Tuesday, January 6, 2015

අම්මා කෙනෙක් වුණා කියලා මගේ විසේකාරකම්, දැඟලිල්ල අඩුවක් වෙලා නැහැ - උදාරි

Udari speaks about her life


ක්ෂේත්‍රයට පිවිස කෙටි කලකින් ප්‍රේක්ෂක සිත් ඇදගත් උදාරි කෙටි කලකින්ම යුගදිවියකට පිවිසියා ය. ඇගේ සැමියා වෘත්තියේ වෛද්‍යවරයෙකි. දෙදෙනාම විවාහයෙන් පසු සිංගප්පුරුවේ පදිංචියට ගිය අතර ඇය දැන් බිරිදක් සේම දිය‚යකගේ මවකි. දෙවසරක් පමණ කාලයක් රංගන ජිවිතයෙන් ඈත්ව සිටි නමුත් උදාරි නැවතත් ලංකාවට ආවේ ඇගේ රංගන ජීවිතය නැවතත් ගොඩනගා ගැනීමට ය. මේ වතාවේ දී ඇය සැමියාව සිංගප්පුරුවේ තියලාලූ‍ අවේ ඒ ඔහුගේ කාර්යබහුලත්වය සහ ඔහුත් සමග ඇවිත් වැඩි දවසක් ලංකාව තුළ රැදෙන්නට බැරි නිසාලූ‍. ඒ වගේම උදාරි මේ වතාවේදී නම් ලංකාවට ඇවිත් තිඛෙන්නේ දිගටම නවතින්න බලාගෙන.

දැන් ඇය නැවතත් සුපුරුදු වෘත්තියට බැහැල ආපහු වැඩ පටන්ගන්න සුදානම් බවත්, තාවකාලිකව සමුඅරගෙන හිටපු කාලසිමාව තුළදීත් උදාරිට සෑහෙන්න ආරාධනා ලැබුණු බවත් දැන් ඊටත් වඩා දහගුණයකින් නිර්මාණවලට ආරාධනා ලැඛෙන බවත් ඇය පවසා තිබු‚.

අම්මයි, දුවයි ලංකාවේ නවතිනවට සැමියා සිංගපුරුවේ දාමය. ඒ ගැන පවසමින් උදාරි,
˜‍ඇත්තටම ඔහුගෙන් මට ලැඛෙන දායකත්වය වචනයෙන් කියා නිම කරන්න බැහැ. පුදුම විදිහට මාව තේරුම් අරගෙන ඉන්නේ.˜‍ යනුවෙන් පවසා තිබු‚.

දරු ප්‍රසුතියේ පසු උදාරි ඛෙහෙවින් තරබාරු වී සිටි නමුත් ඇයට දැන් රඟපාන්න සුදුසු සිරුරක් තියෙනවා තියෙනවාලූ‍. ඇය දැන් අම්මා කෙනෙක්. ආපසු සංසලා වගේ වෙන්න පුළුවන් බැව් පවසමින්, ˜‍සංසලා වගේ වෙන්න පැහැදිලිවම පුළුවන්. මොකද මම ඒ අභියෝගයට මුහුණ දීලා ඒ අභියෝගය ජයගෙන තිඛෙනවා. දැන් අම්මා කෙනෙකුට තියෙන සිරුරක් නෙමෙයි මට තියෙන්නේ. මට ආපහු පෙම්වතියක් වෙන්න පුළුවන්. මට ආපහු ලැබුණේ පෙම්වතියගේ චරිත.

මගේ වයසේ හැටියට මම විලාසිතා කියන දේ හුඟක් අනුගමනය කරනවා. අම්මා වුණා කියලා මට රෙද්ද හැට්ටය, චිත්තය ඇදගෙන ඉන්න වුවමනාවක් නැහැ. මම ඒ පටු රාමුවෙන් මිදුණු අම්මා කෙනෙක්. සැමියාගේ කැමැත්තත් එවැනි පටු රාමුවෙන් මිදිලා ඉන්න එකට. අම්මා කෙනෙක් වුණා කියලා මගේ විසේකාරකම්, දැඟලිල්ල අඩුවක් වෙලා නැහැ. සැමියා කැමැති නැහැ මම තැන්පත්වෙලා ඉන්නවාට. සංසලා කියන චරිතයට තමයි. එයා කැමැති. දඟකාර උදාරිට තමයි සැමියා කැමැති. රංගන ක්ෂේත්‍රයේ සිටින හැමදෙනාම කටකතා කියන දේ බලාපොරොත්තු විය යුතු දෙයක්. සියයට අනුනමයකටම කටකතා කියන දේවල් හැදෙනවා. ඒ අනුනමයෙන් එක්කෙනෙක්ගේ ගොඩට මාත් ඇති කියලා හිතනවා.˜‍ යනුවෙන් උදාරි දගකාරකමින් පිරි ඇගේ ගමන ගැන කියා සිටියා ඇය සිංගප්පුරුවේ දී ගෙවී ගිය කාලය පිළිබදවත් සිහිපත් කර තිබු‚.

˜‍හරිම සුන්දරයි. පවුල් සංස්ථාව කියන දේ තරම් වටිනා දෙයක් නැහැ. මම ඒ වටිනාකම ඇත්තටම  වින්දා වගේම විදිමින් ඉන්නවා. ඔහුගෙන් තාවකාලිකව හෝ සමුඅරගෙන මෙහාට වෙලා සිටිම දුකක්. සැමියා මාව බලන්න හැම මාසයකටම වරක් එනවා. ඉස්සරත් එහෙමනේ.

ජිවිතේ ඉස්සර තිබුණු සැහැල්ලුව තවමත් තියෙනවා. ඒ වුණාට වගකීම් වැඩිවෙලා. මම හොඳ අම්මා කෙනෙක් කියලා විශ්වාස කරනවා. මම අද වෙනකම් දරුවාගේ කිසිම දෙයකට කිසිම කෙනෙකුගෙන් උදව් අරගෙන කරලා නැහැ. දරුවාගේ හැමදෙයක්ම මගේ අතින් තමයි සිදුවෙන්නේ.

තනිකඩ ජිවිතයට වඩා පවුල් ජිවිතය හා මව් පදවිය ගොඩක් වටිනවා දරුවෙක්ගේ වගකිම් ගන්න ගොඩක් ලොකු බයක් දැනුණා. හැබැයි දැන් ඒ බය නැතිව ගියා.˜‍

අම්මා කෙනෙක් වුණු හින්දා උදාරිට තරුණ තරු‚යෝ ආදරය කරන එක නැතිවේව ද යන්න පිළිබදව විමසු අවස්තාවක දී,

˜‍ඔය කතාව හැම මාධ්‍යවේදිවෙක්ම මගෙන් අහපු ප‍්‍රශ්ණයක්. පායා එන්න හිරු සේ චිත‍්‍රපටය රඟපාලා තිරගත වෙන්න කලින් මම විවාහ වුණා එතකොට ඇහැව්වේ ඔයාගේ ජනප‍්‍රියත්වයට විවාහය බාධාවක් නෙමෙයි ද කියලා. මම එදත් කිව්වේ නැහැ කියලා. අද මගෙන් අහනවා ජනප‍්‍රියත්වය ඉහළම ඉන්නකොට මවු පදවිය ලැබුවා කියලා. මම අදත් කියන්නේ ඒ ජනප‍්‍රියත්වය අදටත් අඩුවක් නැහැ කියලා.

මගේ පිනට වගේම වාසනාවට මා වටා ඉන්න පේ‍්‍රක්‍ෂකයන් හරි අවංකයි. ඔවුන් මම විවාහ වුණා කියලවත් මවක් වුණා කියලවත් මාව අතහැරලා යන්නේ නැහැ.˜‍ යනුවෙන් ද උදාරි සිය රසිකන් පිළිබදව පවසා සිටියා ය.Udari speaks about her life

Udari speaks about her life

Udari speaks about her life

Udari speaks about her life

Udari speaks about her life