තමන්
කැමතිම බොලිවුඩ් නිළියන් දෙන්නා කන්ගනා රනාවත් හා විද්‍යා බාලන් වුනාට
සිනමාව තුළ රැඳී සිටින්න උනන්දුවක් ඇති කරන්නේ ප්‍රියංකා චොප්රා කියලයි
බොලිවුඩ් නිළි සනි ලියොන් කියන්නේ. කෙටි කාලයකින් බොලිවුඩ් රසික රසිකාවියන්
අතර අතිශ්‍ය ජනප්‍රියතාවයක් ලබා ගන්න සනි ලියෝන්ට පුළුවන් වුනානේ.එකට නම් හේතු ගොඩක් තියෙනවා.කොහොම වුනත් ඇය කියන විදියට ප්‍රියංකා තමා සම්බන්ධ වෙලා ඉන්න හැම ක්ෂේත්‍රයකම ඉහළට ඇවිත් ඉන්නේ.
මේවා දැක්කම තමන්ට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම බොලිවුඩ් නිළියක් හැටියට ඉදිරියට යන්න උනන්දුවකුත් ඇති වෙනවා කියලයි සනි ලියොන් කියන්නේ.



















































