Saturday, January 24, 2015

නිරෝෂා පෙරේරා යුගදිවියට ?


නිරෝෂා පෙරේරාගේ වෙඩින් එක ළඟදි තිබිලා කියලා මේ දවස්වල පොඩි කතාබහක් යනවා. මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ඕනි නිසා අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. කතාව ඇත්ත තමයි. නිරෝෂා පෙරේරා විවාහ වෙලා. හැබැයි ඇයගේ අත ගත්ත කුමාරයා වෙලා තියෙන්නේ නම් ලංකාවේ කෙනෙක් නෙවෙයි.

ඔහු ජපන් ජාතිකයෙක්.  නම මසායා සං. මේ දෙන්නාගේ විවාහය සිද්ධවෙලා තියෙන්නේ කොළඹ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේයි. ලස්සනට උඩරට මනාළියෙක් විදියට සැරසුණු නිරෝෂා වගේම මේ විවාහයට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා කියලා ආරංචියකුත් ඇවිත් තිබිලා. කොහොම වුනත් එතන්ට ගිය අයටනම් පොඩි අමුත්තක් වගේ දැනුණු නිසා ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා..


එතකොට තමයි ඇත්ත සිද්ධිය ගැන එළිවෙලා තියෙන්නේ. නිරෝෂා මේ හදිසියේම ජපන් ජාතිකයෙක් එක්ක විවාහවෙලා තියෙන්නේ චිත්‍රපට දර්ශනයක් වෙනුවෙන්. ‘‘කන්දක් සේමා‘‘ කියලා අලුතින්ම තිරගතවෙන්නට තියෙන චිත්‍රපටයක ‘‘නූපා‘‘ කියන චරිතයට පණපොවන්නේ නිරෝෂා පෙරේරා. මේ චිත්‍රපටයට අනුව නිරෝෂා එහෙමත් නැත්නම් ‘‘නූපා‘‘ ලංකාවේදි ජපන් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ඒ රටට යනවලු. අන්න ඒ අවස්ථාව ගැන තමයි මේ හැමෝම කතා වෙලා තියෙන්නේ.

කොහොම වුනත් මේ චිත්‍රපටය ගැන කතාකරන නිරෝෂා නම් කියන්නේ ඇයට රඟපාන්න ලැබුණු චරිතය දකුණු ආසියානු කාන්තාවකගේ චරිතයක් නිසා ඇයගේ හම දැන් පවතින සුදට වඩා පොඩ්ඩක් අඳුරු පැහැ කරගන්න අධ්‍යක්ෂකවරයා කැමති නම් එන්නතක් වුනත් විදින්න කැමැත්තෙන් හිටියාලු.  ඒ වගේ අභියෝගයක් වුනත් ඇය බාරගන්න තරම් කැමැත්තෙන් තමයි මේ චිත්‍රපටයට සහභාගී වෙලා තියෙන්නේ.  ළඟදීම දවසක ජපන් ජාතිකයෙක් විවාහ කරගත්ත නිරෝෂාව අපිට රිදී තිරයේදී ‘‘නූපා‘‘ කියන චරිතයෙන් දකින්න ලැබෙවී.