Tuesday, September 30, 2014

දඩමස් සමඟ බලූ මස්

හම්බන්තොට වන සතුන් මරා දඩමස් විකිණීම සමඟ බලූ මස් ද විකිණීමේ ජාවාරමක පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
මේ දිනවල පවතින නියඟය හමුවේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිඳී ගොස් ඇති වැව් සහ ජලාශ වලට දිය සොයා පැමිණෙන මුව රංචු මරා මස් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කි‍්‍රයාත්මක බව නෙත් නිවුස් මීට පෙරද හෙළි කළා.
 
එහෙත් නවතම අනාවරණයට අනුව එලෙස වනසතුන්ගේ මස් සම`ග බලූ මස් ද එක්කර අලෙවි කරන බවයි හෙළි වී ඇත්තේ.
 
හම්බන්තොට වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක W.A. ගුණතුංග මහතා පැවසුවේ හම්බන්තොට තම්මැන්නාව වැව රක්ෂිත ප‍්‍රදේශයේ තිබී මරා දමන ලද බල්ලන්ගේ හිස් කබල් පමනක් හමු වීම මෙම සැකයට හේතු වී ඇති බවයි.
ඡායාරූප - සනත් ගමගේ
1 2 3 4
 
http://nethfm.com