Saturday, December 27, 2014

ඇඟ පෙන්නගන්න අමීෂාම Film එකක් හදාගෙන (Video/Photo)

ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් අමීෂා පටෙල්ගේ රංගනය අමතක නැතිව ඇති. Kaho Naa Pyaar Hai චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මුල් කාලයේ රඟපෑවේ ඉතා අහිංසක යුවතියකගේ චරිත. සල්වාර් එකකින් හෝ සුන්දර ගවුමකින් සැරසුන ඇයගේ සිනහවට හින්දි සිනමා රසිකයින් වශී වුනා. Gadar, Yeh Zindagi Ka Safar, Kya Yehi Pyaar Hai, Aap Mujhe Achche Lagne Lage යන චිත‍්‍රපට අමීෂා රඟපෑ ඉතාමත් සාර්ථක පේ‍්‍රම කතා බවට පත්වුනා.
නමුත් අමීෂා සමඟම ක්ෂේත‍්‍රයට පැමිණි කරීනා කපූර්, ප‍්‍රියංකා චෝප්රා, කත‍්‍රිනා කයිෆ් වැනි නිළියන් සාර්ථක සිනමා ගමනක් යන විට අමීෂාට එතරම් සාර්ථක වන්නට හැකිවුනේ නැහැ. පසුකාලීනව ඇය රඟපෑ චිත‍්‍රපටවල ආදායම අඩුවන විට අමීෂාට ලැබුනේ ප‍්‍රධාන චරිත වෙනුවට සහය චරිතයි.
SB62_AP_5015-A SB62_AP_5011-B ami71a
නමුත් නැවතවරක් සිනමාවේ ජනප‍්‍රිය වීමට අමීෂා තෝරා ගත්තේ සල්වාරිය වෙනුවට බිකිණියයි. ඒ නිසා ඇය චිත‍්‍රපට බොහොමයක ඇදුම් අඩුවෙන් රඟපෑවා. Thoda Pyaar Thoda Magic, Race 2, Chatur Singh Two Star, Honeymoon Travels Pvt. Ltd යන චිත‍්‍රපටවල අමීෂාගේ ඇදුම් එකින් එක අඩුවූවා. නමුත් ඇයට දිගින් දිගටම ලැබුනේ සහය නිළියට ලැබෙන චරිත. මේ නිසාම අමීෂා තමන්ගේ ව්‍යාපාර සහකරු වන කුනාල් ගූමර් සමගින් එක්ව චිත‍්‍රපටයක් නිපදවන්නට තීරණය කලා.
Ameesha Patel Productions’ නමින් සමාගමක් ආරම්භ කොට දැනට රූගත කිරීම් ආරම්භ කර ඇති මෙම චිත‍්‍රපටයේ නම ‘Desi Magic’. මෙහි එන බොහෝමයක් දර්ශන වල අමීෂා ඉතාමත් සරාගී අයුරින් පෙනී සිටිනවා. අමීෂා පටෙල්ම ප‍්‍රධාන චරිතය නිරූපනය කරන ‘Desi Magic’ හී ෂයිඩ් ඛාන් හා ලිලටේ දූබේ අනෙකුත් ප‍්‍රධාන චරිතයන් නිරූපනය කරනවා.
එම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරකපටය පහතින්,

.
මෙම චිත‍්‍රපටය පිළිබදව මාධ්‍ය දැනුවත් කරන පළමු අවස්ථාවේ එම උත්සවයටද අමීෂා ඇදගෙන ආවේ රාත‍්‍රි සමාජ ශාලාවක සේවය කරන කාන්තාවක් ආකාරයෙනි. එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Ameesha Patel AM Gossip 01 Ameesha Patel AM Gossip 02 Ameesha Patel AM Gossip 03 274569-amisha-patel-desi-magic-launch.jpg Ameesha Patel AM Gossip 05 Ameesha Patel AM Gossip 06 Ameesha Patel AM Gossip 07 Ameesha Patel AM Gossip 08 Ameesha Patel AM Gossip 09 Ameesha Patel AM Gossip 10 Ameesha Patel AM Gossip 11