Thursday, October 9, 2014

ඔබ දුටු සිහිනය සුබද ? අසුබද ?

සිහින නොදැකපු කවුරුවත් මේ ලෝකෙ නැහැ. නිදි සුව අතරෙදි දැක්කත් සිහින කියන්නෙ අනාගතය ගැන දෙන ඉඟි කියලයි අනාදිමත් කාලයක සිටම විශ්වාස කරන්නෙ. කොසොල් රජු පවා තමන් දුටු සිහින පිළිබඳව බුදුන් වහන්සෙගෙන් විමසූ අවස්ථාවේ උන් වහන්සේ ද එම සිහින විග්‍රහ කරනු ලැබුව. ඔබ දුටු සිහින ද ඔබගේ හෙට දිනය ගැන යම් ඉඟි පවසනු ඇති.    
 
සුබ සිහින කියන දේ
 
01 නෙළුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම, සිහිනයෙන් නෙළුම් මල් කඩාගෙන සිනාසීම, විනෝද වීම, නෙළුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කරනවා දැකීම - රටේ ඉහළ පෙලේ සැප සම්පත්, නම්බු නාම, ගරු පිළිගැනීම්, රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි.
 
02 ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දැකීම -වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ.
 
03 සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දැකීම, විශාල ප්‍රමාණයක් රිදී කාසි දැකීම - ගොවිතැන්, වෙළදාම්, රැකියා ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි.
 
04 සුදු බත් සහ පහන්දැකීම, ජලයෙහි පිහිනා ගොස් එගොඩවනු දැකීම, ගිනි කදු දැකීම,  ගිනි කදු සෙලවීම දැකීම - තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ.
 
05 සුදු නයෙකු විසින් දකුණු අතට දෂ්ඨ කරනවා දැකීම - දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ.
 
06 දේවතාවියන් දැකීම - සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ.
 
07 මහ මුහුද නිශ්චලව දැකීම, ඉතා අලන්කාර ලෙස අහස දැකීම, ඉති ලස්සන ලෙස සඳ දැකීම - ප්‍රිති සහගත උත්සවල විනෝදකාමී දේවලට සහභාගී වී සතුට සැපත බලාපොරොත්තු ඉ‍ටුවීම් වැනි දේ පෙන්නුම් කරයි.
 
08 බුදුවරුන්, දේවතාවුන්, රහතන් වහන්සේලා දැකීම - එලොව මෙලොව යහපත උදෙසා
ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ.

 
09 පෙම්වතාගෙන් මුතු ලැබීම, පිරිපුන් දිය නෑම, සුවද දේ ගෑම, උසස් සම්පත් හා පළදනා පැලඳීම, නොකැපූ මැණික් දැකීම - යස ඉසුරු සම්පත් ලැබේ.
 
10 තම මැණියන් සතු‍ටු කදුළු හෙළීම, මව ආදරයෙන් කිරි දෙනු දැකීම - සිතු පරිදි ධන සම්පත් ඇති වේ.
 
11 මවි පියන්, නෑදෑයන්ලහිත්වතුන්, එක්වී ආදර බස්, සතු‍ටු වදන් කීම, උපදෙස් දීම ආදිය දැකීම - වට පිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේගගගග
 
12 ලිය කියවිලි වල යෙදුන අය දැකීම, සතු‍ටු සිතින් සිටින ඉහළ අය දේකීම, පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම - තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි.
 
13 කිරි එළදෙනුන්, සුදු ගවයන්, සුදු නයින් දැකීම, බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම - පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ.
 
14 මත් පැන් බොනවා දැකීම, තව අයට කථා කරනවා දැකීම - පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණෞවක් පෙන්වයි.
 
15 පහන් පත්තු කිරීම, කැටපත් සුදින් වස්ත්‍ර දැකීම - ධන වාසනාවක් අත්වේ.
 
16ගතමන් සින්හයෙකු පිට නැග යනවා දැකීමලමන්ගල පෝරූ දැකීමලරන් රිදී ආභරණ දැකීම-ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේගගග
 
17 මදුරුවන් ලේ බොනවා දැකීම, සදුන් ලී දැකීම, පබළු වළලු දැකීම -වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි.
 
18 කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම, නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම, සුදු නයින් පෙනීම, සුදු අසෙකු දැකීම, සුදු නෙලුම් මල් දැකීම, කිරි වර්ග දැකීම, මී වද දැකීම - පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වීලමැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබීලඅදුරෙන් එළියට පැමිණීමට හේතු වේ.
 
19 මොනරුන්, කුකුළන්, කොවුලන් දැකීම, ඉගිලෙන පරවියන් දැකීම, කෞතුකාගරයක් දැකීම -වාසනාවන්ත පෙම්වතියක් සමග, කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ.
 
20 පැරණි විහාර, දාගැබ් දැකීම -උසස්වීමක්, ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ.
 
21 පුරාණ පඩිපෙල් දැකීම - බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ.
 
22 පුරාණ ගල් කණු දැකීම -සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ.
 
23 තූර්ය භාණ්ඩ පරිහරණය කරනවා දැකීම - රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම, ප්‍රීති දායක ආරංචි හා නොසිතු ලාභ ලැබේ.
 
24 වෙහෙර විහාර බුදුන් වඳිනවා දැකීම -දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ.
 
25 මාළු රන්චුවක් දැකීම - ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්.
 
26 පහන් වැටක් දැකීම - හිමිවීමට තිබෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි.
 
27 ඝාණ්ඨාරයක් වාදනය වනවාදැකීම - ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත.
 
28 මල් පූජා කරනව දැකීම - ඉහළ පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි.
 
29 විහරස්ථානය්ක් දැකීම - ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත.
 
30 ඔරලෝසු දැකීම - සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉ‍ටුවනු ඇත.
 
31 මුදුවක් තමාම පළදිනවා දැකීම -තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැබෙනවා ඇත.
 
32 විශාල ලෙස රිදී කාසි දැකීමලමල් සහිත ගස් දැකීම - වෙළද ව්‍යාපාර දියුණුවක්ලබලාපොරොත්තු නොවූ ලාභයක්.
 
33 රන්මාලයක් දැකීම -සතු‍ටු දායක ලප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ.

 
 
අශුභ ඵල ගෙන දෙන හීන 
 
01 වඳුරන් ගස් උඩ යනවා දැකීම - නීති මගින් දඩුවමක්ගගගග
 
02 වලසුන්, උකුස්සන්, ඌරන් දැකීම - නඩු හබ තව තව වැඩිවේලනිදහස පැතීම අසීරු වේ.
 
03 දරුණු ලෙස සිනහ සෙනවා දැකීම - අඬ අඬා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.
 
04 දඩයම් කිරීමට යාම, මඩ වගුරකින් යෑම දැකීම - පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්.
 
05 තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දැකීම -දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේගගග
 
06 තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දැකීම -ගෙදරින් පිටවීමක්ලඅන්සතු වීම්ක්ලවිවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ.
 
07 ගොම් මැටි ගෙයි ගෑම, විශාල ගස් සමූහයක් දැකීම -සතුරු විනාශයක්.
 
08 දත් වැටීම හෝ දිව වැටීම දැකීම - භායානක විපතක්, මරණයක් දරුණු පීඩාවක් අත ලගම.
 
09 වැලි කඳු දැකීම - බලපොරොත්තු ඉ‍ටු නොවේ.
 
10 විශාල ගල් පර්වතයක් දැකීම - හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ.
 
11 දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම - රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්.
 
12 ගසකින් වැටී අනතුරකට පත්වනවා දැකීම -ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක.
 
13 ගැරඩියෙකු මකුළුවෙකු දැකීම -අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී.
 
14 පොලගෙකු දැකීම - රෝග වලටලකරදරවලට හසුවේ.
 
15 කලු නයෙකු දැකීම - නුවමනා දේ වලට පවා පැටලේලඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේලතම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ.
 
16 ගිරවෙකු දැකීම - එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි.
 
17 වහනයක් පෙරලෙනවා දැකීම - මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත.
 
18 අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම - බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ.
 
19 පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දැකීම - මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි.
 
20 එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දැකීම - මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ.
 
21 ගේ තුල හතු පිපී තිබෙනවා දැකීම - ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්.
 
22 ඉර හද තරු කඩ වැටෙනවා දැකීම - දරුණු කරදර වැලකට පැටලේ.
  23 අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දැකීම - ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ.
 
24 වලසෙකු දැකීම - මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි.
 
25 කොටියෙකු සිහිනෙන් දැකීම - අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ.
 
26 කුළු හරක් දැකීම - සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයිගගගග
 
27 ගංගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දැකීම - ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදීලදෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත.
 
28 මඩ වගුරු සහිත දිය උල්පත් දැකීම -සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි.
 
29 ගගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
http://offair.nethfm.com