Tuesday, September 30, 2014

ඉන්දියාවේ සුදු ව්‍යාඝ්‍රයා සපා කෑ තරුණයාගේ ජායාරුපය අන්තර්ජාලයට


ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත්වූ පුවත ලෝකයම කම්පා කළා. අප මේ සිද්දියේ    නවතම විඩියෝ පටය පසුගියදා වාර්තා කළා ඒ වගේම දැන් සුළු මොහොතකට පෙර ඒ මියගිය තරුණයාගේ ජායාරුපයක් අන්තර්ජාලයට එක්  උනා.
මෙන්න ඒ ජායාරුපය 



මුලින්ම මාධයට ඔහු පාසල් සිසුවෙක් ලෙස වාර්තා උනත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසි හැවිරිදි කර්මාන්තශාලා සේවකයෙකු බවයි.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, ඔහු  සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට පැන ඇති බවයි.

අද දහවල් 1.30ට පමණ ඔහු ව්‍යාඝ්‍ර කුටියටපැන  ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් බවයි.

මෙන්න අපට වාර්තා උන ඒ සිද්දියේ වීඩියෝව

උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් අපයෝජනයට

උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක්
අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති නිකවැරටිය - රස්නායකපුර ග‍්‍රාමිය රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරීවරයාට ලබන 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත‍්‍රාත් දීපානි කොඩිතුවක්කු ඊයේ (25* නියෝග කළා.මහෙෂ්ත‍්‍රාත්වරිය මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ එවකට රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාව සිටි මීගමුව වෙන්දේසිවත්තේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.මංජුල ශ‍්‍රි තුෂාර නැමැත්තාටයි.2012 වසරේදී වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී තමන්ව මෙම වෛද්‍යවරයා අපයෝජනයට ලක්කළ බවට අදාළ කාන්තාව නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබුණාය.

KIM KARDASIAN Givenchy show එකට අඩ නිරුවතින් එයි


























දඩමස් සමඟ බලූ මස්

හම්බන්තොට වන සතුන් මරා දඩමස් විකිණීම සමඟ බලූ මස් ද විකිණීමේ ජාවාරමක පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
මේ දිනවල පවතින නියඟය හමුවේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිඳී ගොස් ඇති වැව් සහ ජලාශ වලට දිය සොයා පැමිණෙන මුව රංචු මරා මස් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කි‍්‍රයාත්මක බව නෙත් නිවුස් මීට පෙරද හෙළි කළා.
 
එහෙත් නවතම අනාවරණයට අනුව එලෙස වනසතුන්ගේ මස් සම`ග බලූ මස් ද එක්කර අලෙවි කරන බවයි හෙළි වී ඇත්තේ.
 
හම්බන්තොට වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක W.A. ගුණතුංග මහතා පැවසුවේ හම්බන්තොට තම්මැන්නාව වැව රක්ෂිත ප‍්‍රදේශයේ තිබී මරා දමන ලද බල්ලන්ගේ හිස් කබල් පමනක් හමු වීම මෙම සැකයට හේතු වී ඇති බවයි.
ඡායාරූප - සනත් ගමගේ
1 2 3 4
 
http://nethfm.com

මන්ත්‍රී මල් එවනකොට අනර්කලී තවකෙකු සමග ඉතාලියට යයි

අනර්කලීගේ 27 වන උපන්දිනය පැවැත්වුනේ පසුගිය ජුලි මාසයේදීය. 

ජුලි මාසයේදී පැවති ඇගේ උපන්දිනය උදෙසා මේ දිනවල ඇයත් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටින මෙයට පෙර මේ දිනවල අලුත් පෙම්වතෙක් සොයාගෙන සිටින, ෆේස්බුක් වසාගෙන සිටින නිවේදිකාවක් මෙන්ම රංගන ශිලිපිනියක සමග හාද වී සිටි මන්ත්‍රී වරයෙකු ඇගේ නිවසට මිල අධික මල් කළඹක් සමග උපන්දින සුභ පැතුමක් යවා තිබේ. 

නමුත් එම මල් කලඹට අනර්කලී ස්පර්ෂ කිරීමේ භාග්‍යයවත් උදා නොවුයේ ඇය ඒ වනවිට තවකෙකු හා ඉතාලි ගොස් සිටි හෙයිනි.
http://www.gossipbook.lk

රත්නපුරේ ගුටි කෑ බට්ටීගේ පාපොච්චාරණය

තමන්ට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ බට්ටී නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාව මාධ්‍යය වෙත පවසා තිබේ. රත්නපුර,කනාදොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය එම සැරයන්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකල බව ඇය මාධ්‍යය වෙත පවසා තිබේ.

තමාගේ නැති බැරි කමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා තමන් යම් මුදලක් සොයාගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. 
 
ඇය මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවන් කතාවකි. 
 
"ඒ මහත්තයාගේ නම මම දන්නේ නෑ.සතියකට උඩදී මාත් එක්ක යන්න කතා කළා.මම කිව්වා බෑ කියලා..මම එක එයාට කල් ඇතුවම කිව්වා..ඊට පස්සේ ඇවිල්ලා ආයෙත් යන්න කතා කළා..තුන්වෙනි දවසෙත් මට ඇවිත් කතා කළා.. මම කිව්වා බෑ කියලා..ඊට පස්සේ ගංගා කියල ගෑනු කෙනෙක්ට කෝල් කරලා කියලා තියෙනවා මේකි ගාවට ගිහින් මේකිට ගහලා රණ්ඩු කරපන් කියලා..ගංගා මට ඇවිත් කුණුහරුපෙන් බැන්නා..මමත් බැන්න..බැන්නට පස්සේ ආපහු කෝල් කරලා කියලා තියෙනවා මහත්තයට ඇවිත් මට ගහන්න කියලා..මහත්තයා ඇවිත් හරි වැරැද්ද බැලුවේ නෑ..මට ඇවිත් බැන්න තොට කියල තියෙනවා නේද මෙතනට එන්න එපා කියලා මට වයර් කෑල්ලකින් ගැහුවා..බිම දාගෙන මට අතින් පයින් ගැහුවා.."
batti
http://offair.nethfm.com

වාරියපොළ තරුණිය මිලියනක වන්දි ඉල්ලයි!

වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා නැමැති තරුණිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියනයක වන්දියක් ඉල්ලා තිබේ.
 
ඇය සිය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන්නේ ඇය පහරදුන් චන්ද්‍ර කුමාර (සෙල්වා), වාරියපොළ පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපත්වරියක, වාරියපොළ පොලිස් ස්ථානාධිපති, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස්පති හා නීතිපතියි.
http://offair.nethfm.com

මිතුරා සමග දියනෑමට ගොස් ඔහු දියේ ගිලූනු පසු ඇඳුම් ස`ගවා පළා ගිය පස මිතුරෝ

අද කාලයේ විනාශවී යන මානව ගුණධර්ම අතරට හිතවත්කම මිතුරුකමද එක්ව තිඛෙනවා.
තම මිතුරා සමග නාන්නට ගොස් ඔහු දියේ ගිලී මියගියවිට නිවැසියන්ට ඇත්ත කියන්න වේයැයි බයට මිතුරාගේ ඇඳුම් වළදමා ගෙවල් වෙත පළාගිය පසමිතුරන් තිදෙනෙකු ගැන පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිතුරාගේ දෙමාපියන්ට ඔවුන් පවසා ඇත්තේ ඔහු තමන් සමග සිට කොහෙදෝ ගිය බවත් සිද්ධවූ දෙයක් දන්නැති බවත්ය.
29 දා උදෑසන කහතුඩුව අධිවේගී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක සිටි අයෙක් කහතුඩුව අධිවේග පිවිසුම් මාර්ගය අසලින් ගලා බසින රිළාගල ඇළේ සිරුරක් දිය මත පාවෙමින් තිඛෙනු දැක
ඒ ගැන පැවසීමෙන් පසුව මියගිය අයගේ මළ සිරුර සොයාගෙන තිබුණා.
ඔහු දියට බැස්ස ස්ථානයේ සිට කිමී. 2 ක් පමණ පහළ ස්ථානයක තිබී මෙම මළ සිරුර හමුවුණා. මෙම සිද්ධියෙන් මියගියේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙකු වූ හෂාන් විමුක්තියි.
මිතුරන් තිදෙනකු සමග හෂාන් පසුගිය 27 වැනි සෙනසුරාදා පොල්ගස්ඕවිට රිළාගල ඇළේ දිය නෑමට ගොස් තිබුණ නමුත් ඔහු නැවත නිවසට

මිතුරන් සමග නොපැමිණි නිසා නිවැසියන් ඔවුන්ගෙන් විමසීමේදී zඅපිත් එක්ක එයා ඉඳලා කලින් ගියා..කොහේ ගියාද දන්නෙ නෑ..Z යයි පවසා තිබුණා.
නිවැසියන් මේ නිසා කලබල වූ අතර ඔහු අතුරුදන්වීමේ අභිරහස ගැන පොලිසියට මාධ්‍යයට දන්වන්නටද ක්‍රියා කළා.
ඔහුට වුණ දේ දැනදැනත් මිතුරන් තමන් ගැන සිතා ඒ මරණය රහසක් වශයෙන් තබාගෙන සිටියා.

අධිවේගී මාර්ගයේ ලොරි රථ හිමියා දුන් ඔත්තුවට අනුව හෂාන් මිය ගිය පුවත කවුරුත් දැනගත්තේ 28 දා රාත්‍රියේය. මේ පිළිබඳ පසුව කෙරුණු පොලිස් පරීක්ෂණ වලදී මියගිය අයගේ මිතුරන් බොරු කියූ බව හෙලි වුණා.

ඔවුන් මෙම මිතුරාගේ ඇඳුම් සැ`ගවූ ස්ථානයද පොලිසියට පෙන්වුවා. තමන් සමග ගිය හෂාන් මිය ගිය බව කිව්වේ නම් තමන්ට ප්‍රශ්න ඇතිවේ යයි බියවී මෙම බොරුව ගෙතූ බව ඔවුන් පාපොච්චාරණය කළා.
මියගිය හෂාන්ගේ සිරුර හමුවන විට එය ඉදිමී විරූප වී ගොස් තිබුණා.

හෂාන්ගෙ නිවස අසළම සිටියා කියන හොඳම මිතුරාවන තරි`දු මේ ගමනට එක්ව තිබුණ අතර ඔහු මේ මරණය ගැන සැක සහිතව කියන ආකාරය දැක ඔහුගේ පියා මිතුරාට වුණ දේ නැවත නැවත අසද්දී ඔළුවේ අත තියා දිවුරා කියා ඇත්තේ zෆාමසියට ගිහින් ආවා ඊට පස්සේ මොකුත් දන්නේ නෑ තාත්තේ Z කියා පමණි.

පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මියගිය හෂාන් විමුක්තිට තවත් වැඩිමහල් සොයුරියක සිටී.
හෂාන් සමග ගිය මිතුරන් තිදෙනා ඔහු දියේ ගසාගෙන ගිය පසු බේරාගන්නට බැරි බව තේරුම් ගත් නමුත් සිද්ධිය කාටවත් නොකියා පළා යන්නට තීරණය කර තිබුණා. ඔහු නාන්ට පෙර ඇළ අසළ රඳවා තිබුණ ඇඳුම් පැළ\ුම් හා සෙරෙප්පු දෙක ඇළ අයිනේ වළලා දැමූ ඔවුන් ෆෝන් එක ස`ගවාගෙන එය විසන්ධි කර තිබුණා.

පසමිතුරන් විසින් මරණය පවා ස`ගවනු ලැබූ පසු හෂාන්ගේ පාවෙන මළ සිරුර අහම්ඛෙන් හමු නොවූයේ නම් මෙම සිද්ධිය මේ වනතුරු අභිරහසක් වන්නට ඉඩ තිබුණා.



ටයිටැනික් නිරුවත උඩින් අත්සන දාන්න බැරිව රෝස් දුකින්


සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ර`ගපෑ හොලිවුඩ් නිළි කේට් වින්ස්ලට්
පරණ කතන්දරයක් නිසා කම්පනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරනවා.

1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත්‍රපටය නිසා ඇය ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වූ අතර අනතුරුව ඇය ර`ගපෑ චිත්‍රපට රාශියක් තුළද කැපී පෙනෙන භූමිකාවන්හි නිරතවුණා.
ඇය ටයිටැනික්හිදී නිරුවතින් සිටිමින් දියමන්ති මාලයක් පමණක් පැළඳ ර`ගපෑ ජවනිකාවට ලැබුණ ප්‍රතිචාරයක් නිසා ඇය මෙම කම්පනයට ලක්ව ඇත.


තමාගේ උඩුකය නිරුවත් ජායාරූපයේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තමා සොයා පැමිණෙන රසිකයින් නිසා තමා දැන් අපහසුවට පත්ව සිටින බවත් ඒ කාලයේ ඒ ගැන තැකීමක් නැතිවුණත් දැන් වර්ෂ 17 කට පසු තමාගේ තලස්තෑනි වයසේදී මේ ආකාරයේ දෙයකට අත්සන් දාන්න යාම තරමක් චකිතයක් හා කම්පනයක් ඇති කරවන අවස්ථාවක් බවත් ඇය කියා සිටිනවා.
තමන් දැන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන බව කේට් වින්ස්ලට් පවසනවා.


ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්

වර්තමාන සමාජය තුල විවාහ යට සාපේක්ෂවම දික්කසාද වීම් ,පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්දනයක් දක්නට ලැබේ.මේසදහා ඛෙහේවින්ම ලිංගික අතෘප්තිකරබාවය .එනම් තම සහකරුවා හො සහාකාරිය ගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හො තම සහකරුවා හො සහාකාරිය තමාගෙන් තෘපතිමත් නොවීම යන කරුනු මේසදහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකි බාවය නිසා .වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිපලය දරුවන් අසරනවීම, පවුල් සස්තාව වුලෙන් අවුලට පත්වීමයි. මෙම ලිපිය එවැනිතත්වයක් ඇතිවන්නේ ඇයිදැයි කියාහො දැනගැනීම.සදහා ද ඒතුලින් එවැනි තත්වයන් යම්තාක් දුරකට හො මගහරවා ගැනීම පිනිසම වන්නේය.


වැදගත්
මෙහිදක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග්‍රහයන්‍ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය  හැක



මේස ලග්නය
ජීවයේ ආරම්බය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ
ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාෂිය සම්බන්ද වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවීතිබේ
මේෂ ජන්මියාගේ කාම රාග බව  ප්‍රතිලිංගිකයාගේ  ප්‍රමොදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි.
ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ  පවිත්‍ර දෘෂ්ටි ඇති වුකල  මේත්තවය වඩාත් දියුනු කරයි...........................
තවත් මෙවැනි දේ පහල ලින්කුව ඔබන්න ඔබ නොදත් කරුණු රැසක්





වෘෂභ ලග්නය
බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීවන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්‍රතිලිංගිකයන් ප්‍රබල  ලෙස නෙසන්සුන් බවලට පමුණුවන්නෝය.වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතුවාසනා ලද පුද්ගලයන් වේ.මොහු ලිංගි කටයුතුවලදි ඉතාදක්ෂලෙස ප්‍රතිලිංගිකයා වසගකරගනී...................................



මිථුන ලග්නය.
යුවති පතීදදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල අෂා ඇති අය බව පැහැදිලි වේ.මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව ,සෘංගාර රසික බව මොවුන්ගේ සභාවයො වෙති.මොවුන් සවකීය සම් භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ග කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශය කින් වැළද ගනු ලබයි. මොහු විසින් තරුණ සමය ‍ගෙවනු ලබන්නේ ස්වකීය  අභ්‍යන්තර වේගයන් සමග සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රෙම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ
මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ.මොහු එකම රසයෙන් හැමවි සතුටු නොවේ.මෙවැන්නෙක් සමග විවාහවීසිටින තැනැත්තා ඒපිළිබදව දැනිගත තුයුය.............................................



කටක ලග්නය
කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති .සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරේහි ගරු කරන මෙ අය රස  රස මවන්නොද නොවෙති.තමන්ගේ රස ලොලත්වය අන්යන් කේරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි.හැකි හැම අවදියකම අන්යන්ට නොතේරේන අයු‍රින් තමන්ගේ අදහස් කියවේ යෙදවීමට උත්සාහ කරයි.සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සගවාගෙන කටයුතු කරන්නො වෙති.............................

සිංහ ලග්නය
සිංහ ලග්නහිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකීයාවන්ට පෙලඛෙන්නො නොවෙති.සවකීය කාම රාග බව උදාර අන්දමින් බුක්තිවිදිමට මොවුන්තුල ‍අපේක්ෂාව ඇත.මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් ඛෙහොකරුන අවුල්වීමට ඉඩ ඇත.සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොභාවක් ඇතිකිරීමට මෙන්ම අන්අය තමා වෙත නම්වා ගැනීමට බලයකි.මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ.වාසනාවන්ත කර්යක්ෂම අයේකුසමග විවාහජීවිතය ගතකීරීමට මේඅයට වාසනාව ලැබේ.......................................


කන්‍යාලග්නය
මෙම ලග්න ජන්මියාගේ සභාවය නම් කාම රාග බව සුචරිවත්පරිද දිවිහිමියෙන් රැකීමයි.කාම රාග ජීවිතය ගැන මෙඅයගේ පවත්නා අරපරිස්සම පුදුමසහගතය. මොවුන් සවකීය කාම රාග බව කේලෙසා ගතහොත් එය ඉතාකලාතුරකිනි.තරුණ වියට පාතබන කන්‍යා ජන්මියො මනා වුජිවිත හැඩගැස්මකට භාජවය වන්නොය.බ්‍රහස්පතී දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දිවුනිවට පත්කරවයි.......................


තුලා ලග්නය
තුලා ලග්නයට අදිපත් සිකුරුය එසේම අටවැනි ස්තානයේද සිකුරුට අදිපතිවිය. මෙම ස්තාන දෙකම සිකුරුට අයත්වීම නිසා  තුලා ජන්මියාට සිකුරු‍ගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවන කම්කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොද කාම ජීවිතයක් ලැබීතිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යොගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශකරයි.මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහවිලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි.‍එහෙත් මෙම යොගය සෙනසුරුවිසින් දකින ලද්දෙනම් මෙම යොගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවන කම්නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ..................

වෘශවික ලග්නය
සැගවුන අදහස් ඇතිබවක් පෙන්නුම් කරයි.තම හැම අවශ්‍යතාවයක් සදහාම අනේකා වසගයට ගැනීමට උත්සාහකරන මොහු අනෙකා වසගයට ගැනීමේ වුපක්‍රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියො තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්‍රතිලිංගිකයො කෙසේහො තමාවෙත වසග කරගනු ලබයි.මෙම යොගයේ උපන්  ස්ත්‍රින් මායා කාරීක්‍රියාවන්හි අතිදක්ෂයින් වේ...............

ධනු ලග්නය
මොවුන් කාම රාග බව අභිත සභාවයකින් යුතුව බුක්ති‍විදින්නොය.සැගවුනු චිත්තවේග මෙඅයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරුදෙන් ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ.හැම විටම ප්‍රතිලිංගිකයන් ආස්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබදතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේඅය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි...................

මකර ලග්නය
මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්‍රබලලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.

කුම්භ
කුම්භ ලග්නලාභියාගෙ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්‍ ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්‍රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂ”ය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය.

මීන ලග්න
යටපත්වු කාමාශා ඇත්තෙකි මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුන හොත් අන්‍ය හැමකොනෙකුටම වඩා වෙගවත්ව ක්‍රියාවට නැගේනු ඇත.කලබල කාරීබවකින් තොරව කටයුතු කරනුලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තෙරුම් ගතනොහැක.ජීවිතයේ වැඩිකොටසක් මෙවුන් ගතකරනුයේ ඇගබේරාගෙනය.සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙලිදරවු කිරීමකින් තොරවය..............

කෙනේකු උපන් නැකතට අනුව ඔහුගේ හො ඇයගේ කාම ජීවිතයේ සබාවය පිලිබදව හා මෙම මාතෘකාව සම්බන්දව තවත් බොහො තෙරතුරු ‍ඔබ මෙම පිටුවට දක්වන කැමැත්ත මත ඉදිරියේදි ගෙනඒමට සුදානමින් සිටි.ඔබගේ කැමැත්ත අකමැත්ත පලකිරීමට අමතක නොකරන්න.

Monday, September 29, 2014

දයාසිරි සමග ජායාරූපයකට පෙනී සිටි හිරුණිකාට හරීන්ගෙන් දොස් මුරයක්

ඌව පළාත් සභා මැතිවරණයේදී ඌවට ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එම සමයේදී දයාසිරි ජයසේකර සමග ලබාගත් ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කර තිබීම හේතුවෙන් හිරුණිකාගේ ලඟම හිතවතෙකු වන හරීන් ප්‍රනාන්දු දුරකතනයෙන් ඇයට බැන වැදී ඇතැයි වාර්තා වේ.
"මොකටද අර මිනිහ එක්ක ෆොටෝ එකකට හිටියේ..හිටිය විතරක් මදිවට ෆේස්බුක් එකටත් දාලා..මට පෙන්න වෙන්නැති...මගේ ඇඟට පැනල මාව හපාකපු මිනිහා..මාව පරද්දන්න මෙහෙට ඇවිත් ගේමක් දෙන්න හදපු මිනිහා..ලැජ්ජා නැද්ද ඔයාට..මීට පස්සේ මට කතා නොකරට කමක් නෑ..ඔය මිනිහටම කතා කරනවා.." යනුවෙන් හරීන් විසින් හිරුණිකා හට බැන වැදී අතර මේ හේතුවෙන් ඔවුන්ගේ හිත්වත්කම්ද පලුදුවී ඇතැයි වාර්තා වේ. 

හිරුණිකා විසින් ෆේස්බුක් එක්කල ජායාරූපය පහතින් බලන්න
http://www.gossipbook.lk

අරුණිගේ අලුත් පෙම්වතා මෙන්න

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ දිළුම් අමුණුගමගේ එක් භාර්යාවක්ව සිට පසුව ඔහුගෙන් ඈත්වී වින්සන්ට් සිල්වාගේ එක් පෙම්වතියක් විය.

වින්සන්ට් සිල්වා යනු ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ සිල්වාගේ හා දුමින්ද සිල්වාගේ සහෝදරයාය.
පෙම් සබඳතාවය පැවති කාලයේ වින්සන්ට් හා අරුණි ඩුබායි බලාද පිටත්ව ගිය අතර ඔවුන් දෙදෙනා මීට වසරකට පෙර බෙන්තොට බීච් හෝටලයේදී ගන්නා ලද ජායාරූපයක්ද ප්‍රසිද්ධ විය.
කෙසේ වුවද අරුණි සමඟ තිබූ පෙම් සබඳතාවය අවසන්වීමෙන් පසු වින්සන්ට් තම නව පෙම්වතිය ලෙස තෝරාගන තිබෙන්නේ සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්වූ රසිකා සෙව්වන්දි සේනාධීරය.

පෙම්වතෙකු නොමැතිව සංක්‍රාන්ත සමයක් ගත කල අරුණි මේවනවිට නැවතත් පෙම්වතියක සිටින බව වාර්තා වේ.

අරුණිගේ නව පෙම්වතා වන්නේ රිද්ම ජයසිංහ නම් තැනැත්තෙකි. ඔහු වෘත්තියෙන් මෙඩිකල් රෙප් කෙනෙකු බව අප වෙත වාර්තා වේ. අරුණිගේ හා රිද්ම ගේ ජායාරූපයක් බලන්න පහතින්.


http://www.gossipbook.lk

රත්නපුර නගරයේදී කතකට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩතහනම්

රත්නපුර නගරයේ දී කාන්තාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. එම පහරදීම සිදුවන අවස්ථාවේ පටිගත කළ දර්ශන මාධ්‍ය මගින් පළවීමෙන් පසු සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව අදාල නිලධාරියාගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.  http://offair.nethfm.com

අහම්බෙන් දකින ලස්සන ගැහැණු ළමයෙකුට කතා කරන විදි හතක්‌

බොහෝ වෙලාවට ඔබ ලස්සන හීන ලෝකයක ජීවත් වෙනවා ඇති. අපි කතා කල යුත්තන් හිතෙන මවාගෙන, අපි කලයුතු හැමදේම අපි කළා වගේ හැඟීමකින් ඔබ ඉන්නවා ඇති. නමුත් ඒ ලෝකය බිඳවැටුණු මොහතක, ඔබට ඔබේ ආත්ම අභිමානය නංවාගෙන කතා කල යුතු පුද්ගලයන්ට කතා කිරීමේ ක්‍රම ඔබට අවශ්‍යය වනු ඇත. ඔබ අඳුරන්නේ නැති පළමුවරට දුටු පුද්ගලයෙකුට පළමුවරට කතා කිරීමේදී ඔබට චකිතයක් අපහසුබවක් දැනෙනු ඇත.
 
නමුත් ඔබ එම පියවර තැබූ විට ඔබට ඒ පිලිබඳ වඩා විශ්වාසයක් දැනෙනු ඇත. පහතින් දැක්වෙන්නේ ඔබ පළමුවරට දුටු ආගන්තුකයෙකු සමග කතාබහ ආරම්භ කරන ආකාර නවයකි. 

සාමන්‍යය පොඩි කතා බහක් ආරම්භ කරන්න. 
ඔබට ආගන්තුක ඇයගෙන් වෙලාව අහන්න, වෙලාව ඇසීමෙන් පසු කාලගුණය සම්බන්ධව පොඩි අදහසක් පලකරන්න. එය හරිගියහොත් ඔබට ඇයගේ නම අසන්න හැකිවන අතර එසේ නොවුනහොත් ඔබට වෙලාව පමණක් දැනගෙන හැරී ඒමට සිදුවේ. 

 
සමීක්ෂණ දත්ත එකතුකරන්නෙකු වන්න 
ඔබ සමීක්ෂණයක් පවත්වන බව ආගන්තුක ඇයට පවසන්න. ඇයගෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් ඇසීම සඳහා වෙලාව වෙන්කරගන්න. එම වේලාව තුල හැකි තරම් ඇයට සමීප වෙන්න උත්සාහ කරන්න.  

 

ශෝකාන්තයක් මවා පාන්න 
හදිසියේ යමක් නැතිවූ බව පෙන්වන්න. උදාහරණයක් ලෙස ඔබේ දුරකථනය නැතිවූ බවත් එය සොයාගැනීමට ඇයගේ දුරකතනයෙන් ඇමතුමක් ලබාගත යුතු බවත් පවසන්න. එයින් ඔබට දිගු සංවාදයකට මුලපිරිය හැකිවනු ඇත.  

අගයන්න ඇයව 
ඇයගේ දෙයක් අගය කරන්න ඇය කියවන පොතක් , ඇය පළඳින ඇඳුමක් අගය කරන්න. තමාත් ඒවායේ රසිකයෙකු බව ඇයට කියන්න. එමගින් ඔබට කතාබහක් ආරම්භ කළහැකි වේ. 

බොරු සංවාද ඇතිකරගන්න 
යහළුවන් සමග ඇයට ඇසෙන ලෙස බොරු සංවාදයක් ගොඩනගන්න. එම බොරු සංවාදය ඇයට ආශාවක් ඇතිවෙන ලෙස ඇයගේ මුවට සිනාවක් නැගෙන ලෙස සිදුකරන්න. එය ඇයත් සමග කතාබහක් ආරම්භ කිරීමට උපකාර වනු ඇත.  

 
 
හොරෙන් ඇහුම්කන් දීම 
හොරෙන් ඇයගේ කතා බහට සවන් දෙන්න. ඇය කියන දෙකට ඔබ අසා සිටියා මෙන් ඔබටම ප්‍රතිචාරයක් ලබාදෙන්න. එවිට ඇය ඔබ කෙරෙහි අවධානය දක්වනු ඇත. එම අවධානය යහපත් එකක් කරගැනීම ඔබසතු දක්ෂතාවය වේ.   

ඇයගේ ඇස් දිහා බලන්න
ඇය දිහා ඇසට ඇස හසුවන සේ කෙලින්ම බලන්න.ඇයත් ඔබ දෙස තත්පර තුනකට වඩා බලාසිටියහොත් සිනාසී ඇය ලඟට යන්න. ඔබට මෙය කිරීමට යම් ලැජ්ජාවක් ඇතිවිය හැකි නමුත් ලඟට ගොස් ඇය දැක පුරුදු බව පවසමින් කතාබහ ආරම්භ කරන්න.   

එයට මුහුණ දෙන්න. වාඩිවී සිටි පමණින් අපට අපගේ සිහින ලෝක වල ඇති සිහින යතාර්තයන් බවට පත්කරගත නොහැක.අලුතින් පුද්ගලයන් හමුවන්න. ඔවුන් සමග කතාබස් අරඹන්න.වසර කිහිපයකින් ඔබ සතුව රසවත් කතාන්දර ගොන්නක් ඉතුරුවනු ඇත.
 
ටයිම්ස් ඔෆ් ඉන්දියා හි පලවූ ලිපියක් ඇසුරිනි,