වෙන ගෑනු ළමයෙක් නම් සියදිවි නසා ගන්නවා. එහෙමත් නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. ඒත් අන්තිමේදී මම හිතාගත්තා මේ අභියෝගය ජයගන්න නම් උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්නම ඕනේ කියලා.
ඉතින් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වුණාද?
උසස් පෙළ විභාගයේදී මට ඒ1 යි ඛි 3ක් ලැබුණා. උසස් පෙළ විභාගයට මුහුණ දීලා කලා විෂයන්ගෙන් මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. මට ඕනෑ වුණා ප්‍රතිඵලය අරගෙන ගිහින් ගෙදර අයට පෙන්නන්න. ඒ අය මාව කෙස් වැටියෙන් අල්ලලා එළියට විසි කෙරුවත් මගේම ධෛර්යයෙන් හා උගත්කමින් මම විභාගේ පාස් වුණ බව කියන්න. ඒ කා‍ලේ මාව නවත්තලා තිබුණේ මහල්වරාවේ ආච්චිලාගේ ගෙදර. ඇඳුම් සූට්කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මම අම්මලාගේ ගෙදර ගියා. ඒ යනකොට හවස් වෙලා. ගෙදරට ගිය ගමන් අම්මා තාත්තා මගෙන් ඇහුවේ “ඇයි උඹ ගෙදර ආවේ” කියලයි. බාප්පා කේන්තියෙන් ජනෙල් වීදුරුවක් බිඳලා “කවුද මේකිට ගෙදර එන්න දුන්නේ” කියලා ඇහුවාම කිව්වා “මම උසස් පෙළ පාස්වුණා, විශ්වවිද්‍යාලයටත් තේරුණා” කියලා. ඒත් ඒක ඒ අයට එතරම් වැදගත් දෙයක් හැටියට පෙනුණේ නැහැ. ඇත්තටම ඒ තුන් දෙනා ලිංගික ගින්නක දැවි දැවී හිටියේ. රාත්‍රිය ගත කරන්න විතරයි මට ගෙදර ඉන්න පුළුවන් වුණේ. පහුවදා පාන්දර කෝච්චියෙන් මගේ සූට් කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මට ආපහු හැරෙන්න සිද්ධ වුණා.
විශ්වවිද්‍යාල ජීවිතය ගෙවුණේ මොන විදිහටද?
විශ්වවිද්‍යාලයේදී හුඟක් යාළු මිත්‍රයන් හම්බ වුණා. ඒක මගේ හිතට සහනයක් වුණා. මම කලා සංගමයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. නාට්‍ය තරගවලින් මම හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. සුගතපාල ද  සිල්වා, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් අතින් මට සහතික සම්මාන ලැබුණා. මගේ දුක්ඛිත ජීවිතයට නාට්‍ය කලාව දිව ඔසුවක් කියලා ඒ කා‍ලේ මට වැටහුණා. ඒ වකවානුවේදීම ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳුණා. එහි ශිෂ්‍ය නායකයා වුණේ දයා පතිරණ. ඔහුගේ නායකත්වය යටතේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාල තුළ කිසිදු පක්ෂයකට ගැති නොවී කිසිදු පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව හිඳිමින් තමුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරම සිසු අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ කොහොමද කියලා අපි සැම දෙනාටම කියා දුන්නේ පතිරණ සහෝදරයා. මේ කාලෙදීම තමයි මම සෝවියට් මිත්‍රත්ව සංගමයේ නාට්‍ය කලා වැඩමුළුවට සම්බන්ධ වුණේ.
මේ වැඩමුළුවේ අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධන, දේශකවරු හැටියට සහභාගි වුණේ පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, වසන්ත විට්ටච්චි, මාව මේ වැඩමුළුවට යොමු කළේ විශ්වවිද්‍යා‍ලේම අයියා කෙනෙක් වන සමන් පුෂ්පලියනගේ.  නාට්‍ය කලා වැඩමුළුවෙන් පස්සේ ඩග්ලස් සිරිවර්ධනගේම හිට්ලර් නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. මම කවදාහරි නිළියක් හැටියට ඉදිරියට යනවා කියලා හිතා ගත්තේ මෙම වැඩමුළුවේදී ලබපු අධ්‍යාපනය නිසා.
ප්‍රේමය ගැන ලබපු පළමු අත්දැකීම?
උසස් පෙළ ලියන්න පන්තිවලට යනකොට මට හම්බ වුණා පිරිමි ළමයෙක් උපුල් කියලා. ඔහු මට ‍පොත් පත් සපයා දීමෙන් ගොඩක් උදව් කළා. ඒ හින්දාම ඔහු මං කෙරෙහි ඇල්මක් ඇති කරගෙන මට ආදරෙයි කිව්වා. ඔහු ගැන විශේෂ හැඟීමක් ගැහැනු ළමයෙකු හැටියට මට නොතිබුණත් මමත් ඔහුට කැමතියි කියලා කිව්වා. කොහොම හරි විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මම සමත්වුණා. ඔහු අසමත් වුණා. මම විශ්වවිද්‍යාලයට ගියා. ඔහු හමුදාවට බැඳුණා. තවමත් මගේ කලා ජීවිතය පිටුපස්සේ ඉඳන් මාව ආරක්ෂා කරන්නේ ඔහුයි.
ඔබේ විවාහය සිදුවුණේ කොහොමද?
විශ්වවිද්‍යාල අධ්‍යයන කාලයේදී මට හමුවුණු පෙම්වතා දරපු දේශපාලන මතය නිසා මටත් ඔහු දරපු අදහස් වක්‍රාකාරව දරන්න පෙළඹවීම්  ඇති කළා. ඒ කා‍ලේ ප්‍රේමය, සමාජවාදී, කලාව, රතු දේශපාලනය, එකට පටලැවිලා ගිනියම් වෙලා ඔළුව ඇතු‍ලේ කැකෑරෙන්න පටන් ගත්තා. ඒ කා‍ලේදීම තමයි පෙම්වතා හදපු නාට්‍යවල රඟපෑමටත් මම යොමු වුණේ. ඇත්තටම සමාජවාදී කලාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රේමය කියන්නේ මොනවද කියලා තේරුම් බේරුම් කරගන්නවාට වැඩිය ඒ දවස්වල  වේගයෙන් ගහගෙන යන හිතිවිලි එක්ක ‍පොර බඳිමින් අත්දැකීම්වලට මුහුණ දුන්නා කිව්වොත් තමයි හරි.
කොහොම හරි විශ්වවිද්‍යාලයේදී ඇතිවුණු ඒ ප්‍රේමය විවාහයක් දක්වා දුරදිග ගියා.
ඒ කා‍ලේ ගැහැණු ළමයෙක් හැටියට මම විශ්වාස කළේ ඔහුවයි. ඔහුත් එක්ක අපි දෙන්නාගේම වැරදි හදාගෙන කලාවෙන් සමාජවාදී දේශපාලනයක් කරන්න දැඩි අධිෂ්ඨානයකින් මම කටයුතු කළා. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළා. දරදිය ඇද්දා. ඒ අතරේ මරණාසන්න අත්දැකීම්වලටත් මුහුණ දෙන්න සිදුවුණා.
ඔබ වෘත්තීය නිළියක් බවට පත්වුණේ?
මම රඟපෑ වේදිකා නාට්‍ය වන හෙනා, මාඝාත, මකරාක්ෂයා, හිට්ලර්, ඊඩිපස්, ඊළඟට ටෙලිනාට්‍ය ප්‍රභාතය, දුන්හිඳ අද්දර, දියකැට, පහණ, සිත්තමින් සිහින, මේ නිර්මාණවල මම රඟපෑ චරිත උපරිම කුසලතාවයෙන් කළා කියන එක ඒවා නරඹපු මේ රටේ ජනතාව තීරණය කළා. ඒත් ක්‍රමානුකූලව මට තේරුණු දෙයක් තමයි පෙම්වතා සැමියා බවට පත්වීමේදී හා ඔහුගේ සමාජවාදී කලාවට දරදිය ඇදීමේදී ඔහුගේ වෘත්තීය ගොඩනංවා ගත්තාට, මගේ වෘත්තීය ඔහු පෙරළා අගය කරන්නේ නැහැ කියන එක. ඒත් එක්කම සමාජවාදයේ ප්‍රධානම ගුණාංගයක් වන සමානාත්මතාවය කලාවේදීවත්, විවාහ ජීවිතයේදීවත් ඉෂ්ඨ වෙන්නේ නැති වග මට තේරෙන්න පටන් ගත්තා. ඔය අතරේදී තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ සමාජවාදී කලාව වෙනුවෙන් අපි සමග සාමූහික වුණු කලාව කරපු කණ්ඩායම කලකිරීමෙන් ඈත් වෙන්න පටන් ගත්තේ.
ඇයි එවැන්නක් වුණේ?
කලාකරුවා සමාජවාදී කිව්වාට ඔහුගේ කලාව අග නගරයේදීත් විදෙස් රටවලත් ඇගයීමට ලක් කර ගන්න නම් කලාව මාකට් කරන්න වුණා. එතකොට ඒ සඳහා නිෂ්පාදන කළමනාකාරිනියක් මැදිහත් වුණා. ඇය තමන්ගේ වැඩේ විතරක් ‍නෙවෙයි අපේ ගෙදර ටොයිලට් එකට ටයිල් අල්ලන වැඩෙත් කරන්න වුණා. ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයන් නොදියුණු මිනිස්සු හැටියටත් වර්ග කරන්න වුණා. ඉතින් ඒ නිසා සාමාජිකයොත් හැලෙන්න පටන් ගත්තා. මම බිරිඳ නිසා අවසානයේදී මාව විතරක් ඉතිරි වුණා. ඒත් සමාජවාදී කලාව නේද? සැමියා නේද? කලාකරුවා නේද? දරුවෝ නේද? කියලා හිතන සාම්ප්‍රදායික ගැහැනියක් බවට පත්වෙලා, මම ඉවසාගෙන සිටියා. ඔය කාලෙදි තමයි ‘තනි තටුවෙන් පියාඹන්න’ කියන චිත්‍රපටය නිර්මාණය වුණේ.
මගේ වෘත්තිය ඇතු‍ලේ මගේ දායකත්වය අගය කළ යුතු මට්ටමේ මිල කළ යුතු මට්ටමේ රඟපෑමක් බව ඒ චිත්‍රපටයේ රංගනයෙන් මම ඔප්පු කළා. ඒ වාගේම මේ රටේ මානසිකව කායික දුක් විඳින ගැහැනුන්ට දිරියක් දෙන්න මම මගේ නිරුවතත් මේ චිත්‍රපටයට කැප කළා. හැබැයි ඒ වෙනකොට නිෂ්පාදන කළමනාකාරිනිය මගේ සැමියාගේ වෘත්තීය ජීවිතයත් ඔහුගේ ආත්මයත් අත්අඩංගුවට පත් කරගෙනයි තිබුණේ. ඉතින් මම පමණක් ‍නෙවෙයි අපි නියෝජනය කරපු සමාජවාදී දේශපාලන පක්ෂය පවා නිල වශයෙන් මේ තැනැත්තියට දැනුම් දුන්නා මේ කලාකරුවාගේ කලාවට අත නොතබන ලෙසට.
ඊට පස්සේ මොකද වුණේ?
සිදුවුණු දේවල් මුළු රටම දන්නවා. අවාසනාවන්ත ලෙස අපේ විවාහය දෙදරා ගියා. ඔවුන් දෙදෙනා අපේ නිවසින් මා එළවා දමන්නට සැලසුම් කළා. ඊළඟට සැලසුම් කරලා චිත්‍රපටයෙන් මා ඉවත් කළා. අවසානයේදී මම කුඩා කාලයේදී වගේ සූට්කේස් එකක ඇඳුම් ටික දමාගෙන එළියට බැස්සා.


courtesy to www.lakbima.lk.

බැරක් ඔබාමා මිචෙල් දැනටමත් දික්කසාද වෙලා?

Obama1ලෝකයේ  විවිධ රටවල විවිධාකාරයේ නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර  නම්, “ඇයි ඇමෙරිකානු ජනාධිපති”? යන්නය. ඇමෙරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු අතීතයේ සිටම සිටියහ. ඒ අතරින් බොහෝ දෙනකු පිළිබඳ විවිධ කටකතා ද අපි අසා ඇත්තෙමු. මෑත ඉතිහාසයේ අප ඇසූ හොඳම කතාව සම්බන්ධ වන්නේ බිල් ක්ලින්ටන්ටය. ඒ ගෑනු හුටපටයක් පිළිබඳවය. නමුත් වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පාලනය බාරගන්නා විට ඔහු ‘ලකුණු දමාගත්තේ’ සිය යහපත් පවුල් ජීවිතය ද ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරගනිමිනි. ඔහු සහ ඔහුගේ පවුල පිළිබඳ ලොව පුරා පුවත්පත් සහ සඟරා බොහෝ කතා කරන්නට ඇත. කෙසේ නමුත් පැණි වරකා ගසටත් හෙණ ගසනවා යැයි අපි අසා ඇත්තෙමු. බැරක් ඔමාබාගේ පවුල් ජීවිතය නමැති පැණි වරකා ගසටත් හෙණ ගසාගෙන එන්නේ දැයි සිතෙන තරම් කතා දැන් දැන් ආරංචි වේ. නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල මොහොතේ ඔහු සිය බිරිඳ වූ මිචෙල් ඔබාමා පසෙක සිටියදී ඔබාමා ඩෙන්මාර්ක් අගමැතිවරිය වූ හෙ‍ලේ තෝර්නින්ග් සමග අමුතු ආකාරයේ කතාබහක යෙදී සිටින ආකාරයත්, මිචෙල් ඔබාමා පැත්තකට වී පිපිරෙමින් සිටින ආකාරයත් දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර ගියේය. දැන් ලැබෙන ආරංචිවලට අනුව තත්ත්වය තවත් දරුණු වී ඇති බැව් පෙනෙන්නට තිබේ.
Obamaඅඬන්නට සිටින මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වැනි වැඩක් ද පසුගිය දවසක සිදුවිය. ඒ රුසියානු නායකයකු වූ ව්ලැදිමීර් සිරිනොව්ස්කි පවසා තිබුණේ වඩාත් සාර්ථක නායකයකු වන්නට නම් ඔබාමා අනිවාර්යයෙන්ම මිචෙල්ගෙන් දික්කසාද විය යුතු බවයි. රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයකු වූ ඔහු මෙවැනි ‘පපුවට පිහියෙන් අනිනවාක්’ වැනි ප්‍රකාශ නිකුත් කිරීමට රුසියෙකු සහ හපනෙකු බව ද පැවැසේ. ඔහු තවදුරටත් පවසා සිටියේ මිචෙල් යනු ආකර්ෂණීය බලපෑමක් ඇතිකරන ගැහැනියක නොවන බවය. එනිසා ඔබාමාට ඇති ජනප්‍රියත්වය අඩුවිය හැකි බවය. ඔහු විශ්වාස කරන පරිදි සෑම ලෝක නායකයකුම යම්කිසි ප්‍රසිද්ධියට පත්වන වැඩකට දායක විය යුතුය. ඔහු පවසන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන් වඩාත් කාර්යක්ෂම නායකයකු බවට පත්කරන්නට මොනිකා ලෙවින්සිගේ ‘වැඩකටයුතු’ හේතු වූ බවය. කෙසේ නමුත් 2013 සිය දික්කසාදයෙන් පසුව වඩාත් කාර්යක්ෂම නායකයකු වූ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ කිසිවක් හෝ සඳහන් නොකරන්නට ද ඔහු වග බලා ගත්තේය.
අනෙක් අතට තමා දික්කසාද වන්නට සැරසෙන බවට පැතිර යන කටකතා සමග සටනක් කරන්නට ද ජනපති ඔබාමාට දැන් සිදුව තිබේ. මෙය මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන උණුසුම්ම පුවත බවට පත්වී ඇත. මිචෙල් ඔබාමා රහසේම දික්කසාදවීමක් සම්බන්ධව නීති උපදෙස් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබි තිබේ. ඇය දික්කසාද නඩුවෙන් බැරක් ඔබාමාගේ දේපළවලින් අඩක් ද ඉල්ලා සිටින්නට සැරසෙන බව පැවැසේ.
ජනපති ඔබාමාගේ ධුර කාලයෙන් අනතුරුව ඔහු හැදී වැඩුණු හවායි කරා යාමට නියමිත බැව් පැවැසේ. මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා වොෂිංටන් ඩී.සී. හි නතර වනු ඇත. ඔබාමා දික්කසාදවන්නට සැරසෙන බවට කටකතාවක් පැතිර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නමුත් මෙවර එය තරමක් දරුණු ආකාරයක් ගෙන ඇති බැව් පෙනේ.
බැරක් ඔබාමා නත්තල් උත්සවය සඳහා හවායි කරා ගිය අවස්ථාවේදී ඔහුගේ අනියම් සම්බන්ධයක් පිළිබඳව යමෙක් මිචෙල්ට පවසා ඇත. ඔබාමා එක්තරා කාන්තාවක සමග හිඳ මිචෙල්ගේ අතටම අසු වූ පුවතක් ද වාර්තාවන අතර එය සියලු මාධ්‍යවලින් වසන් කරන්නට ජනපතිවරයාගේ රහස් සේවාව කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හා බිරිඳ අතර ගැටුමක් ද හටගෙන ඇති බැව් වාර්තා වේ.
මේ ගැටුමෙන් පසුව මිචෙල්, සිය දියණියන් සහ ජනපතිවරයා සමග එක ගුවන් යානයේ වොෂිංටන් කරා පැමිණීම ද ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් Obama2ජනපතිවරයා සමග දියණියන් දෙදෙනා වොෂිංටන් කරා ගොස් ඇති අතර මිචෙල් පසුව තනිවම පැමිණ ඇත. ඇය ජනපතිවරයා සමග වූ සිත් අමනාපය නිසා සතියකටත් වැඩි කාලයක් හවායි හි නැවතී සිට ඇති අතර ජනපති මාධ්‍යවලින් ඒ පිළිබඳ පවසා ඇත්තේ ජනපති බැරක් ඔබාමා මිචෙල්ගේ උපන් දිනය වෙනුවෙන් ඇයට හවායි හි සතියක නිවාඩුවක් ගතකිරීමට වරප්‍රසාදයක් දී ඇති බවය. මෙය ජනපති මාධ්‍ය විසින් ‘අතේ පැළකරන’ ලද්දක් බැව් කියනු ලැබේ.
ධවල මන්දිරයෙන් ලැබෙන දූෂමාන ආරංචිවලට අනුව නම් ජනපති යුවළ දැනටමත් දික්කසාද වී හමාරය. නමුත් ජනපති ධුරය අවසන්වන තෙක් ලෝකයාට පෙනෙන සේ ඔවුහු තවමත් ‘පවුල් කන’ බව ප්‍රදර්ශනය කරති. අනෙක මිචෙල්, බැරක් ඔබාමා සමග එක කුටියේ සැතපීමෙන් ද වැළකී වෙනම කාමරයක පදිංචි වී සිටින බැව් ද පැවැසේ. එමෙන්ම චිකාගෝ හි ඇති ඔවුනට ඇති නිවහනේ වූ බැරක් ඔබාමාට අයත් බඩු බාහිරාදිය ඉවත් කරන්නට ද මිචෙල් ක්‍රියාමාර්ග ගෙන ඇති බැව් පැවැසේ. කෙසේ හෝ මේවා හුදෙක් කටකතා පමණක් නොවන බව අපට ද හැඟී යන්නේ ගින්නක් නැතිව දුමක් නොනගී යන අපේ පිරුළ සිහියට නැංවෙන විටය.


courtesy to www.lakbima.lk.

සමහර වෙබ් අඩවි මේවනවිටත් මගේ රහස දන්නවා

"සමහර වෙබ් අඩවි මේවනවිටත් මගේ රහස දන්නවා" 

Facebook වෙබ් අඩවිය ඔස්සේ පැමිණි phishing පණිවිඩයක් වරදවා වටහාගැනීම හේතුවෙන් උපේක්ෂා ස්වර්ණමාලි අපහසුතාවයට පත්වූ පුවත අප මෙයට පෙර හෙළිකරනු ලැබුවා. 

Facebook policies කඩකර ඇති හෙයින් උපේක්ෂාගේ ෆේස්බුක් ගිණුම පැය 24 ක් තුල ඉවත්කරන බවත් එය වැලක්වීමට ඔවුන් ලබාදී ඇති සබැඳිය ඔස්සේ ෆේස්බුක් වෙත එන ලෙස උපේක්ෂා වෙත පණිවිඩයක් ලැබී තිබුන අතර ඇය එම පණිවිඩය වටහාගෙන තිබුනේ ඇගේ සතුරන් විසින් ඇයගේ ගිණුමට සිදුකරනු ලැබූ ක්‍රියාවක් ලෙසිනි. 

මේ සම්බන්ධව අපගේ පුවතින් පසු පුවත්පතකට ඇය පවසා තිබුනේ මෙවැන්නකි.

උපේක්ෂා මොකක්ද මේ සිදුවූ සිදුවීම
පසුගියදාක මට ඊ මේල් එකක් ආවා. මගේ facebook ගිණුම වසන්නට යන බව තමයි එහි සඳහන් වුණේ. ඒ නිසා මගේ සියලු විස්තර දන්වන ලෙස එහි සඳහන් වී තිබුණා.


එහෙම දෙයක් සිදුවන්නට හේතුව?
සාමාන්‍යයෙන් facebook හරහා කෙනෙකුට හෝ පිරිසකට හානිදායක ආකාරයේ කටයුතු කරනවා නම් ඒ ගැන පැමිණිලි ලැබුණොත් මේ විදියට එම ගිණුම CANCEL කිරීමක් වනවා ඒත් මගේ ගිණුම හරහා කිසිම වැරදි දෙයක් සමාජයට මුදා හැරලා නැහැ. ඒ නිසා මගේ facebook ගිණුම අවලංගු කරන්න හේතුවක් නැහැ.


එහෙම නම් මෙවැනි දැනුම් දීමක් සිදු කෙරුණේ ?

ඒ ගැන මා facebook ආයතනයෙන් විමසුවා. එතැනින් මට එවැනි ඊමේල් එකක් එවලා නැති බව දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම සොයා බලද්දි දැනගත්තා මෙය කවුරුන් හෝ කෙනෙකු විසින් කළ දෙයක් බව.


එවැන්නක් කරන්නට හේතුව?
මගේ facebook ගිණුම නවතා දමන බවත් පැය 24 ක් තුළ මගේ තොරතුරු එවන ලෙසත් එම ඊ මේල් එකේ තිබුණානේ. මගේ ඒ තොරතුරු ලබාගන්න තමයි ඒ විදියට ඊ මේල් එකක් එවලා තියෙන්නේ. මගෙ තොරතුරු අතර මගෙ කේ‍රඩිට්කාඩ්වල තොරතුරු පවා අහලා තිබුණා. ඒ තොරතුරු දැනගන්න තමයි මේ දේ කරල තියෙන්නේ.


ඔබ මේ වෙනුවෙන් මොනවද කළේ..?
අදාළ නීතිමය කටයුතු කෙරේවි. මට ඒ ගැන සොයා බලන්න වෙලාවක් නැහැ. නමුත් මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කිරීම යුතුකම. මොකද ඔය වගේ ඊ මේල් තවත් අයට ලැබිල තියෙන බව මට දැන ගන්න ලැබුණා. 


එම ඊ මේල් එක විශ්වාස කරලා තමන්ගෙ පෞද්ගලික තොරතුරු විශේෂයෙන් තමන්ගෙ කේ‍රඩිට්කාඩ් වැනි දේවල් ගැන තොරතුරු දන්වා යවන අයත් ඇති. මම මේ වේලාවේ හැමෝටම කියන්නේ ඔවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම තමන්ගෙ තොරතුරු තමන්ගෙ facebook එකට දානකොටත් ටිකක් සැලකිලිමත් වන්න කියල මම කියනවා. 

මම විදෙස් සංචාරවල යද්දීත් මම ඒ ගැන facebookඑකට දාන්නේ සංචාරයට ගිහින් ඇවිත්. අන්තර්ජාලය කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. නමුත් මේ වගේ පුද්ගලයින් හින්දා අපිට සැලකිලිමත්වයි එය පරිහරණය කරන්න වෙන්නේ.මම විවේකීව ඉන්න වේලාවට අන්තර්ජාලයේ සැරිසරල “උපේක්ෂා ස්වර්ණමාලි” ගේ facebook ගිණුම් පරීක්ෂා කරලා තියෙනවා. දැනට මට ඒ විදෙස් ගිණුම් 57 ක් විතර තිබෙන බව දැනගන්න ලැබිල තියෙනවා.

මේ කටයුතු අතර විවාහයත් ළඟ ළඟම එනවා නේද?
(හිනැහී) ලබන වසර මුලදි විතර.


ඇයි ඉතින් තවම ප්‍රේමවන්තයාගේ තොරතුරු හෙළි කරන්නේ නැත්තේ...?
අවසාන මොහොත වෙනතුරු ඔහුගේ තොරතුරු රහසක් විදියට රැකගන්න අහිංසක ප්‍රයත්නයක් දරනවා. ඒත් සමහර වබේ අඩවිවලට ඒ රහස මේ වෙද්දිත් හෙළි වෙලා. ඒ වුණත් කමක් නැහැ. ඉදිරියේදී ඒ තොරතුරු හෙළි කරන්නන්. දැනට මම නිහඬවනවා.


විවාහය ලබන වසර මුලදි සිදුකරනවා නම් මේ වෙද්දිත් ඒ සඳහා සූදානම්වනවා ඇති...
කිසිම සූදානමක් නැහැ. මොකද ලොකුවට උත්සවයක් ගන්න අදහසක් මට නැහැ.


ඇයි ඒ...?
දික්කසාදය කියන්නේ හරිම නීරස අත් දැකීමක්. ඒත් මම ඒ අත්දැකීම වින්දා. ඒක රටම දන්න පුවතක්. ඉතින් මගෙ දෙවැනි විවාහය ‍පෝරුවේ චාරිත්‍ර කරලා මහා ලොකු උත්සවයක් සමරලා පවත්වන්න මම කැමති නැහැ. මේක ඉතාම චාම් විවාහයක් වේවි.

වෙඩි තබා බිම හෙළු ගුවන් යානයේ නවතම තතු (දෙවන කොටස)

යුක්රේන රජය විසින් ඊයේ දින රාත්‍රියේ, වෙඩි තබා බිම හෙලු ගුවන් යානයේ සිටි මිය ගිය කුඩා දරුවෙකුගේ ජයාරූප පෙන්වමින් එම දරුවාගේ ලේ ඇත්තේ පූටින්ගේ දෑතෙහි බව විකාශයකොට ඇත. 

එම ජායාරූපය පළකිරීමෙන් අනතුරුව යුක්රේන රාජ්‍යය උපදේශක ඇන්ටන් කියා සිටියේ පුංචි බිලිඳෙකුගේ දේහය මඩ ගොඩක් උඩ වැටි තිබෙන දර්ශනය වේදනාකාරී බවයි. එම ජායාරූපය ඩේලි මේල් වෙබ් අඩවිය පවා පළකිරීම ප්‍රතික්ෂේපකොට තිබේ.

ඒඩ්ස් සමුළුවට ගිය විදේශ නියෝජිතයන් මරුමුවට
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්හිදී පැවැත්වෙන එ්ඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි හෙළිවී තිබේ. එ් බව ඕස්ටේ‍්‍රලියානු රජය විසින්ද තහවුරු කර ඇත.

එ්ඞ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.




ගුවන් කලාපය වර්ජනය කරයි

මෙම යානය නැෙඟනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති.


අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් රටවල් කටයුතු කර තිබුණු අතර ගුවන් අනතුරින් පසු චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මිසයිල ප්‍රහාරය බෙදුම්වාදී කැරලිකරුවන්ගෙන්
යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල ඛළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම ප්‍රහාරයේ වගකිවයුතු පිරිස කවුරුන්දැයි යන්න මේවනවිටත් හෙළිවී ඇත.


ප්‍රහාරයට අණ දුන හඬපට එලියට
රුසියාවට සහය පළකරන යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් සහ රුසියානු බුද්ධි අංශ නිලධාරියකු අතර සිදුවූ දුරකතන සංවාද දෙකක් මේවනවිට මාධ්‍යය වෙත නිකුත්කොට ඇත.
එම සංවාද මගින් හෙළිවන කරුණුවලට අනුව යුක්රේනයට යුද අවි ගෙන එනු ලබන යානයක් බව සැකකරමින් යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට යුක්රේන හමුදා අනාවරණය කර ඇත.

මෙම මිසයිල ප‍්‍රහාරය පිළිබඳ යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන්ගේ අණදෙන නිලධාරියකු වන ඉගෝර් බෙස්ලර් හා රුසියානු බුද්ධි අංශ නිලධාරි වසිලි ජෙරනින් අතර සිදුවූ සංවාදය යුක්රේන හමුදා විසින් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ මෙසේ ය.

බෙස්ලර් - අපි යානය පහත හෙළුවා. මිනෙරා කණ්ඩායම, යානය යෙනැකීවෝ වෙත වැටෙන්නට ඇති.
ජෙරනින් - ගුවන් නියමුවන්. ගුවන් නියමුවන් කොහෙද?
බෙස්ලර් - යානයේ ඡුායාරූප ගන්නවා. එය තවමත් දුම් දමමින් තිබෙන්නේ.
ජෙරනින් - මිනිත්තු කීයකට කලින් ද?
බෙස්ලර් - මිනිත්තු 30කට කලින්.

( ‘මේජර්’ සහ ‘ග‍්‍රීක්’ ලෙසින් හඳුනාගැනුණු යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් දෙදෙනා අතර වූ සංවාදයෙන් හෙළිව ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 25ක් උතුරු දෙසින් ස්ථානගතව සිටින යුක්රේන බෙදුම්වාදී කැරළිකාර කණ්ඩායම විසින් රොකට් ප‍්‍රහාරය එල්ල කර ඇති බවය.‘මේජර්’ නමැත්තා එම අවස්ථාවේදී අනතුර වූ ස්ථානයේ සිට ඇති අතර, ‘ග‍්‍රීක්’ නමැත්තා සමඟ සිදුවූ සංවාදය මගින් අනතුරට හේතු අනාවරණය වී ඇත)

‘යානයේ මොනවගේ අවි ද තිබුණේ?’
‘ඇත්තෙන්ම අවි කිසිවක් නැහැ. සිවිල් භාණ්ඩ පමණයි. ප‍්‍රතිකාර කරන භාණ්ඩ, තුවා, සනීපාරක්ෂක භාණ්ඩ’
‘මොනවාහරි ලියකියවිලි තියෙනවද?’
‘ඔව්. තොම්සන් විශ්ව විද්‍යාලයේ ඉන්දුනීසියානු සිසුවෙකුගේ ලියවිලි වගයක්..’

එම හඬපටය අහන්න පහලින්



මළසිරුරු වලට ආරක්ෂාව දෙන්න කැරලිකරුවෝ එකඟ වෙයි
MH17 යානය කඩා වැටුණු යුක්‍රේන – රුසියා දේශ සීමා ප්‍රදේශයට සහන සේවකයින්ට සහ ආරක්ෂක නිලධාරීන්ට ඇතුළු වීම සඳහා ඉඩ දීමට යුක්‍රේන කැරලිකරුවන් එකඟ වී තිබේ. ඔවුන් මැලේසියානු බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, කඩා වැටුණු යානයේ සුන්බුන් සහ මළ සිරුරු ආරක්ෂා කිරීමට ද ඔවුන් පොරොන්දු වන බව ය. 


මෙයට පෙර එම ස්ථානයට පැමිණීමට උත්සාහ කල රාජ්‍යය තාන්ත්‍රිකයන්ට වෙඩි තැබීමට උත්සාහ කල හෙයින් පසුව ඔවුන් සමග කල පණිවුඩ හුවමෘවකින් අනතුරුව මැලේසියානු බලධාරීන්ට එම ස්ථානයට පැමිණීමට අවස්තාව ලබාදී ඇත.

අනතුරට කලින් මෝදි හා පූටින් එකම ගුවන් මගේ 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානය ප‍්‍රහාරය වීමට පැය 2කට පෙර එම ස්ථානයෙන් අහසේ පියාසර කර ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.


පූටින් රැුගත් ගුවන් යානය ඛේදවාචකය සිදුවීමෙන් පැයකට පසු ගමන් කොට ඇති බව සඳහන් වෙයි. ඛේදවාචකයට ලක්වූ මලයාසියානු ගුවන් යානයත් පූටින් රැුගත් ගුවන් යානයත් බාහිර පෙනුමෙන් එක හා සමාන බවත් ඔවුන් පූටින්ට සිදුකල ඉලක්කය මැලේසියානු ගුවන් යානයේ වැදී ඇති බවටද මේවනවිට මත පලවෙමින් පවතී.

ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වෙයි
මේ අතර යුක්රේන අග‍්‍රාමාත්‍ය අර්සේනි යැට්සෙන්යුක් චෝදනා කර ඇත්තේ මෙය රුසියාව විසින් කරන ලද ජාත්‍යන්තර අපරාධයක් බවයි. මේ අතර, ගුවන් අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ. 


එහිදී බි‍්‍රතාන්‍යය විසින් යෝජනා කර ඇත්තේ අනතුර පිළිබඳ විස්තරාත්මක, පූර්ණ ස්වාධීන විමර්ශන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි. අනතුරුව මෙම අනතුර පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත.

අතුරුදන් වූ MH370 පිලිබඳ නැවතත් කතාබහක්
යුක්‍රේන දේශ සීමාවේදී කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් MH17 යානය කඩා වැටීමේ සිද්ධිය හරහා MH370 යානයට සිදුවූයේද එම ඉරණමද යන්න පිලිබඳ මේවනවිට කතාබහක් ඇතිවෙමින් පවතී. මැලේසියාවේ සිට චීනය බලා පියාසර කරමින් සිටි එම යානය අතුරුදන් වුයේ මගීන් 239 දෙනෙකු සමගිනි. 


එම යානයට ඇමෙරිකාවේ හෝ තායි ප්‍රහාරයක් එල්ලවූ බවට නයිජල් කෝතෝන් විසින් රචනා කල Flight MH370: The Mystery නමැති ග්‍රන්ථයේ සඳහන් වන අතර එය සත්‍යයක් වියහැකි බවට මෙම සිදුවීමත් සමග ලොව පුරා කතාබහක් ඇතිවී ඇත.

අනතුරට ලක්වීමට ප්‍රථම ගුවන් යානයේ ඇතුලත දර්ශන
අනතුරට පත් වූ MH17 ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළින් පිටත්ව යාමට ආසන්නයේ එතුළ සිටි මගියෙකු ලබාගත් වීඩියෝ දර්ශනයක් ඉන්ස්ටග්රෑම් වෙබ් අඩවියට මුදාහැර තිබේ. 

සචිත්‍රගේ දවා ගැනීම ලෝක ක්‍රිකට් කමිටුවත් පිළිගනියි

මාන්කාඩ් ක්‍රමයට පිතිකරුවෙක් දවාගැනීමට පන්දු යවන්නෙක්ට අයිතියක් ඇති බවත්, එය නීත්‍යානුකූල බවත්, එහෙයින් එම ක්‍රමයේ කිසිඳු වෙනසක් ඇතිකිරීමට අවශ්‍ය නොවන බවත් එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව වසින් එකහෙලා අනුමත කර තිබේ.
ලෝක ක්‍රිකට් කමිටුව  ලන්ඩනයේදි දින දෙකක් පුරා මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ එම නීතියේ වෙනසක් අවශ්‍ය නොවන බවයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එංගලන්තයේ පැවැති එක්දින තරගාවලියේ සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් මාන්කාඩ් ක්‍රමයට දවාගත් අතර එය ක්‍රිකට් ලෝකයේ බොහෝසෙයින් කතා බහට ලක්විය.
එංගලන්ත නායක මයික් බෙයාර්ලේ , ස්ටීව් වෝ, රාහුල් ඩ්‍රාවිඩ්, ඇන්ඩෘ ස්ට්‍රාව්ස්, හා ශෝන් පොලොක් ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.
මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් එම්.සී.සී. ය පවසන්නේ මාන්කාඩ් ක්‍රමයට පිතිකරුවෙක් දවාගනැනීම කිසිලෙසකින්වත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට බාධාවක් ඇති නොවන බවයි.

Friday, July 18, 2014

සංගීතාගේ නිරුවත නැවතත් ආන්දෝලනයට

සංගීතා වීරරත්න සහ රන්ජන් රාමනායක විසින් චරිත නිරුපනය කල වැඩිහිටියන්ට පමණක් සීමා වූ "බහු භාර්යා" චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක කථිකාවතක් ඇතිවී තිබේ.
ඒ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසුරිය විසින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙනි.

උදයකාන්ත විසින් සති අන්ත පුවත්පතක අතිරේකයකසම්මුඛ සාකච්ජාවකදී පවසා තිබුනේ චිත්‍රපටයේ ඇති සියලුම නිරුවත් දර්ශන ආදේශන නිළියක භාවිතා කිරීමකින් තොරව සංගීත විසින්ම පෙනී සිටි ඒවා බවයි. උදයකාන්තගේ එම ප්‍රකාශය බලන්න පහතින්.


"චිත්‍රපටය නිර්මාණය කළේ වැඩිහිටියන්ට පමණයි කියන තේමාව යටතේ. ඇත්තටම මේ කතා තේමාවවත් ළමයින්ට සුදුසු නෑ. සංගීතා මේ චිත්‍රපටයේ ලිංගික දර්ශන නියමාකාරයෙන් රඟපෑවේ නැත්නම් ඒ දර්ශනවලට වෙනත් ආදේශක නිළියක් ගන්න මගේ අදහසක් තිබුණා. ඒ නිසා සංගීතාට මම කල්තියාම පැහැදිලි කිරීමක් කළා. නමුත් ඇය චරිතය භාරගන්න බැහැයි කිව්වේ නෑ.

බහුභාර්යා චිත්‍රපටයේදී අධ්‍යක්‍ෂවරයා විදියට මට විශාල වගකීමක් පැවරුණා. ඒ හිටියේ ලංකාවේ අතිශය ජනප්‍රිය වෙලා හිටපු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඔවුන්ගේ චරිතවලට මේ නිසා කිසිදු හානියක් වෙන්න බෑ. ඒ නිසා ලිංගික දර්ශන රූගත කරද්දී සියලුම සුළු තාක්‍ෂණික ශිල්පීන්ව දර්ශන තලයෙන් ඉවත් කළා."


උදයකාන්ත විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය හමුවේ සංගීතා කලකිරී ඇත්තේ වෙළඳපොලේ හා අන්තර්ජාලයේ ඇති බහු බාර්යා චිත්‍රපටයේ පිටපත්වල චිත්‍රපටයේ අඩංගු නොවන ඇතැම් දර්ශනද එකතුකොට තිබීම හේතුවෙනි.

චිත්‍රපටයේ ඇතැම් දර්ශන සඳහා සංගීතාගේ අඩ නිරුවත් දර්ශන පෙන්වන අතරවාරයේ නිරුවත් පියයුරු යුවලක් ද එම දර්ශන සඳහා එකතුකොට තිබුණි.

කෙසේ නමුත් පසුව මෙම හේතුව නිසාවෙන්ම උදයකාන්ත වර්ණසුරිය විසින් නැවතත් ප්‍රකාශකොට තිබුනේ තමා ඩී.වී.ඩී පටයේ අන්තර්ගතයට වග නොකියන බවත් චිත්‍රපටයේ දර්ශන සම්බන්ධයෙන් පමණක් අදහස් පලකල බවත් යනුවෙනි.

ආන්දෝලනයට ලක්වූ එම චිත්‍රපටයට අලුතින් එකතු කරන ලද කොටස සහිතව සංස්කරණය කරන ලද වීඩියෝව පහතින්.

සටහන: මෙම වීඩියෝව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වූවක් නිසා 18ට අඩු අය නැරඹීමෙන් වලකින්න.

තිස්ස නාගොඩවිතාන "හිස් ටින් එක" දෙරණටම බාර දෙයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ පස්වන අදියරේ ජයග්‍රහණය කල එම්.ජී ධනුෂ්ක අතිශයින් ජනප්‍රියත්වයට පත්වුයේ "හිස් ටින් එකක් වාගේ" ගීතය ගායනා කිරීමත් සමගිනි.

1973 වසරේ තිරගත වූ "දැන් මතකද" චිත්‍රපටයේ ගීතයක් වන "හිස් ටින් එකක්" ගායනා කරනු ලබන්නේ අල්හාජ් මොහිදින් බෙග්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා විසිනි. සිරිල් ඒ. සීලවිමල විසින් රචනා කල ගීතය සංගීතවත් කොට ඇත්තේ පී.එල්.ඒ. සෝමපාල විසිනි.

මෙම චිත්‍රපටයේ වත්මන් හිමිකම ඇත්තේ තිස්ස නාගොඩවිතාන හට වන අතර ඔහු විසින් එම චිත්‍රපටයේ "හිස් ටින් එකක්" ගීතය දෙරණ ආයතනයට පවරා දී ඇතැයි වාර්තා වේ.


එයට හේතු වී ඇත්තේ ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්ක මගින් එම ගීතය වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වීමයි. තිස්ස නාගොඩ විතාන මහතා එසේ පරිත්‍යාග සිදුකරද්දී එම්.එස් ප්‍රනාන්දුගේ ගීතවල හිමිකාරිත්වය ඇති පිරිස් ධනුෂ්ක වෙත දන්වා ඇත්තේ එම්.එස් ගේ ගීත තවදුරටත් ගායනා කිරීමෙන් වලකින ලෙසය.
හිස් ටින් එකක් මුල් ගීතය.



ධනුෂ්ක ගායනා කරන "හිස් ටින් එකක්" ගීතය.

ඩයලොග් ආයතනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

ඩයලොග් දුරකථන සමාගම විසින් තම පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් එවන ප්‍රවර්ධන කෙටි පණිවිඩ හා ස්වයංක්‍රීය දුරකථන ඇමතුම් වලට විරෝධය පලකොට අන්තර්ජාල පෙත්සමක් change.org හරහා ඉදිරිපත් කොට තිබේ. 

මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා යොමුකරන කෙටි පණිවුඩ ඩයලොග් ආයතනය වෙත දැනුම් දීමෙන් අනතුරුව නවතාලිය හැකිවුවත් නැවතත් ටික කලකින් ඔවුන් එම සේවාව ආරම්භ කරන හෙයින් මෙම පෙත්සම ආරම්භ කොට ඇත. 

එම පෙත්සම මගින් පෙන්වාදී ඇත්තේ ග්‍රාහකයින් 1000000 කට තත්පර 15 ක වෙළඳ දැන්වීමක් යැවුවහොත් උපකල්පනය කරහොත්සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යන බවයි. 

මෙම ගැටළුව සිදුවන්නේ ඩයලොග් ආයතනයෙන් පමණක් නොවන අතර මොබිටෙල්, එයාර් ටෙල්, පීසා හට්, ෆැෂන් බග් හා තවත් බොහෝ ආයතන වලින්ද මෙවන් කෙටි පණිවුඩ ලැබේ. 

යම් කිසි ආයතනයකට ඔබ දුරකථනය අංකය ලබා දීමෙන් අනතුරුව ඔවුන් විසින් එම අංක ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සිදුකරනු අතර එසේ දුරකථන අංකය ලබා දෙන්නේ නොමැතිව ඔබගේ දුරකථන අංකය වෙත ප්‍රවර්ධන පණිවිඩ එවන්නේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිවේ. 

එම පෙත්සම බලන්න මෙතනින්

වෙඩි තබා බිම හෙළු ගුවන් යානයේ නවතම තතු

ගුවන් යානා නාශක අවි යොදාගනිමින් බිම හෙලන ලද මැලේසියානු ගුවන් යානය පිලිබඳ මේවනවිට ලොව පුරා ආන්දෝලනයක් ඇතිවී තිබේ. ගුවන් අනතුරකටත් වඩා වෙඩි තබා ගුවන් යානය විනාශ කිරීම බොහෝ අයගේ දුකටත් වේදනාවටත් හේතුව වී ඇත. ගුවන් යානය වෙඩි තබා බිම හෙලීමේ වගකීම රුසියාව විසින් යුක්රේනයටත්, යුක්රේනය විසින් රුසියාවටත් පවරමින් සිටී.

රුසියානු යුක්රේන ගැටුමේ සුලමුල

යුක්රේන හමුදා හෙලිකොප්ටර් යානාවක් රුසියානු හිතවාදී කැරලිකරුවන් වෙඩි තබා බිම හෙළීමත් සමග දෙපාර්ශ්වය අතර ඇති කරගත් යුද විරාමය පසුගිය මාසයේ දෙදරා දෙදරාගොස් ඇත.


ජුනි මස 22 වනදා යුක්රේන රජයත්, කැරලිකරුවන් සමග සටන් විරාමයට අත්සන් තබා පැය කිහිපයක් ගතවීමත් සමග මෙලෙස කැරලිකරුවන් හෙලිකොප්ටර් යානයට වෙඩි තබා ඇත.නවීන ගිනිඅවිවලින් සන්නද්ධ කැරලිකරුවන් එරට නැගෙනහිරට ආසන්න ප්‍රදේශවල පිහිටි රජයේ ගොඩනැගිලි ඇතුළු යුදමය වශයෙන් වැඩි වටිනාකමකින් යුත් ස්ථානවල පාලනය සියතට ගෙන ඇත.

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් බලය යළිත් යුක්රේන රජය වෙතට ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් බවත්, යුක්රේන ජනපති පෙටේ‍රා ‍පොරොශෙන්කො කැරලිකරුවන්ගෙන් පාලනය බලය යළි ලබා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් යුක්රේන හිතවාදී ජනයා කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ඉතා තදින් ප්‍රති ප්‍රහාර එල්ල කරන ලෙසට යුක්රේන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරයි. මෙම ජනතා ඉල්ලීමට යුක්රේන රජය කන්දීමට මැළිකමක් දක්වන්නේ කැරලිකරුවන්ට රුසියානු ආරක්ෂක අංශ සහාය ලබාදීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යම් ආකාරයකින් කැරලිකරුවන් හට ප්‍රබල ප්‍රහාරයක් යුක්රේනය විසින් කළහොත් එයට රුසියානු රජය දක්වන ප්‍රතිචාරය යහපත් නොවන්නට ඉඩ ඇතැයි විශ්‍ලේෂකයන් මත පළ කරයි.

කෙසේ වෙතත් කැරලිකරුවන් අමානුෂීය ලෙස කටයුතු කිරීම හේතුවෙන් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිවිල් වැසියන් 420 දෙනකුට අධික පිරිසක් මරණයට පත්ව ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මේරි හාෆ් පවසා ඇත්තේ යුක්රේන අර්බුදය අඩි දෙකක් ඉදිරියට තබා එක් අඩියක් පසුපසට තබා ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රකාශකවරිය කියා සිටියේ මෙම පියවර ආරම්භයක් ලෙස සලකමින් තිරසාර විසඳුමක් ඉක්මනින් බලා‍පොරොත්තු වන බවයි.මේ අතර රුසියානු අගමැති ව්ලැඩ්මීර් පුටින් කියා සිටියේ යුක්රේන බලධාරීන් කැරලිකරුවන් සමග සෘජුව සාකච්ඡා කර තිරසාර විසඳුමකට එළැඹිය යුතු බවයි

ගුවන් අනතුරින් පසු පූටින්ගේ නිවේදනය

ගුවන් අනතුරින් පසු වහා නිවේදනයක් නිකුත් කල රුසියානු ජනපති ව්ලැඩිමියර් ව්ලැඩීමිරොවිච් පූටින් කියා සිටින්නේ ප්‍රහාරයට වගකිව යුත්තේ යුක්රේන රජය බවත් එය රුසියාවේ හෝ රුසියානු කැරලිකරුවන්ගේ වැඩක් නොවන බවය. මෙවන් සිදුවීම් මෙම දේශයේ සාමය තිබුනානම් ඇති නොවීමට ඉඩ තිබුණු බවද ඔහු විසින් ඔහුගේ ප්‍රකාශයේ දක්වා ඇත.

ගුවන් යානය බිම හෙලීමට යොදාගත් තාක්ෂණය

MH17 zගුවන් යානය බෝයින්ග් ගුවන් යානා සමාගමේ Boeing 777-200 වර්ගයේ ගුවන් යානයකි. එය අනතුරට පත්ව ඇත්තේ අඩි 33,000 ක් ඉහල අහසේදීය. යානයේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් බෝයින් සමාගම විසින් දැනටමත් ආරම්භ කොට ඇත. ගුවන් යානය බිම හෙලා තිබුනේ BUK නම් මිසයිල පද්ධතියක් මගිනි.

මෙම මිසයිල පද්ධතියට එකවර මිසයිල හතරක් දැමිය හැකි අතර එක් මිසයිලයක් අඩි 18 ක් දිග වන අතර බර කිලෝ 70 කි. මතුපිට සොයාගොස් විනාශකරන ආකාරයේ (sophisticated surface-to-air missile ) මිසයිල වන මේවා හට අඩි 72,000 ක් පමණ ඉහල අහසට ගොස් ගුවන් යානා විනාශ කල හැක.

BUK මිසයිලයක් එල්ලකිරීමට සූදානම් වන ජායාරූපයක් පහතින්.



යානයේ ගමන්ගත් මගීන්

අනතුරට ලක්වනවිට ගුවන් යානයේ මගීන් 295 ක් ගමන් කල අතර ඒ අතර නෙදර්ලන්ත ජාතිකයන් 154 දෙනෙකුත්, ඕස්ට්‍රේලියානු ජාතිකයන් 27 දෙනෙකුත්, මැලේසියානු ජාතිකයන් 23 දෙනෙකුත්, ඉන්දුනිස්යන් ජාතිකයන් 11 දෙනෙකුත්, බ්‍රිතාන්‍යය ජාතිකයන් 6 දෙනෙකුත්, ජර්මන් ජාතිකයන් 4 දෙනෙකුත්, බෙල්ජියම් ජාතිකයන් 4 දෙනෙකු, පිලිපීන ජාතිකයින් තිදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකුද ගමන්කොට තිබේ.

ඉතිරි 41 දෙනා කුමන ජාතිකයන්ද යන්න තවමත් හඳුනා නොගෙන අතර ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයන් ගමන් ගත්තේද යන්න පිළිබඳවද ලංකා විසින් පරීක්ෂණයක් ආරම්භකොට තිබේ.

රුසියානු කැරලිකරුවන්ගේ දුරකථන සංවාදයක් එලියට

රුසියානු ජනපතිවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන යුක්රේන පෙටේ‍රා ‍පොරොශෙන්කො පවසා සිටින්නේ මෙම අනතුර සම්බන්ධව වහා අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙසය. යුක්රේන පුවත්පතක් විසින් රුසියානු කැරලිකරුවන්ගේ බුද්ධි අංශය මගින් හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

මේජර් : මැලේසියන් ගුවන් යානයක් බිම හෙලනු ලැබුවා...මේක අනිවාර්යයෙන් මගීන් ගමන් ගත ගුවන් යානයක්...ගොඩක් මිනිස්සු මේකේ ගිහින් තියෙනවා...

ග්‍රීක් : මොන ජාතියේ ගුවන් යානයක්ද?

මේජර් : මට තවම කියන්න බැහැ..මම තවම අනතුර සිදුවූ ස්ථානයට ගියේ නැහැ.. මම ඔබට කිව්වේ අනතුරින් පස්සේ ඇද වැටුණු සිරුරු අතින් නිරීක්ෂණය කරලයි...


ග්‍රීක් : ඔතන ප්‍රහාර එල්ලවූ මිසයිලයේ කොටස් තියෙනවද.

මේජර් : ඇත්තටම නෑ..මල සිරුරු විතරයි..ඖෂධ වර්ග, තුවා,,ටොයිලට් පේපර්..

ග්‍රීක් : මුකුත් ලියවිලි තියෙනවද?

මේජර් : ඔව් ඉන්දුනිසියාවේ විශ්ව විද්‍යාල සිදුවෙකුගේ ලියල්විලි තියෙනවා.

ඇත්තක් වූ විහිළුව

cor pon නමැති ගුවන් මගියෙකු ගුවන් යානයේ පිටත් වීමට පෙර ගුවන් යානය පිටත් වෙමට පෙර ගුවන් යානයේ ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොට පවසා තිබුනේ :ගුවන් යානය හදිසියේ හරි අතුරුදන් වුවත් ඒක මෙන්න මේ විදියයි.." ඔහු ඉන් අදහස් කොට තිබුනේ මෙයට කලකට පෙර නැතිවූ MH370 ගුවන් යානය පිලිබඳවය. එහිදී ඔහුට විහිලු කල යහළුවන් ආරක්ෂාකාරී ගුවන් ගමනක් සඳහා සුබ පතා ඇත.




රුසියාවට සම්බාධක

මෙම ගුවන් යානා අනතුර , අනතුරක් නොවන බවත් එය අහසේදී පුපුරා හරින බවත් පවසන ඇමෙරිකාව, රුසියානු කැරලිකරුවන්ට අනුබල දෙන රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරනයකොට ඇතැයි වාර්තා වේ.

ගුවන් යානය බිම හෙලීමෙන් පසු ට්විටර් පණිවිඩය

දුරකථන සංවාදයේදී ඇති එක් කටහඬක් ලෙස සැක කෙරෙන Igor Strelkov කොමාන්ඩෝ වරයා ට්විටර් ඔස්සේ ගුවන් යානය බිම හෙලීමෙන් පසු "අපි ඔබට අනතුරු ඇගෙව්වා...අපේ අහසේ පියාසර කරන්න එපා කියලා.." යනුවෙන් පලකොට ඇති අතර පසුව ජාත්‍යන්තරයේ ඇතිවූ කැලඹීමත් සමග එය ඉවත්කොටගෙන ඇත.

ගුවන් යානයේ ගමන් මග පිලිබඳ සැකයක්

මෙවැනි අනතුරු දායක "ගුවන් යානා රහිත කලාපයක්" ආසන්නයේ ගමන් කල ගුවන් යානයේ නියමුවන් ලැබුණු අනතුරු පණිවුඩ මගහැර ඇති බව එරට බලධාරීන් විශ්වාස කර සිටී. ගුවන් යානා තහනම් කලාපයට මදක් ඇතින් ගමන්කරන විට ගුවන් යානයට වෙඩි තබා බිම හෙලා තිබුණි.

මේ සම්බන්ධව ගුවන් යානා නියමු විශේෂඥයන් පවසන්නේ ගුවන් යානයේ නියමුවන් අනතුරු ඇඟවීම් නොසලකා ගමන කෙටි කරගැනීම උදෙසා "ගුණ යානා රහිත කලාපය ආසානනයෙන්ම ගමන්කොට ඇති බවයි..

ගුවන් යානා අනතුරෙන් පසු ජායාරූප එකතුවක් පහතින් බලන්න.

 

Tuesday, July 15, 2014

‘ගිනිසිළුව’ හොලිවුඩ් පවුල ගිනි අරන්

 සිනමා රංගනයට එක්වී කෙටි කලකින්ම ජනප්‍රියත්වයක් හිමිකර ගත් මල්ලිකා ෂෙරවට් නම් වූ මේ හැඩකාරිය, බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් සිනමාවටත් අවතීර්ණ වුණා. හොලිවුඩයේ චිත්‍රපට කිහිපයක රඟන්නට වරම් ලද ඇය ප්‍රංශයේ පැවැත්වෙන ලෝකප්‍රකට කාන්ස් සිනමා උලෙළට සහභාගිවීමටත් වරම් ලැබුවා. ලෝක සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනකු සමඟ කතාබහ කර ඔවුන් සමඟ හිතවත්කම් ගොඩනඟාගන්නට මල්ලිකාට හැකි වුණේ ඉන්පසුවයි. ඒ අතර සිටි ස්පාඤ්ඤ සිනමාවෙන් ලොවට එක්වූ ඇන්ටෝනියෝ බැන්ඩරොස් නම් වූ ප්‍රවීණ නළුවා මල්ලිකා සමඟ පැවැත්වූයේ හුදු හිතවත්කමක්ම නොවෙයි. ඊට එහා ගිය සමීප සබඳකමක්. නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු වන ඇන්ටෝනියෝ, මල්ලිකා සමඟ සමීප සබඳකමකට මුලපුරා ඇත්තේ 2012 දී. මෙය, තහනම් ප්‍රේමයක්. පනස්තුන් වියැති ඇන්ටෝනියෝ විවාහකයෙක්. ඔහු‍ෙග් බිරිය, මෙලනී ග්‍රිෆිත්. ඇය, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්.
මීට වසර දෙකකට පෙර ඇන්ටෝනියෝට මල්ලිකාව මුණගැසුණේ ඇමෙරිකාවේ එක්තරා හෝටලයක පැවැත්වුණු සුපිරි සාදයකදී. එහිදී මල්ලිකාගේ රුව දැකීමෙන් මෝහනයට පත්වූ ඇන්ටෝනියෝ තමන් සමඟ ආලිංගන නැටුමකට එක්වන ලෙස ඇයට ඇරයුම් කළා. ඒ ඇරයුම නොපැකිළව පිළිගත් ඇය, ඔහු සමඟ අනුරාගය වෑහෙන රැඟුමක් ඉදිරිපත් කළේ අවට සිටි අය විස්මයට පත් කරවමින්. මේ රංගනය වීඩියෝ ගත කෙරුණු බව මේ කිසිවකු දැන සිටියේ නැහැ. කාටත් හොරෙන් මේ රංගනය වීඩියෝ ගත කළේ මල්ලිකාගේ වේෂ නිරූපණ ශිල්පියකු වන අයිවන් බිටන්. 2012 මැයි 25 දා ඇන්ටෝනියෝ සහ මල්ලිකා නැටූ මේ නැටුම වීඩියෝ ගතවී වසර දෙකක්ම සැඟවී තිබුණා.
මෙය, එක්තරා වෙබ් අඩවියකින් එළියට ආවේ මෑතකදී මේ අතර තුර කාලයේ දී ඇන්ටෝනියෝ සහ මල්ලිකා ඉතා සමීපව ඇසුරු කර තිබෙනවා. මේ බව ඇන්ටෝනියෝ ‍ගේ බිරිය කිසිවක් දැන සිටියේ නැහැ. ඒත් මල්ලිකා, ඇන්ටෝනියෝ සමඟ රටවල් කිහිපයක සංචාරය කරලා. ඒ විතරක් නොවෙයි, මේ සංචාරවලදී මල්ලිකා, ඇන්ටෝනියෝගේ පවුලේ ඥාතීන්ව ද හමුවී තිබෙන බවයි පැවසෙන්නේ.
මේ කාරණා කටයුතු ඇන්ටෝනියෝගේ බිරියට දැනගන්නට ලැබී ඇත්තේ මෑතකදී. ඒ ගැන බෙහෙවින් කම්පාවට පත්වූ ඇය පසුගිය ජූනි 6 දා තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඇන්ටෝනියෝගෙන් වෙන්වීමටයි. මේ ගැන ඇන්ටෝනියෝ මල්ලිකාටවත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත්, බොලිවුඩයේ ගිනිසිළුවක් වූ මල්ලිකා ෂෙරවට් මේ වන විට පවුල් ගිනි තබන ගිනි දැල්ලක් වී ඇති බවයි සමහරු පවසන්නේ.

උදයන්තිගේ ක්ෂණික දේ...


සිනහවෙන් පිරි සෝබමාන රුවක්‌ වුවද උදයන්ති කුලතුංග ටිකක්‌ කේන්ති යන කෙනෙක්‌ කියලා අපට දැනගන්න ලැබුණා. "රතු කට්‌ට පැනපු තැන" සඳහා අපි අද කතා කළේ ඇයට...
පොඩි කාලේ ඉඳලාම උදයන්ති ප්‍රසිද්ධ කේන්තිකාරියක්‌ කියලා කතාවක්‌ තියෙනවා...

ටිකක්‌ මට කේන්ති යනවා... හැබැයි ඒ ක්‍ෂණික කේන්තිය තමයි. ඉස්‌කෝලේ යන කාලේදී නම් ටිකක්‌ කේන්ති යනවා අඩුයි. චූටිම කාලේ ගෙදර අයත් එක්‌කත් කේන්ති යනවලු...

ඒ කියන්නේ එදා ඉඳලම උදයන්ති කුකුල් කේන්තිකාරියක්‌...?

ටිකක්‌ වැඩිපුර කේන්ති යන්න පටන් ගත්තේ මේ මෑතක ඉඳන් ෂූටිං යන්න පටන් ගත්තට පස්‌සේ තමයි. ෂූටිං කරන තැන ලොකු පිරිසක්‌ ඉන්නවනේ, සෙනඟ මැද්දේ මොකක්‌ හරි වුණොත් ටක්‌ ගාලා කේන්ති යනවා. ඒ වෙලාවට බනිනවා... බැනලා විනාඩි දෙකෙන් ආයිත් හොඳයි.

කේන්ති ගියොත් ඒක පිට කරන එක හොඳයි නේ. ඒ කේන්ති ගන්නෙත් සාධාරණ කාරණයකට තමයි. එතකොට කවුරුහරි හැදෙනවා නේ...

ළඟදි එහෙම කේන්ති ගියේ කොහේදිද...

මේ ළඟදි "සොඳුරු සිතැත්ති" කියන නාට්‍යයේ ෂූටිං කරනකොට එහෙම දෙයක්‌ වුණා. ඒ ලොකේෂන් එකේ කරන්ට්‌ එකත් නැහැ. තව සීන් දෙකයි තිබුණේ. ඒ දෙක කරාම ඒ ලොකේෂන් එක ඉවරයි. මම වෙලාව බලාගෙන හිටියා. ෂූටිං ඉවර වුණේ නැහැ. මම කිව්වා "මට බැහැ" කියලා. එතකොට ඩිරෙක්‌ටරුත් ගියා. කැමරාමනුත් ගියා. ඒගොල්ලෝ මට තරහ යනවා කියල දැනගෙන හිටියේ නැහැ. ඊට පස්‌සේ මම කූල්වෙලා ආයෙත් ෂූටිං කරන්න ගියා. මම ඉතිං තරහ ගියාට පස්‌සේ හිටියටත් වඩා µsට්‌ නිසා කවුරුත් ඒක ගණන් ගත්තේ නැහැ.

උදයන්තිගෙ කේන්ති යැමට වැඩියෙන්ම ලක්‌වෙලා තියෙන්නේ කවුද...

අම්මා තමයි... මම ඉතිං අම්මත් එක්‌ක නේ ඉන්නේ.... අම්මා එක්‌ක තමයි කේන්ති ගන්නේ... අම්මා මට පොඩි දේටත් බනිනවා. එතකොට කේන්ති යනවා. යාළුකමත් එහෙමමයි.

ඔය අතරවාරයේදී රතු කට්‌ට පැනලා කේන්ති අරගෙන එහෙම නැද්ද...

එහෙම කේන්ති යන්නෙත් නැහැ. මගේ මූණ නපුරු වේගෙන එනකොට මාව ආශ්‍රය කරන අය දන්නවා. මේ ළඟදි එක දෙයක්‌ වුණා, මගේ හොඳම යාළුවෙක්‌ තමයි ශානි. ශානියි මමයි දවසක්‌ අපි අඳුනන පිරිමි ළමයෙක්‌ව මගේ කාර් එකේ දාගෙන ආවා. එයා නැග්ග වෙලාවේ ඉඳන් කියවනවා. ඉවරයක්‌ නැහැ... මට ඒ වෙලාවේ කේන්ති ගියා. වාහනේ පාරෙන් නතර කරලා ඔයා අපේ යාළුවෙක්‌ නිසයි දාගෙන ආවේ... ඔයත් එක්‌ක යන්න බැහැනේ. කරුණාකරලා බහින්න" කියලා පාරෙන් බස්‌සලා ආවා. ශානිට හිතුනලු තව ඩිංගෙන් ඉවරයි තමයි කියලා. ඒත් ඒ යාළුවා තරහ වුණේ නැහැ.

සමහර වෙලාවට කට කතා හැදෙනවා. වෙබ් සයිට්‌වල එක එක කතා යනවා. එතකොට කේන්ති යනවා ඇති නේද...?

කේන්ති යන්නේ නැහැ. එතකොට මට හොඳටම දුක හිතෙනවා. මම ඒ වෙලාවට කරන්නේ ගෙදරට වෙලා අඬන එක. කේන්තිය, දුකට පෙරළෙනවා. සමහර වෙලාවට ඒවා දාපු අය කතා කරලත් තියෙනවා. ඒත් කේන්ති අරගන්නේ නැහැ...


කොල්ලො කියන්නෙම බොරු




කිසි දෙයක් ලොකුටව හිතට අරගන්නෙ නෑ






සේවාදායකයන් සමඟ යහනේම මරු වැළඳගත් ගණිකාවෝ


දැනටමත් තරුණියෝ රැසක් අමාරුවේ වැටිලා..!! ඔබත් ප්‍රවේසම් වන්න


උදාරි හේමාල්ගේ බඩගින්න නිවයි....

මාස 11ක තම පුතු මරා දමා Facebook පිටුවේ පළ කළ මවක්


බොලිවුඩයේ රහස් ඔත්තුකාරියන්