Thursday, January 29, 2015

නෙහාරා පීරිස් රිය අනතුරක


මේ කාලේ රථ වාහන පදවන නිළියන්ට හරි අපලයි. පසුගිය අවුරුද්දේ අවසාන භාගයේදී උදාරි වර්ණකුලසුරිය මහ රෑ ජාමේ තමන් පදවමින් හිටිය මෝටර් රථය හප්පා ගත්තා. උදාරි බේරුණාට අනතුර නිසා අහිංසක මනුස්සයෙක් රෝහල් ගත වුනා.

ඔන්න පසුගිය සතියේ නෙහාරා පිරිස් එයාගේ මෝටර් රථය තාප්පයක හප්පලා. මේ සිද්ධිය වෙලා තියෙන්නෙත් මහා රෑ ජාමේ පන්නිපිටියේ දී. ආරංචියේ විදියට මේනක නැතුව නෙහාරා විතරයි මෝටර් රථයේ ඉදලා තියෙන්නේ.

දෙවියෝ මුණ බලලා වගේ නෙහාරට නම් අනතුරක් නැතිලු. හැබැයි තාප්පෙටයි කාර් එකටයි බරපතලයි ලු. සිද්ධිය අපි ඇහින් දැක්කේ නැති වුනාට දැක්ක කෙනෙක් තමා අපිට කිව්වේ.

වාහන තාප්ප හදා ගන්න පුළුවන් ඒ වගේ ද ජිවිතේ... නෙහාරා බේරුණ එකම වාසනාවක්නේ.. ඔය වගේ පුංචි පුංචි කරදර වුනාට නෙහාරයි මේනකයි කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්නවා.

දෙන්නා ළගදීම අලුත් සුඛෝපභෝගී ගෙදරක පදිංචියට යනවා කියලත් ආරංචි උනා. අනේ වාසනාවන්.

ඩිලානිගේ දුව ලාල් එක්ක පැටලිලා

ඩිලානි අබේවර්ධන කියන්නේ සිංහල වාණිජ සිනමාව කාලයක් හොල්ලන් හිටිය නිළියක්.ඉස්සර ඩිලානිට තිබුණේ පුදුමාකාර ප්‍රේක්ෂක ආකර්ෂණයක්.ඒත් ඇගේ වෘත්තිය ජිවිතයේ හිනි පෙත්තටම නැඟ සිටි වෙලාවක ඇය රට හැර දමා යනවා.

ඔන්න ආයෙත් ඇගේ මුහුණුවර තියෙන නිළියක් සිංහල සිනමාවේ ගැවසෙන්න පටන් අරන්.හොයල බලද්දී මේ ඉන්නේ අපි ඉස්සර ආදරේ කරපු ඩිලානි දුව.ඇය ඩිලානි ගේ කපාපු පලුව..

ඇගේ නම කවීෂා කාවින්දි.අවුරුදු 12කට පස්සේ ඇය ලංකාවට එන්නේ රාජ් රණසිංහ විසින් නිෂ්පාදනය කරන නවතම සිනමාපටයේ රංඟන කටයුතු සදහායි.




මේ සිනමාපටයේ කවීෂාගේ පෙම්වතා විදියට රඟපාන්නේ ප්‍රවීණ නළු ලාල් වීරසිංහයි.ජනවාර් මාසයේ පළමු වෙනිදා මෙරටට පැමිණි කවීෂා ඊයේ දිනයේ ඇමරිකාව බලා පිටත්ව ගියා.

අම්මාට පාඩමක් උගන්වන්න දැරිය උස්සලා


අම්මාට පාඩමක් ඉගැන්වීමට සිතා මහරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා නියෝග කළේය.

වේරහැර පදිංචි වසන්ත කුමාර ජයමාන්න, කටුබැද්ද පදිංචි රුපුන් චතුරංග සමරවික්‍රම හා බොරුපන පදිංචි සමීර මධුශංක යන සැකකරුවන් එසේ ඇප මත මුදාහැරුණු අතර ඔවුන් තිදෙනාට රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප නියම කෙරිණි.

මෙම සිද්ධියේ එක් සැකකරුවකු එම දැරියගේ නිවෙස ආසන්නයේ නිවෙසක කුලී පදනම මත නැවැතී සිට ඇති අතර එම දැරිය සමඟ ප්‍රේම සබඳතාවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

එම සම්බන්ධතාවට දැරියගේ මව දැක්වූ විරෝධතාව නිසා දැරිය එය නවතා දමා ඇති බව අධිකරණයෙන්
අනාවරණය විය.

එම ප්‍රේම සබඳතාවට දැරියගේ මව දැක්වූ විරෝධය හේතුවෙන් මෙම පැහැරගෙන යෑම සිදුව ඇති බවත් දැරිය ගෙනගොස් රඳවා තැබූ නිවෙසේ කාන්තාවක පොලිසියට දුරකතනයෙන් කළ දැනුම්දීමකට අනුව බොරලැස්ගමුව පොලිසිය මඟින් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එහිදී අනාවරණය කෙරිණි. 


සිය හිතවතියක සමඟ මහරගම ප්‍රදේශයේ අමතර පන්තියකට සහභාගි වීමට යමින් සිටින අතරතුරදී එම දැරිය ත්‍රිරෝද රථයකට බලෙන් නංවාගෙන ගොස් ඇත.

නැන්දම්මාගේ මෝල්ගස්‌ ප්‍රහාරයෙන් බෑණා එතැනම

නැන්දම්මා මෝල්ගසින් තම බෑණාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්‌ කොලොන්න පොලිස්‌ වසමෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්‌ ඇත්තේ කොලොන්න, වලස්‌යාය, 13 කණුව ලිපිනයෙහි පදිංචිව සිටි ආබාධිත විශ්‍රාමික යුද සෙබළෙක්‌ වූ රාජපක්‌ෂ මුදියන්සේලාගේ විඡේරත්න (අවු. 41) නමැති දෙදරු පියෙකි.

මොහු සැකකාරිය වන කිරිමන්නලාගේ පේමාවතී යන අයගේ දියණියක්‌ විවාහ කරගත් අයෙකි. ඔහුගේ බිරිඳ වසර ගණනාවක සිට රැකියාවක්‌ සඳහා විදේශගතව සිටී. දරු දෙදෙනා මාතර හා ගාල්ල ප්‍රදේශවල උසස්‌ විදුහල් දෙකක ඉගෙනුම ලබයි. ආබාධිත සෙබළා නිවසේ තනිව ජීවත්ව ඇත.


මොහු නිතර නිතර බීමත්ව සිය නැන්දම්මාගේ නිවසට ගොස්‌ බිරිඳ ගෙන්වා දෙන ලෙස පවසා නැන්දම්මා සමග ඇති කරගත් ආරවුලකදී නැන්දම්මාගේ මෝල්ගස්‌ පහරකින් තුවාල ලබා බෑණා මියගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් මහේෂ් රාජපක්‌ෂ මහතා විසින් 29 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ කොලොන්න පොලිසියේ වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති එච්. බී. මුදියන්සේ, පො.සැ. (32037) සිරිල්, පො.කො. (8532), අබේරත්න යන නිලධාරීන් විසින් සිදුකරනු ලබති.

ශී‍්‍ර ලාංකික තරුණයෙක් ඉන්දියාවේ වැඩිහිටි කතක් දූෂණය කරයි

ඉන්දියාවේ, කන්‍යා කුමාරි ප‍්‍රදේශයේ සරණාගත කඳවුරක ජීවත් වන 25 හැවිරිදි ශී‍්‍ර ලාංකික තරුණයෙකු විසින් 64 හැවිරිදි වැඩිහිටි ඉන්දියානු කාන්තාවක් දූෂණය කර තිබේ.

එම කාන්තාව සරණාගත කඳවුර ආසන්න කැළැවක එළුවන් බැඳීමට ගොස් සිටි අවස්ථාවකදී මෙම අතවරයට මුහුණ දී ඇත. 


මේ වන විට කාන්තාව කන්‍යාකුමාරි රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර අතවරය සිදු කළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



ඉන්දීය දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව ස්තී‍්‍ර දූෂණ චෝදනා යටතේ එම තරුණයා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Tuesday, January 27, 2015

ණයේ හිළව්වට නිදි යහනට එන්න කියලා


කළුතර දිස්ත්‍රික්ක‍යේ වස්කඩුව ප්‍රදේශ‍යේ ‍පොලියට මුදල් ලබා‍දෙන පුද්ගල‍යෙකු‍ගේ රුපියල් 50,000ක් ණයට ගත් කාන්තාවක් ඉන් රුපියල් 25,000ක් ආපසු ‍ගෙවා ඇත.

ඉතිරි රුපියල් 25,000 අනවශ්‍ය බවත් ඒ ‍වෙනුවට තමා ‍සමග නිදියහනට එන්නැයි කළ ආරාධනාව ප්‍රතික්ෂේප කළ කාන්තාවකට බැන තර්ජනය කළ පුද්ගල‍යකු උතුරු කළුතර ‍පොලීසිය මගින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

හදිසි අවශ්‍යතාවකට ‍පොලියට ලබාගත් රුපියල් 50,000ක මුදලින් ආපසු ‍ගෙවිය යුතු ඉතිරි රුපියල් 25,000ක් ‍වෙනුවට

මුදල් හිමියා පැවසූ නිවාස හා ‍හෝටල්වලට ‍නොපැමිණීම නිසා කාන්තාව‍ගේ නි‍වෙසට පැමිණි සැකකරු එම කාන්තාවට බැන තර්ජනය කර ඇතැයිද ‍පොලීසිය කියයි.

මුදල් ණයට ගත් කාන්තාව‍ගේ සැමියා වි‍‍දේශ රැකියාවක නිරත වී සිටින අතර මුදල් ණයට දුන් පුද්ගලයා‍ගෙන් හිරිහැර ‍වන බවට උතුරු කළුතර ‍පොලීසියට ලද පැමිනිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු කළුතර ම‍හෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු ‍යොදා ඇතැයි ‍පොලීසිය කියයි.

සර්වාංග රෝග සුවකරන සුදු නංගිගේ අත් ගුනේ


අයෝමි ශානිකා එහෙමත් නැත්නම් ආදරණීය සුදු නංගි දැන් ආයුර්වේද වෛද්‍යවරියක් කියන එක අලූ‍ත් ආරංචියක් නම් නෙවෙයි. කාලයක් තිස්සේ මහන්සි වෙලා තමන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වාගෙන ඇය තවත් සිහිනයක් සැබෑ කරගත්තේ ඉකුත් බ‍්‍රහස්පතින්දාවේ. ඒ අලූ‍ත් කටයුත්ත ගැන අයෝමිගේ වචනවලින් අහමු.

මම මගේම ආයුර්වේද මධ්‍යස්ථානයක් පටන් ගත්තා. නුවර ටවුන් එකේ සේනානායක මාවතේ තමයි ඒක පිහිටලා තියෙන්නේ. මමයි මහත්තයයි පදිංචි වෙලා ඉන්නේ නුවර.

ඒ හින්දා මේ වගේ තැනක නුවර ආරම්භ කළේ අපිට ලෙහෙසි නිසා. දොලායෝ ගැලරි ඇන්ඞ් ආයුර්වේද කියලයි මෙයට නම තබලා තියෙන්නේ. මගේ ආයුර්වේද මධ්‍යස්ථානයට අමතරව මගේ මහත්තයාගේ ඔෆිස් එකත් මෙතනම ආරම්භ කළා.

එයාගේ වෘත්තීය ඉසව්ව සම්බන්ධීකරණය. වෙඩින් ඇතුළු සියලූ‍ම උත්සව සහ විවිධ වැඩසටහන් ඔහු විසින් සංවිධානය කරලා දෙනවා. ඇත්තටම කිව්වොත් වෛද්‍යවරියක් වීම මගේ පළමු හීනය. මේ මගේ දෙවැනි හීනය කියලා කියන්න පුළුවන්.



මොන වගේ රෝග සඳහා ද ඔබ විසින් ප‍්‍රතිකාර ලබා දෙන්නේ?

සියලූ‍ම රෝග සඳහා මෙමඟින් බෙහෙත් හේත් ලබා දෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපගේ ආයුර්වේද මධ්‍යස්ථානය සියලූ‍ සර්වාංග රෝග සඳහා විවෘතයි.

එතකොට රූපලාවන්‍ය කටයුතු?
 

ඒවත් කරනවා. මං නිළියක් හින්දා මගේ ආයුර්වේද මධ්‍යස්ථානයේ රූපලාවන්‍ය කටයුතු සිදු නොවෙනවා නම් ඒක ලොකු අඩුපාඩුවක්නේ. ඒක නිසා කුරුලෑ, සම අව පැහැ ගැන්වීම, සම රැුලි වැටීම ආදී රූපලාවන්‍ය ගැටළු සඳහා නිසි ප‍්‍රතිකාර ලබා දෙන්න මා බලාපොරොත්තු වෙනවා.

මෙහි ප‍්‍රතිකාර සඳහා ඔබ යොදා ගන්නේ ආයුර්වේද ප‍්‍රතිකාර පමණක්ද?

ඔව්. තනිකරම දේශීය ක‍්‍රමයට සැකසූ ක‍්‍රමෝපායන් තමයි මා භාවිත කරන්නේ. කිසිම කෘත‍්‍රිම බෙහෙතක් මා පාවිච්චි කරන්නේ නැහැ.

නුවර නැතිව කොළඹට කිට්ටුව තැනක මෙය ඇරැුඹියා නම් වඩා වැඩි පිරිසක් ඔබෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට ගෙන්වා ගන්න තිබුණා නොවේද?

මම කලින් කිව්වා වගේ අපේ පදිංචිය නුවරනෙ. අපිට පහසුයි නුවරම මේ වැඬේ ආරම්භ කරපු එක.

ඒ වුණාට අනිත් අයට අපහසුයිනේ?
 

මෙහෙමයි, අවශ්‍ය කෙනාට වුවමනා නම් නුවර නෙවෙයි  ඕනෑ තැනකට යනවා තමන්ගේ කාර්ය කර ගන්න. දැනටමත් මේ ගැන උනන්දුවක් තියෙනවා කියලා මට එන ඇමතුම්වලින් මට දැනෙනවා. මේ දින කිහිපය පහුවෙලා කොළඹත් මෙහි ශාඛාවක් විවෘත කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබගේ ආයුර්වේද මධ්‍යස්ථානයෙන් පංචකර්ම ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිත කොට නීරෝගී අයටත් ප‍්‍රතිකාර ලබා දෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?

මං ඔය ගැන උදාහරණයක් සහිතව පැහැදිලි කරලා දෙන්නම්. අප ශරීරය කියන්නේ මැෂින් එකක් වගේ දෙයක්. මැෂින් එකක තෙල් මාරු කරලා අලූ‍ත්වැඩියා කරනවනේ එහි ආබාධයක් ඇතත් නැතත්. ශරීරයටත් එහෙම අවශ්‍යයි. අපේ ශරීරයේ ඇති නාල පිරිසුදු කරන්නට ට‍්‍රීට්මන්ට් තියෙනව. ඒවායින් කරන්නේ වයසට යෑම පාලනය කරන එක. එම ප‍්‍රතිකාර කරන්නේ
නීරෝගී අයට. නිරෝගී අය තවත් නීරෝගී වෙනවා එමඟින්.

සුදුවෙන්න  ඕනෑ කියලා කියාගෙන නිළියො එන්නේ නැති ද ඔබ ගාවට?

අපේ කෘත‍්‍රිම ප‍්‍රතිකාර නොකරන හින්දා එහෙම කියාගෙන එන අය අඩුයි. හැබැයි මං අපේ සහෝදර රංගන ශිල්පීන්ට ෆෙෂල් කරලා දෙනවා ආයුර්වේද ක‍්‍රමයට. ඇත්තම කිව්වොත් බහුතරයක් නිළියෝ කැත වෙලා තියෙන්නේ මේකප් හින්දා. මේකප් හරියට නොදාපුවාම තියෙන ලස්සනත් නැතිව යනවා. මම නම් කියන්නේ තමන්ට ගැළපෙන විදිහට මේකප් දාන්න කියලායි.

ප‍්‍රදීප් රංගන වෛද්‍යවරයකු වුණාට පසුව ඔහුගේ රසික රසිකාවෝ එනවලූ‍ බොරු ලෙඩ හදාගෙන ප‍්‍රදීප්ව බලන්න තියෙන වුවමනාවට. ඔබ ජනප‍්‍රිය කෙනෙක් නිසා ඒ වගේ තත්ත්වයක් උදා වෙලා ඇති?

මාව මුණගැහෙන්න එන අය නම් අනවශ්‍ය විදිහට කතාබහ කරනවා අඩුයි. මමත් ඉතින් පුවවන් තරම් කරුණාවෙන් කතා කරලා අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීලා පිටත් කරලා යවනවා. අනෙක වෛද්‍යවරියක් කියන්නේ කාර්යබහුල කෙනෙක්නේ. බෙහෙත් ගන්න එන අය දැනගෙන සිටිය යුතුයි තවත් රෝගියකුගේ කාලය විනාශ නොකර තමන්ගේ වැඩ කටයුතු හමාර කරලා පිටත් වෙලා යන්න. වාසනාවට මං දැනුවත්ව මගේ ළඟට එන්නේ ඇත්තටම රෝග තියෙන අය. මාව බලන්න බොරු ලෙඩ හදාගෙන එන අය නැති තරම්.

අයෝමි ළඟ සිටින නිළිය අද වන විට දකින්නවත් නැහැ?

ඔබ හරි. දැන් රංගනයෙන් ටිකක් අයින් වෙලා ඉන්නේ.

මොන ටිකක්ද? දැන් අයෝමි සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඉවත් වෙලානේ?

මං හිතනවා ආයුර්වේද මධ්‍යස්ථානයත් සමඟ වැඩිපුර ඒ ගැන හිතුවොත් හොඳයි කියලා. මොකද මෙතැන දියුණු කර ගන්නවා කියන්නේ නැවතත් මගේ රංගන කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියන එක.

ඔබ හා චින්තක විවාහ වෙලා මේ වන විට අවුරුද්දකට වඩා වැඩියි. පුංචි පවුලට අමුත්තෙක් එන දවස තවත් පමා වේවිද?

මං හිතන්නේ ඔය ගැන තව ටික කාලෙකින් කතා කළොත් හොඳයි කියලා. අලූ‍ත් ආරංචියක් ගැන අද කතා කරපු හන්දා ඊළඟ අලූ‍ත් ආරංචිය තව ටික දවසකින් කතා කරමු.

තවම අයෝමිට වෘත්තීය වෛද්‍යවරියක් විදිහට රෝහලකට යොමු කරලා නැහැ නේද?

අද හෙටම ඒවාට අපව යොමු කරයි. හැබැයි පත්වීම කොහෙට ලැබේවිද දන්නේ නැහැ. කොහෙට යන්න සිදු වුණත් මං ඒ පළාතට ගිහිල්ලා මිනිස්සුන්ට සේවය කරනවා.

එතකොට ඔබේ ආයුර්වේද මධ්‍යස්ථානය?

මගේ ටීම් එක බලා ගනීවි. කොතරම් කාර්යබහුල වුණත් සතියකට සැරයක් හරි ඇවිත් එහි වැඩ කටයුතු සොයා බලනවා.a

ගුවන් තොටුපොලේ ආරක්ෂකයින්ගෙන් කාන්තාවන්ට ලිංගික අතවර - (වීඩියෝ)


රටක ප‍්‍රධාන ගුවන් තොටුපොළ යනු එරටට ඇතුළු වන සියලූ‍ මගීන්ට රටේ ප‍්‍රතිරූපය පෙන්වන පළමු වැනි ස්ථානයයි.

එම නිසාම ගුවන් තොටුපොළේ සිදුවන බව කියන වංචා හා දුෂණ වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව ගුවන් සේවා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ඒ අනුව අප ඔබට පෙන්වන්නට සූදානම් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුවන අල්ලස් ගැනීම් හා මගීන්ට සිදුවන හිරිහැර පිළිබඳව තහවුරු කෙරෙන දර්ශන පෙළකි.



ඒ , මැද පෙරදිග සිට පැමිණෙන කාන්තාවන්ගෙන් මුදල් ගැනීම හා විදේශිය කාන්තාවන්ට ලිංගික අතවර කිරීමේ කාම ආරක්ෂකයන් පිලිබඳ තො‍රතුරුයි .

මෙහිදී අවධාරණය කළ යුත්තේ නිසි ලෙස රාජකාරි සිදුකරන ආරක්ෂක නිලධාරීන්ට මෙය අදාල නොවන බව ය.


Saturday, January 24, 2015

ගූගල් වලින් වැඩිපුරම සෙක්ස් සෙවූ කිරුළ ලංකාවෙන් ගිලිහේ!

වැඩිපුරම සෙක්ස් සෙවූ රටවල් පිලිබඳ Google නවතම වාර්තාව මෙන්න

ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවියට අනුව පිට පිට වසර හතරක් වැඩිපුරම සෙක්ස් සෙවූ රට ලෙස ලංකාව නම්කොට තිබුණි. ගූගල් වලින් වැඩිපුරම සෙක්ස් සොයා ඇත්තේ ලංකාව වූ පුවතට සෑම වසරකම ජනමාධ්‍ය මගින් නොඅඩුව ප්‍රචාරයද ලැබුණි. නමුත් ලෝකයෙන්ම සෙක්ස් සොයා ඇත්තේ කුමන රටද යන්න සෙවීමට ගූගල් ට්‍රෙන්ඩ්ස් වාර්තාව ප්‍රමාණවත් නොවන අතර වෙනත් යෙදුම් ඔස්සේද කරනු ලැබූ ඒ ආශ්‍රිත සෙවුම් මෙන්ම වෙනත් කරුණු සැලකීමෙන් අනතුරුව යම් කිසි දෙයක් සම්බන්ධව වැඩිපුර ගූගල් ඔස්සේ සෙවූ රට සෙවීමට පාදක වේ.
 
ඒ අනුව ලෝකයේ වැඩිපුරම "සෙක්ස්" සෙවූ රටවල් දහය පිලිබඳ වාර්තාවක් ගූගල් විසින් නිකුත් කොට තිබේ. එම වාර්තා වලට අනුව සෙක්ස් සෙවීමේ වාර්තා අසලකවත් ශ්‍රී ලංකාව නොමැත. ගූගල් විසින් නිකුත් කළ වැඩිපුරම සෙක්ස් සෙවූ රටවල් දහය පහතින් වේ. 
 
1. පකිස්තානය 
2. ඊජිප්තුව 
3.වියට්නාමය 
4.ඉරානය 
5.මොරොක්කෝව 
6.ඉන්දියාව 
7.සවුදි අරාබිය 
8.ඉන්දියාව 
9.පිලිපීනය 
10.පොල්ලන්තය 
 
ගූගල් වාර්තාවට අනුව ලෝකයේ සෙක්ස් වැඩිපුරම සොයා ඇත්තේ පකිස්තානය වේ. සාමාන්‍ය ලිංගික කටයුතු වලට අමතරව සතුන් සමග සිදුකරන ලිංගික කටයුතු පිළිබඳව වැඩිපුරම සොයා ඇත්තේද පකිස්තානය වේ. 

සැප වැඩි, රහස් වැඩි ඔබාමාගේ මෘගයා නවදිල්ලියට


ලොව අති නවීනතම සන්නද්ධ මෝටර් රථය ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ නිළ රථය, ද බීස්ට් හෙවත් මෘගයා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊයේ (23) රැගෙන විත් තිබෙනවා. ඒ, ජනාධිපති ඔබාමාගේ ඉන්දීය සංචාරය ආරම්භවීමට වීමට පැය කිහිපයක් තිබියදියි.

සඳුදා පැවැත්වෙන ඉන්දීය ජනරජ දිනයේ ප‍්‍රධාන ආරාධිතයා වන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හෙට උදෑසන නවදිල්ලියට ළඟාවීමට නියමිතයි.


කැඩිලැක් වර්ගයේ මෙම ලිමොසින් රථය අඟල් 8ක ඝනකම තහඩුවකින් සහ අඟල් 5ක් ඝනකමැති වෙඩි නොවදින වීදුරු ජනේලවලින් සමන්විතයි. මෝටර් රථයේ බර ටොන් 8ක් වන අතර, ලීටර් 6.5ක ධාරිතාවකින් යුක්තයි.

රසායනික ප‍්‍රහාරයකට මුහුණ දිය හැකි වන ලෙස මෙම මෝටර් රථය පිටස්තර වායු කාන්දුවෙන් වළක්වා අභ්‍යන්තරව ඔක්සිජන් සැපයිය හැකි අයුරින් සකසා තිබෙනවා.

ඔබාමාගේ නිල රථය පිළිබඳ කියැවෙන වීඩියෝවක් පහතින්...



ඔබාමාගේ නිල රථය අනතුරට පත්වූ අවස්ථාවක්..

නිරෝෂා පෙරේරා යුගදිවියට ?


නිරෝෂා පෙරේරාගේ වෙඩින් එක ළඟදි තිබිලා කියලා මේ දවස්වල පොඩි කතාබහක් යනවා. මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි නිසා අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. කතාව ඇත්ත තමයි. නිරෝෂා පෙරේරා විවාහ වෙලා. හැබැයි ඇයගේ අත ගත්ත කුමාරයා වෙලා තියෙන්නේ නම් ලංකාවේ කෙනෙක් නෙවෙයි.

ඔහු ජපන් ජාතිකයෙක්.  නම මසායා සං. මේ දෙන්නාගේ විවාහය සිද්ධවෙලා තියෙන්නේ කොළඹ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේයි. ලස්සනට උඩරට මනාළියෙක් විදියට සැරසුණු නිරෝෂා වගේම මේ විවාහයට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා කියලා ආරංචියකුත් ඇවිත් තිබිලා. කොහොම වුනත් එතන්ට ගිය අයටනම් පොඩි අමුත්තක් වගේ දැනුණු නිසා ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා..


එතකොට තමයි ඇත්ත සිද්ධිය ගැන එළිවෙලා තියෙන්නේ. නිරෝෂා මේ හදිසියේම ජපන් ජාතිකයෙක් එක්ක විවාහවෙලා තියෙන්නේ චිත්‍රපට දර්ශනයක් වෙනුවෙන්. ‘‘කන්දක් සේමා‘‘ කියලා අලුතින්ම තිරගතවෙන්නට තියෙන චිත්‍රපටයක ‘‘නූපා‘‘ කියන චරිතයට පණපොවන්නේ නිරෝෂා පෙරේරා. මේ චිත්‍රපටයට අනුව නිරෝෂා එහෙමත් නැත්නම් ‘‘නූපා‘‘ ලංකාවේදි ජපන් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ඒ රටට යනවලු. අන්න ඒ අවස්ථාව ගැන තමයි මේ හැමෝම කතා වෙලා තියෙන්නේ.

කොහොම වුනත් මේ චිත්‍රපටය ගැන කතාකරන නිරෝෂා නම් කියන්නේ ඇයට රඟපාන්න ලැබුණු චරිතය දකුණු ආසියානු කාන්තාවකගේ චරිතයක් නිසා ඇයගේ හම දැන් පවතින සුදට වඩා පොඩ්ඩක් අඳුරු පැහැ කරගන්න අධ්‍යක්ෂකවරයා කැමති නම් එන්නතක් වුනත් විදින්න කැමැත්තෙන් හිටියාලු.  ඒ වගේ අභියෝගයක් වුනත් ඇය බාරගන්න තරම් කැමැත්තෙන් තමයි මේ චිත්‍රපටයට සහභාගී වෙලා තියෙන්නේ.  ළඟදීම දවසක ජපන් ජාතිකයෙක් විවාහ කරගත්ත නිරෝෂාව අපිට රිදී තිරයේදී ‘‘නූපා‘‘ කියන චරිතයෙන් දකින්න ලැබෙවී.







මං ආසා ලංකාවේ කෙනෙක්ට, මෙහේ තියෙන්නේ ෆන් බිසී - ඩිලානිගේ දෝණි උත්තර දෙයි

මතකද දෝණි ? Hiru Gossip සයිට් එකට නිතර යන එන ඔබට දෝණි අමතක වෙන්නේ කොහොමද ? ලංකාවේ ජනප්‍රිය චරිතයන්ගේ දෝණිලා ගැන අපි ඔබට කියන්න පටන්ගත්තේ ගිය අවුරුද්දේ ඉඳලා. ඒ අතරින් මුල්ම දෝණි වුනේ ඩිලානිගේ දෝණි. අන්න එයා ලංකාවට ඇවිත්ලු. ඒ ආරංචිය අපේ කනට වැටුණු ගමන් මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම අපි ඇයට කෝල් කලා.


අම්මාලා තාත්තලා නැතුව ලංකාවට ආවේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන ගමන් අපි ඉතිං තව තව දේවලුත් හාරඅවුස්සලා ඇහුවා. මේ වෙද්දී පෙම්වතෙක් ඉන්නවද ? මෙහේ හොඳයිද ? හැමදාම රඟපාන්නට හිතන් ඉන්නේ ?  වගේම කැමති අකමැති දේවල් ගැනත් ඇහුවා. වැඩේ කියන්නේ ඇය ඒ ඔක්කොටම උත්තර දිලා පස්සේ හිනාවෙනවනේ. හරියට ඩිලානි වගේමයි. ඔබත් අහලා බලන්න මේ පාර Hiru Gossip කෝල් එක, ඩිලානිගේ දෝණිගේ කතාවද හිනාවද හොඳ කියලා.

මේ සතියේ Hiru Gossip කෝල් එක පහතින්....



සටහන හා සංවාදය - සජීව ද සිල්වා

පහුගිය Hiru Gossip කෝල් එක  මෙතනින් අහන්න

ගයේෂා..උඹ ගැන ආඩම්බරයි

 සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිලෙන මාළුවෝ “චිත්‍රපටිය තහනම් කළාට මේ වෙනකොට ඒක ලංකාවෙන් භාගයක් විතර බලල ඉවරයි.ඕක එලියට දැම්මනම් ඒ තරම් පිරිසක් ඕක බලන එකක් නෑ ඒක හොදටම ෂුවර්.එත් අර තහනම් කරපු නිසා, තහනම් කලේ ගයේෂාට ගහන සීන් එකක් තියෙන බව කියලා කනින් කොනින් ආරංචි වුන නිසා ගොඩාක් උන් මේක පෙරලගෙන බැලුවා.

මට මේ film එක ආවේ  අපේ ඔෆිස් එකේ  තේ හදන කොල්ලගෙන්. ඕක ඒ වෙලාවේ  copy කරගත්තට ඇත්තටම බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඒත් මේ ළගදි දවසක කම්මැලිකම නිසාම ඕක බැලුවා..

ඇත්තටම මේ film එක හොරකමක් . මටනම් සංජීව කියන්නේ අමු හොරෙක්. ඌ මේ ෆිල්ම් එක ඇහිදගෙන තියෙන්නේ විමුක්ති ජයසුන්දරගේ සුළග එන පිණිස ෆිල්ම් එකෙන්.ඒකේ මාළුවාගේ ඉදල වැසිකිලියට යනකල් සංජීව හොරකම් කරලා.(මගේ මතකේ හැටියට නම් අපි “සුළග එනු පිණිස“ SLTTI එකේ බලද්දි ඔතන සංජීවත් හිටියා) විමුක්තිගේ ෆිල්ම් එකේ අන්තිමට අහසින් මාළුවැසසක් වැටෙනවා ඒකේ මාළුවා හොරකම් කරපු සංජීව ඒ මාළුවගෙන් ෆිල්ම් එකක් කියල එකක් හදලා විමුක්තිගේ ෆිල්ම් එකේ හිටපු කෞෂල්‍යා, බස් එක, හමුදා භටයා, ග්‍රාමාරක්ෂකයා විතරක් නෙවෙයි වැසිකිලිය පවා හොරකම් කරනවා.ඒක් මහා සුන්දර හොරකමක් නොවෙයි අමු හොරකමක්.

සංජීව මේ කියන ඒවා මොනතරම් සිම්පල් කථාද?  කිලිනොච්චි මුලතිව් වල සිද්ධ වෙන දේවල් වල හැටියට. පශ්චාත් යුධ සමයේ ලංකාවේවත්  හිටපු නැති සංජීව දැං අවිල්ලා අම්පාරේ ගමට ගියාම පෙන්නේ මේවා තමයි. සංජීව අපිට ඇත්ත හංගලා හමුදාවට සුදුහුනු  ගාන්න හදනවා.ඒකයි මගෙනම් තර්කය.



මේකේ පෙන්නන්නේ හමුදා  සෙබලෙක්ගේ ලිංගික ජීවිතය විතරයි.මේකේ  සෑම සිදුවීමක්ම බලහත්කාරකමක් හෝ ස්ත්‍රී දුෂණයක් නෙවෙයි.දෙන්නගේ කැමැත්තෙන් වෙන දේවල්.එතනදිත් සංජීව අපිට ඇත්ත හංගනවා.බොරුවම කියනවා.හමුදාවේ මානුෂියත්වය පෙන්නවා.අර අන්තිම සටනේදි තුවාල කාරයෝ කරපින්ගෙන ගිය ඊනියා වීරයෝ තමන් අතින් ගැබ් ගත්ත කෙල්ලව අමාරුවේ නොදා ගබ්සා කරන්න අරං යනවා.කෙල්ලත් එක්ක දුක බෙදා ගන්නවා.හරිම මානුෂියයි.අනිත් පැත්තේන් සංජීව  සල්ලි දුන්නේ නැති මිනිහෙක්ව වෙඩි තියලා දාන කොටි කියලා හදුන්වන්න පුළුවන් පිරිසක් පෙන්නලා සංජීව අපිට කියන්න හදනවා හමුදාව හොදා..යි කියලා.එතකොට හමුදාව හොදයි කොටි නරකයි.එතකොට කොහොමද අගෞරවයක් වෙන්නේ.

මෙතනදි සංජීවගේ මේ ප්‍රකාශනයත් එක්ක ආණ්ඩුවට ප්‍රශ්නයක් තිබුනේ නෑ.ඇත්තටම ඕක ප්‍රංශ තානාපති කාර්යාලයේ පෙන්නුවට පස්සේ ගයේෂට ගහන සීන් එක දැකපු ආණ්ඩුවේ ලොක්කො කියලා හිතාගෙන ඉන්න දෙන්නෙකුට තමයි තරු පෙනුනේ.“යකෝ මේකා අපිට වගේම සැපක් ගන්න අර පඩත්තර නළුවෙක්ටත් චාන්ස් එක දීලනේ“ කියලා. නැත්තං ගයේෂාටවත් ප්‍රශ්නයක් නොවුන ගයේෂාගේ හෙළුව  ගැන එයාගේ අම්මට තාත්තිට වත් නැති රුදාවක් අයිටීඑන් එකටයි ආණ්ඩුවටයි හැදුනේ කොහොමද?

හැබැයි ගයේෂා පෙරේරා ඒ අතින් අගය කළ යුතුයි. ඇගේ වෛරයේ රගපාපු චන්දි රසිකාත් “මුණ විතරයි මගේ ඇග වෙන කෙනෙක්ගේ “කියලා පවුඩර් බබාල වෙන්න හදන කාලෙක  මේ ෆිල්ම් එක  දැකලා අංගජාතය ප්‍රාණවත් කරගත්ත උන්ටයි,එහෙම දෙයක් වෙන්නේ නැති ඕක තහනම් කරපු උන්ටයි කණ් වල ඇගිලි ගහගන්න  ගයේෂා කියනවා “ඔව් මං තමයි මේ සීන් එකේ ඉන්නේ කියලා‘ මං හිතන්නේ මේක හදපු සංජීවට වත් හමුදාව ගැන ඇත්ත කියන්න තිබුනේ නැති පිටකොන්දක් ගයේෂා ලග තියෙන එක ඇත්තටම ආඩම්බරයක්.

Friday, January 23, 2015

වැඩිහිටියන්ට පමණයි! චිත‍්‍රපට තැණු ලූ‍වී වැන්ඩස්ට‍්‍රාටන්ගේ අලූ‍ත්ම තේරීම ගයේෂා - (වීඩියෝ)





ගයේෂා පෙරේරා ආයෙම වතාවක් හිට් වන ලකුණු

කලක් මෙරට සිංහල සිනමාවේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබු අතිශය ජනප‍්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත‍්‍රපට රැල්ලේ නිර්මාතෘ වන 'ලූ‍වී වැන්ඩස්ට‍්‍රාටන්' ගැන බොහෝ විට නොදන්නා කෙනෙක් නැති තරම්.

මීට දශක කිහිපයකට පමණ පෙර මෙරට සිනමාශාලාවලට පේ‍්‍රක්ෂයින් නොපැමිණෙන යුගයේ "ඇගේ වෛරය" නමින් සිනමාපට මාලාවක් නිපදවා ලංකාව තුළ වැඩිහිටියන්ට පමණයි සිනමාපට රැල්ලක් කළේ ඔහුයි. 'බිඳුණු හදවත' නමින් හැත්තැව දශකයේ තම පළමු සිනමාපටය නිර්මාණය කළ ලූ‍වී මේ වන විට චිත‍්‍රපට තිහකට අධික ප‍්‍රමාණයක් නිපදවා තියෙනවා.


සිනමා ක්ෂේත‍්‍රය තුළ තවමත් සක‍්‍රීයව ඉන්න මේ නිර්මාණකරුවා ඔහුගේම නිර්මාණයක් වු "බොනික්කා" නමැති සිනමා පටය නැවත වතාවක් ප‍්‍රතිනිර්මාණය කර තියෙනවා. ඒ නමින්ම නිර්මාණය වු නව නිර්මාණය සඳහා රංඟනයෙන් දායක වන්නේ පසුගිය කාලයේ 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටයේ ආන්දෝලනාත්ම වැඩිහිටියන්ට පමණක් සීමා වුණු චරිතයකට පන පෙවූ ගයේෂා පෙරේරායි.

"පාතාල නායකයෙකු වටිනා මැණික් තොගයක් සොරකම් කර බොනික්කෙක් තුළ සඟවනවා. මේ බොනික්කා එක් එක් පුද්ගලයාගේ අතින් අතිට යන එක කේන්ද්‍ර කර ගනිමිනුයි මේ නිර්මාණය දිඟ හැරෙන්නේ....

ජානක ලියනගේ නිෂ්පාදන කාර්යයෙන් හැඩ වු මෙම සිනමාපටය රිට්ස් ප‍්‍රමුඛ එල්. එෆ්. ඞී. සහ එම්. පී. අයි. මණ්ඩලවල සිනමාශාලාවල මේ වන විටත් තිරගත වෙමින් පවතිනවා.

එම චිත‍්‍රපටයේ පුර්ව ප‍්‍රචාරක වීඩියෝව පහලින්.


විමල්ගේ බිරිය ගැන CID විමර්ශණයක්



මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඇමති බිරින්දෑවරුන්ගේත් හොඳ හොඳ සෙල්ලම් එළියට

හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මේ වනවිට රහස් පොලීසිය විසින් විමර්ශනයක් අරබා තිබේ. ඒ ඇය විසින් කූට ලේඛන ඉදිරිපත් කර ජාතික හැදුනුම්පතක් සකස් කිරීම සහ එම ව්‍යාජ හැදුනුම්පත යොදාගෙන විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි හේවා පතිරගේ චමින්ද පෙරේරා නැමැති අයෙක් නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග රහස් පොලීසියට පැමිණ ඉකුත් 22 වැනිදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 1967 වසරේ ඉපදී ඇති ශෂී වීරවංශ එම උපන් දිනය සදහන් උප්පැන්න සහතිකයට අනුව


ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන පසුව ඉකුත් 2010 වසරේ දී ආගමන විගමන දේපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබාදී ඇය උපන් වර්ෂ්‍ය 1971 බව සදහන් ජාතික හැදුනුම්පතක් යොදාගෙන නැවත විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සදහන්ව තිබේ.

මේ අනුව ශීර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 43 වගන්තිය සමග වන 454 හා 453 සමග කියවන 459 වගන්ති හා 1948 අංක 20 දරන ආගමන විගමන පනතේ 45-1 ඈ. ඉ.ඊ. උ වගන්ති යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බවද චමින්ද පෙරේරා යන අය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

ජෙලෝගේ පියයුරු ගැන ප්‍රසිද්ධ වර්ණනාවක් - වීඩියෝ


72 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත‍‍්‍රිය ඉතාමත් වර්ණවත් ආකාරයෙන් පසුගියදා පැවැත්වුණි. සුපිරි ගායිකා ජෙනිෆර් ලෝපේස් දෙස මෙහිදී වැඩිදෙනාගේ අවධානය යොමු වුණි.

ඒ ජෙනිෆර් එම සම්මාන උළෙලට සැරසී සිටි ඉදිරිපසින් නිරාවරණය වූ ගවුම් විලාසිතාව හේතුවෙනි. ඒ අතර ජෙනිෆර්ට තවත් අපූරු සිදුවීමක් විය.



 
හොදම නළුවා වෙනුවෙන් සම්මානය ලබා දීමට ජෙනිෆත් හොලිවුඩ් නළු ජෙරමි රෙනර්ත් වේදිකාවට පිවිසි අතර එහිදී සම්මානය ලබාදීමට ප‍‍්‍රථම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ගැන ඇතිවූ කතාබහේදී ජෙරමි සියල්ලන්ටම ඇහෙන්නට පැවසුවෙ ජෙනිෆර්ට සුන්දර පියයුරු යුවලක් ඇති බවයි. 


එහි දර්ශන පටය පහතින්.

සනී ලියෝන් අාසම කෙල්ලෝ දෙන්නා කවුද?

තමන් කැමතිම බොලිවුඩ් නිළියන් දෙන්නා කන්ගනා රනාවත් හා විද්‍යා බාලන් වුනාට සිනමාව තුළ රැඳී සිටින්න උනන්දුවක් ඇති කරන්නේ ප්‍රියංකා චොප්රා කියලයි බොලිවුඩ් නිළි සනි ලියොන් කියන්නේ. කෙටි කාලයකින් බොලිවුඩ් රසික රසිකාවියන් අතර අතිශ්‍ය ජනප්‍රියතාවයක් ලබා ගන්න සනි ලියෝන්ට පුළුවන් වුනානේ.

එකට නම් හේතු ගොඩක් තියෙනවා.කොහොම වුනත් ඇය කියන විදියට ප්‍රියංකා තමා සම්බන්ධ වෙලා ඉන්න හැම ක්ෂේත්‍රයකම ඉහළට ඇවිත් ඉන්නේ.


ඒ වෙනුවෙන් ඇය ලොකු කැපකිරීමක් කරනවා අනික ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් ප්‍රියංකා චොප්රාගේ බිල් බෝර්ඩ් දකින්න ලැබෙනවලු.

මේවා දැක්කම තමන්ට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම බොලිවුඩ් නිළියක් හැටියට ඉදිරියට යන්න උනන්දුවකුත් ඇති වෙනවා කියලයි සනි ලියොන් කියන්නේ.

Wednesday, January 21, 2015

විශ්ව එක පාරටම මගේ ළඟට දුවල ඇවිත් මට තුරුල් වුණා - පියුමි


ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘රිතූ’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් සමඟ රංගනයට පැමිණි ඇය පියුමි හංසමාලි. එහි ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ නිරෝෂා  හේරත්ගෙ දියණිය ලෙස රඟපාන මේ පියුමි කවුද?

‘පියුමි’ ඔබට පියෝ කියලත් කියනවා නේද?
යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන් කියන්නේ ‘රිතී’ කියලයි.

‘රිතී’ කියන්නේ?
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙච්ච ‘රිතූ’ නාට්‍ය නිසයි.

ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. ගම රාජගිරිය.

ඉගෙන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. ලග්නය කුම්භ. වයස අවුරුදු 22යි. අම්මායි-මමයි සතුටින් ජීවිතය ගත කරනවා. රඟපෑම තෝරා ගන්නට පෙර, මම නිරූපිකාවක ලෙස කටයුතු කළා. දැනටත් ඒ අංශයේ නියැලෙනවා. මොඩල් ඔෆ් දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඉසව්ව හරහා තමයි ඒ ක්ෂේත‍්‍රයට ආවේ. රඟපෑම අහම්බයක්.

රඟපෑමට ආධුනික ඔබට රඟපාන්න ලැබුණාම කොහොමද ඒ ගැන හිතුණෙ?
ඇත්තටම බයක් ඇති වුණා. හැබැයි දැන් නම් හරි

රඟපෑම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?
රඟපෑම ගැන සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ආරාධනාව ලැබුණා. ඉතින් බාර ගත්තා.
 

හැදෑරීමකින් තොරව රඟපෑම කියන දේ කරන්න පුළුවනිද?
මම රඟපෑම හදාරලා නැහැ. ඒක ඇත්ත. නමුත් තමන්ගෙ දැක්ම සහ අධ්‍යක්ෂවරයාගෙ මග පෙන්වීම මත රංගනයට ප‍්‍රවේශ වෙන්න පුළුවනි. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඇත්තටම කළ හැකි දේ බොහෝයි. ලෝකයේ බොහෝ නිර්මාණවලට ඒ විදියට නළු-නිළියන් බිහි කරලා තියෙනවා.

රඟපාන කෙනාට කරන්න තියෙන්නේ මොකක්ද?
හැකියාව කියන දේ අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්. නමුත් ඒ හැකියාව නිවැරදිව හඳුනාගෙන නිවැරදි මෙහෙයවීම කරන්නේ අධ්‍යක්ෂවරයායි.

මේ නාට්‍යයේ රඟපෑමට ගිය අවස්ථාවේ මුල්ම දර්ශනයට පෙනී සිටි විදිය මතකද?
මෙහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ විශ්ව කොඩිකාරයි. මම බස් නැවතුම්පොළක සිටියදී තරුණයකු මා සිටින තැනට දිව එනවා. ඔහු පිටුපස පොලිස් නිලධාරීන් ලූහු බඳිනවා. ඔහු එක පාරටම මගේ ළඟට ඇවිත් කුඩය ඔසවාගෙන සිටි මට තුරුල් වී ඔයාගේ සහෝදරයාට උදව් කරන්න කියනවා. එතකොට මම, “අනේ ඇයි මේ? මොකක්ද මේ කරන්නෙ” කියලා කියන්නයි තිබුණේ. අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව මට එය හොඳට කරන්න පුළුවන් වුණා.

කොහොම වුණත්, එක්තරා අවස්ථාවක ඔබ රඟපෑමට ගොස් ආපසු හැරිලා ආවා කියන කතාව මොකක්ද?
රිතූ නාට්‍යයේ නෙවෙයි. ඊට පෙර නාට්‍යයක රඟපෑම සඳහා ස්ක‍්‍රීන් ටෙස්ට් එකට ගියා. එහි අධ්‍යක්ෂවරයා හරිම සැරෙන් මට කතා කළේ. සැරෙන් බැන්නාම මට එපා වුණා. ඊට පෙර මම රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් එයාට ඒ ගැන කිව්වත් සැරෙන් කතා කළේ. 
ඔබ රංගනයේදී පෙම්වතිය නම් පෙම්වතාගේ චරිතයට ඔබට වඩාත් සුදුසු කවුරු කියල ද හිතන්නේ?
මම ආසම විජය කුමාරණතුංගයන්ට

දැන් ඔහු නැහැනේ? ඔව්, දැන් ඔහු නැහැ. ඒත් විජයකුමාරණතුංගයන් සහ මාලිනි ෆොන්සේකා යුවළ රඟපෑ චිත‍්‍රපට අදටත් මම නරඹන්නෙ හරිම ආසාවෙන්. මගේ ප‍්‍රියතම සහ වැඩියෙන්ම කැමති තරු යුවළ ඒ දෙන්නයි.

ටෙලි තිරයේ පෙම්වතා හැටියට ඔබට වඩාත් ගැලපෙන්නෙ? තවම චරිත ගොඩාක් රඟපාලා නැහැනේ. විශ්ව එක්ක තමයි ඉස්සලේලාම රඟපාන්න ලැබුණෙ. විශ්වගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. මම හිතන්නේ ඒ කතාවෙ හැටියට අපි දෙන්නා හොඳට ගැලපුණා.

‘රිතූ’ රඟපාද්දි වෙච්ච දේවල් ගැන කිව්වොත්? පොඩි දේටත් මට නිතරම හිනා යනවා. ඒ නිසා කැමරා අධ්‍යක්ෂ රොෂාන්ගෙන් නම් බැනුම් අහන වාර එමටයි. දැන් ඒ බැණුම් අහන එකත් හරි ජොලි.

‘පියුමි’ ඔබ ගැන ඔබට හිතෙන්නෙ මොන විදියටද? ලැබෙන දේ උපරිම ගෞරවයෙන් කරන, කාටවත් කරදරයක් නැති මම හරි හොඳයි කියලා හිතෙනවා.




මම ඇඟ පෙන්වන්නේ අඩුවෙන් - කවීෂා

සිංහල සිනමාවට එන අලුත්ම තරුව ඔබේ නම කියන්න? කවීශා කාවින්දි. කවිශාගේ අම්මයි තාත්තයි මෙරට ජනප්‍රිය තරු යුගළයක් ඔවුන් ගැන කියමු?

අම්මා ජනපි‍්‍රය නිළි ඩිලානි අබේවර්ධන. තාත්තා තමයි ජනප්‍රිය ගායක සමන් පුෂ්පවර්ණ. එයාව වැඩිපුරම හඳුනන්නේ 'මල්කා' නමින්.

ඔබ පදිංචි වෙලා ඉන්නේ අමෙරිකාවේ? ඔව්.

කොයි කාලේ විතර ද ලංකාවෙන් ඈත් වුණේ?
හරියටම අවුරුදු දොළහකට කලින්. විදෙස් ගත වෙන කොට මට වයස අටයි.

කවිශා හදිසියේම ලංකාවට ආවේ විශේෂ කටයුත්තකට. කියන්න ඒ ගැන?


මට චිත්‍රපටයක රංගනයට ආරාධනා ලැබුණා.

කාගෙන්ද? චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ අංකල්ගෙන්.

කොහොමද ඔබව ඔහු සම්බන්ධ කර ගත්තේ? ෆේස්බුක් හරහා.

කැමැත්තෙන්ද හිටියේ රංගනයට? අමෙරිකාවේදී ස්ටේජ් ඩ්‍රාමාවලට දායක වුණා. නමුත් චිත්‍රපටයක රඟපාන්නේ පළමුවරටයි.

චිත්‍රපටයේ නම සිංග මචං චාලි? හරියටම හරි. එය ලාල් වීරසිංහගේ අධ්‍යක්ෂණයක්.

ඔබ එහි කවුද? මගේ චරිතයේ නම සෙව්වන්දි. ලාල් වීරසිංහගේ පෙම්වතිය.


පළමු රංගනයම පෙම්වතියක් වීම පිළිබඳ දැනුණේ කොයි විදිහටද? මට කලින් පිටපත ලැබුණ නිසා බොහොම ආසාවෙන් චරිතයට පණ පෙව්වා. තිරයේදී පෙම්වතියක් වීම ටිකක් අමාරු වුණා. මොකද සැබෑ ජීවිතයේදී තවම පෙම්වතියක් නොවන නිසා.

ඒ කියන්නේ ඔබ ආදරවන්තියක් නොවෙයි? පුදුමයි? පුදුම වෙන්න දෙයක් නැහැ. මට තවම බෝයි කෙනෙක් නොමැත කියලයි කියන්න තියෙන්නේ.
 


කවීශා විවාහ වන්නට හිතාගෙන ඉන්නේ අමෙරිකවේ කෙනෙක් එක්කද? අපෝ නැහැ. මගේ සහකරුවා නොවැරදීම ලංකාවේ කෙනෙක් විය යුතුමයි.

අමෙරිකාවේ අවුරුදු දොළහක් හිටියට ඔබට හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වුණේ කොහොමද? අමෙරිකාවේ හිටියට හිතිං මම ලංකාවේ ඉන්නේ. එහෙදි අම්මයි තාත්තයි එක්ක කතා කළේ සිංහලෙන්. ලංකාවට මම හරි ආදරෙයි. මම දැනට එහෙ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිග්රියක් කරනවා. විශ්වවිද්‍යාලයේ අවුරුදු හතර නිමා වෙලා උපාධිය අරගෙන කෙලින්ම එන්නේ ලංකාවට. ඇවිත් මෙහෙ මිනිස්සුන්ට සේවය කරනවා.

ඔබේ පියාගේ අඩි පාරේ යන්න හිතිලා නැතිද? මම මේ වන විට මගේම ගීත දෙකක් පටිගත කළා. තාත්තාගේ පැරැණි යුග ගීතයකට ළඟදීම මගේ හඬ මුසු කරලා තාත්තත් එක්ක ගයනවා. නමුත් වැඩිපුර ආස රංගනයට.

කවීශා සාමාන්‍යයෙන් ඇඟ පේන්න අඳිනවා. ඇයි ඒ? නැහැ. මම එහෙම අඳිනවා අඩුයි.

ඒත් ඔබ බාගෙට ඇඳුම් ඇඳගෙන ගත් සේයාරූ කිහිපයක්ම අන්තර් ජාලයේ පළ වුණානේ? අමෙරිකාවට ගිම්හානය එළඹෙද්දී හරිම රස්නෙයි. එතකොට ගොඩක් අය අඩුවෙන් ඇඳුම් අඳින්නේ. මාත් එහෙමයි. ගිම්හාන කාලෙදි මම ගත්තු ඡායාරූප වගයක් කවුරුන් හෝ මට හොරෙන් අන්තර් ජාලයට දාලා.

ඒ කියන්නේ ඔබ ඒ ගැන දන්නෙම නැහැ? ඔව්. ඒක හරිම වැරැදි වැඩක්. ඒත් වෙබ් පිටුවක පළවුණායින් අනතුරුව තවත් වෙබ් පිටු ගණනාවකම ඒක අරන් පළ වෙලා තිබුණා.


ඔබව වැඩි දෙනෙකු හඳුනා ගත්තේ ඒ ඡායාරූපවලින්. සමහරු කවීශා ගැන වැරදියටත් හිතන්නට ඇති? ඒක නම් ඇත්ත. මට ලොකු හානියක් වුණා එමගින්. මගේ ඡායාරූප ගන්න එන අය ඇඟ වැහෙන්න ඇඳගෙන හිටියොත් පුදුම වෙනවා. ඒ අය කියනවා ෂෝට් ඇඳුම්වලින් ෆොටෝ ගමු කියලා. මාව මුලින්ම අර වගේ ඡායාරූපවලින් දැකපු නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.
 

අම්මා රඟපෑව නිර්මාණ නරඹලා තියෙනවාද? ඔව්. ඇයගේ සමහර නාට්‍යවල මම අදටත් ආසයි.

ඔබ ක්ෂේත්‍රයට එනකොට අම්මා මොන වගේ උපදෙසක් ද දුන්නේ? ලංකාවේ අයත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි කියලා තමන්ගේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්නයි කිව්වා.

ඇත්තද ඒක? සමහර අවස්ථාවන්වල එහෙම හිතුණා. ඒත් බහුතරයක අය හොඳයි.

අමෙරිකාවේ සහ මෙරට නිර්මාණ අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? අපේ අය දක්ෂයි. කෙටියෙන්ම කිව්වොත් අපේ නිර්මාණකරුවෝ අමෙරිකානු නිර්මාණකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. නමුත් අපේ අයට එච්චර සල්ලි නැහැ නිර්මාණ ඉදිරිපත් කරන්න.

සාමාන්‍යයෙන් කවිශාට දුක හිතුණාම මොකද කරන්නේ? කාමරේට වෙලා දුක නැති වෙනකම්ම සිංදු අහනවා.

කවුද කවීශගේ ආසම ගායකයා? කසුන් කල්හාර.

තාත්තගේ පැරැණි ගීත රීමික්ස් කරන්න අදහසක් නැතිද? ඒක එයාම කරයි. මං ඒවට අත ගහන්නේ නැහැ.

කවිශගේ උපන් දිනය කියමු? 1994 සැප්තැම්බර් 12.

එතකොට ලග්නය? වෘශ්චික.

සුරතල් නාමය? කවී.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න? සංවේදී කෙනෙක්. නිතර හිනා වෙලා ඉන්න තමයි කැමැති.

සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න



අනර්කලීගෙත් හොර මාට්ටු!

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ත්‍රික්ක‍යෙන් තරග කළ අනර්කලී ආකර්ෂා විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ‍යොදාගත් බව පැව‍සෙන කැබ් රථයක් ඊ‍යේ මාතර ‍පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබිණි. ‍

මාතර වැඩබලන මූළස්ථාන ‍පොලිස් පරීක්ෂක එච්. ජී කමල් මහතාට ලැබුණු ‍තොරතුරක් මත ‍මෙම වැටලීම සිදුකර ඇති අතර, රථ‍යේ චැසි අංකය හා කැබ් රථ‍යේ අංකය අතර පරස්පරතාවක් පවතින බවටද අනාවරණය වී පවතී. මෙම කැබ් රථය පඩුවස්නුවර ප්‍ර‍ාදේශීය සභාවට අයත් බවට සැක‍ කෙ‍රෙයි. ‍

මෙම කැබ් රථය වල්ගම ප්‍රදේශ‍යේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබියදී ‍සොයා‍ගෙන ති‍බේ.


රථ‍යෙහි ඇතිවූ ‍දෝෂයක්  පිළිබදව කළ දැනුම්දීමකින් පසු අදාළ වාහන අලුත් වැඩියා කරන ආයතනය  ‍මෙම ස්ථානයට රැගෙන විත් ඇති බව මූලික පරීක්ෂනවලින් අනාවරණය වී ඇත.

එම රථය අලුත් වැඩියා කිරීම සදහා අවශ්‍ය ඇස්ත‍මේන්තු මුදල් ප්‍රමාණය දැනුම් දුන්නත් ‍මේ වන‍තෙක් අදාළ පාර්ශ්ව‍යෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී ‍නොමැති අතර එම වාහනයේ ‍කොටස් කිහිපයක් ‍ගලවා ඇති බවද දැනගන්නට ලැ‍බේ.


මේ පිළිබද ‍සොයාබැලීමට ‍මේ දක්වා කිසි‍වෙකු පැමින ‍නැති බවටද ‍හෙළිව ඇති බවද දැනගන්නට ලැ‍බේ. මේ පිළිබද මාතර ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.