Wednesday, December 31, 2014

නවක වදය දුරදිග ගොස් පාසලක සිසුවෙක් මියයයි - වීඩියෝ සහිතයි


පාසල වෙත අලුතින් පැමිණි සිසුවෙකුට නවක වදය දීම නිසාවෙන් ඔහු මියගිය ගොස් ඇති පුවතක් රුසියාවෙන් වාර්තා වේ. Sergei Casper නම් වන මෙම තරුණයා වෙනත් පාසැලක දක්ෂ ලෙස ඉගෙනුම ලබා ඇති අතර පසුව වෙනත් පාසැලක් වෙත ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි.

එම නව පාසැලේ සිසුන් විසින් ඔහුගේ අතපය බැඳදමා වැසිකිළියක ඔබා ඇති අතර ඉන් අනතුරුව පන්තිය තුල බිම දමා තිබේ.


ඔහුව බිම දමන අවස්ථාවේදී අසල තිබූ ඩෙස්ක් එකක බෙල්ල වැදී ඇති අතර වේදනාවෙන් කෑ ගසන ඔහු දැක අනෙක් සිසුන් සිනාසී ඇත්තේ ඔහු කරන්නේ බොරුවක් යැයි සිතාය. පසුව විපරම් කිරීමේදී ඔහු අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට දැනගෙන ඇති අතර වහාම ඔහුව රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් රෝහල් ගතකර සුලු මොහොතකින් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ඔහුට පහරදෙන අවස්ථාවේ වීඩියෝව පහතින්...

මේ සැරේ ලෝක කුසලානයට ඉන්දියාව වෙනුවෙන් නිරුවත් වෙන්න බෑ - පූනම් පාන්ඩේ


2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් ප්‍රසිද්ධියේ නිරුවත්වන බවට ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාන්ඩේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුකරන්නට විය.

එකල මෙම ප්‍රකාශය සමඟ ඇය ඉමහත් ප්‍රසිද්ධියත් ලබාගත්තද පසුව ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමඟින් පොරොන්දුව ඉටු නොකිරීම නිසා ඇය පිළිබඳව තිබූ ප්‍රේක්ෂක අවධානය නැතිවිය.


කෙසේ නමුත් ඇය දැන් පවසන්නේ එලෙස ප්‍රකාශකලේ ක්‍රිකට් ලෝලීන් හට ලෝක කුසලානය පිළිබඳව උද්යෝගයක් ඇති කිරීමට බවයි. එමෙන්ම මේ වන විට ඇය ඉන්දීය කලා ක්ෂේත්‍රය තුල රඳවාගෙන ඇති නම රැකගැනීම උදෙසා නැවත වරක් එවැනි ප්‍රකාශ සිදුනොකරණ බවටද දන්වා ඇත.
පූනම් පාණ්ඩේ 2011 වසරේදි එරට වෙළද ප්‍රචාරණ දැන්වීම් තුලින් කරලියට පැමිණි අතර මේ වන විට චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිස ඇත.







මඟීන් 462ක් සමඟින් අනතුරට ලක්වීමට ගිය ගුවන් යානයක් නියමුවාගේ දස්කමින් වැලකුණු අයුරු -වීඩියෝ


මගීන් 447 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගත් වර්ජින් ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක් අනතුරට ලක්වීම වළක්වා ගැනීමට එහි නියමුවා සමත් වුණා.

ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළින් ඇමරිකාවේ ලාස් වේගාස් ගුවන් තොටුපළ දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ මෙම ගුවන් යානය ලන්ඩනයෙන් නික්මීමෙන් අනතුරුව එහි ගොඩබැස්සවීමේ යන්ත‍්‍ර අක‍්‍රයවීමක් වාර්තා වී තිබෙනවා.


මේ නිසා පැය කිහිපයක් දකුණු දිග එංගලන්ත ඉහළ අහසේ සැරිසැරූ ගුවන් යානය ගැට්වික් ගුවන් තොටුපළට යළි ගොඩ බස්සවනු ලැබුවේ එහි ඉන්ධනවලින් කොටසක් ඉවත හෙලීමෙන් අනතුරුවයි.

ගැස්මක් සහිතව වුවද සුරක්ෂිත ලෙස යානය ගොඩබැස්සවීමට නියමුවා සමත් වීම ඇමරිකානු වර්ජින් ගුවන් සේවයේ නිර්මාතෘ ශ‍්‍රීමත් රිචඞ් බ‍්‍රැන්සන්ගේ ප‍්‍රසාදයට ලක්වුණා.




















දිල්හානී මෛත්‍රීට සහය දෙද්දී සැමියා ජනපතිට සහය දෙයි - වීඩියෝ


පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ උණුසුමත් සමඟින් කලාකරුවන් රැසක් පක්ෂ විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහය දැක්වීමට තීරණය කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත දෙකක් වන දිල්හානි අශෝකමාලා හා ඇයගේ සැමියා වන ප්‍රියංකර පෙරේරාද තමන් සහය දක්වන්නේ කාටද යන වග මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබෙනවා.


මෙහි විශේෂත්වය වන්නේ දිල්හානි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන විටදී ඇයගේ සැමියාවන ප්‍රියංකර පෙරේරා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමයි.

ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශයන් පහතින්...

දිල්හානි අශෝකමාලා..



ප්‍රියංකර පෙරේරා..



ජැකලීන් සල්මන් ගෙනා හේතුව හෙළිවෙයි !

ජැකලීන් සල්මන් ගෙනා හේතුව හෙළිවෙයි !බොලිවුඩ් නළු නිළි යුවළක් වන සල්මාන් ඛාන් හා ජැකලින් ෆර්නැන්ඩිස් ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුත්තකදී විශේෂ අමුත්තන් ලෙස පෙනී සිටීමෙන් පසුව මෙරටින් මෙන්ම ඉන්දියාවෙන්ද ඛාන්, දැඩි දෝෂදර්ශනයට ලක්විය.
මේ සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩිස් ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්වෙබ් අඩවිය සමග අදහස් දක්වා තිබේ. එහිදී ඇය පවසා ඇත්තේ සල්මාන් ඛාන් ගේ පුණ්‍යායතන කර්තව්‍යයක් වන 'බීං හියුමන් '(Being Human) හි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා සිටියේ තමා බවයි.
"ඇසේ සුද ඇති වූ පුද්ගලයන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කාච 200ක් පරිත්‍යාග කිරීමට ඔහු අඩු පහසුකම් වලින් යුත් ප්‍රදේශ වලට ගමන් කළා. මුදල් පරිත්‍යාගයක් ද සිදුකළා. එහෙත්, ජනතාවට කිසිඳු කටයුත්තක හොඳක් නොපෙනීම ගැන කනස්සලු වෙනවා. සෑම හොඳ කටයුත්තක් පසුපස ඇති යටි අරමුණ හඳුනාගැනීම පමණයි," යැයි ඇය පවසා තිබේ.
මෙය, පුණ්‍යාතන කටයුතු සඳහා සිදුකළ සංචාරයකටත් වඩා ඉදිරි මැතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හට වාසිදායක තත්ත්වයක් උදාකරවීමට සිදුකළ උත්සහයක් ලෙස දිස් වන බවට එම පුවත් සේවය සඳහන් කළ විටදී ජැකලින් ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරකි. "සල්මාන් කියන්නේ ඒකපුද්ගලයෙකි. ඔහු ජනපති රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් හොඳින් හඳුනනවා. ජනපති රාජපක්ෂට සහය දීමට සල්මාන්ට අවශ්‍ය නම් ඒ ඔහුගේ තීරණයක්. ඒ ගැන වෙන කාටවත් ප්‍රශ්ණ කරන්න අයිතියක් නෑ."
කෙසේ වෙතත්, ඇය සිය සහභාගීත්වය පිළිබඳව අදහස් දක්වා ඇත්තේ එය පුණ්‍යාතන කටයුත්තට සීමා වූ බවයි.
මෙවැනි විකාර වලට වඩා ශ්‍රී ලංකාවේ සිදුකළ දැනුවත්කිරීම ගැන අවධානය කිරීමට මං කැමතියි.
SalmanK1 600px 14 12 29

2015 ඔබට කොහොම ද?

මේෂ

උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධි කුජ සිකුරු සමඟ එක් වී කර්මස්ථානයේත් ආත්මකාරක රවී බුධ සමඟින් ධර්මස්ථානයේත් දුකට අධිපති ශනි අට වැන්නේත් සදු ලග්න භාවයේත් යෝග කාරක ගුරු උච්ච බල සහිතව සිවුවැන්නේත් රාහු හයවැන්නේත් කේතු දොළොස්වක භාවයේත් ගෝචර වෙමින් පවතින මොහොතක අට දහස අධිපතින් පරිවර්තනය වෙමින් මාතෘ පරිවර්තන යෝගය ද උදා කරවමිනුයි ඔබට 2015 නව වසර උදා වනුයේ.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනයේ නියැළී සිටින දූ පුතුන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමෙන් කරගෙන යෑම ඉඩ ප්‍රස්ථාව විවර වුවත් වරින් වර ඊට බාධා අවහිරතා මතු වන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු කටයුතුවල නිරත සැමට තම අපේක්ෂා මුදුන්පත් කර ගත හැකිය.
ආදායම් හා රැකියාව - රැකියා පිළිබඳ කරුණු පෙන්වන දසවැන්නේ උච්ච කුජ සිකුරු සමඟින් සංයෝගව සිටීම රැකියාවල නිරත වන්නන්ට එතරම් යහපත් ප්‍රතිඵල අත්කර නොදෙන්නට ද පුළුවන. රැකියා හා ව්‍යාපාර ක්ෂේත්‍ර තුළ නිරතව සිටින මේෂ ලග්න හිමි සැමගේ කටයුතු අඩපණ වීමට ඉඩ ප්‍රස්ථාව බහුල බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරීව සිහිනුවණින් යුක්තව කටයුතු කළ යුතුය.

ගෘහ පැවැත්ම - පොදුවේ ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත කරමින් සිටින ඔබට අවුරුදු උදා කේන්ද්‍රයත් සමඟ ජන්ම අෂ්ඨම ඒරාෂ්ටකය ද උදා කරවයි. එලෙස උදාවන මේ වර්ෂය ඔබට ඉතා අයහපත් විය හැකිය.

තම අභිමානයට හානි වන අන්දමේ කටයුතු සිදුවිය හැකි අතර යුග දිවි ගත කරන්නන් තුළ ද පැවැති අන්‍යෝන්‍ය විශ්වාසය හා සමඟිය වියැකී යාමට ලක්වන්නන්ට ද පුළුවන. අනතුරු කරදර බාධක හා වියදම් පාර්ශ්වය ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ආගමානුකූල වත්පිළිවෙත්වල නිරත වන්නේ නම් ඔබට යහපත් වනු ඇත.

සෞඛ්‍යය - බහුල ලෙස අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතී. අමනුෂ්‍ය දෝෂ හේතුවෙන් හට ගන්නා විවිධ උපද්‍රවවලට ලක් වන්නට ද දාහ ගති ඇති උෂ්ණ රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී.

ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා 
ශුභ අංකය - 1, 2, 4, 5, 7, 9
ශුභ වර්ණය - රතු, නිල්
ශුභ මැණික් - රතු කොරල්, රතු මැණික්


වෘෂභ
රැකියාවෙන් උසස් වීම්

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු කුජ සමඟින් සංයෝගව භාග්‍යස්ථානයේත් ආත්මකාරක රවී බුධ සමඟින් අට වැන්නේත් යෝග කාරක ශනි විවාහකස්ථානයේත් සඳු වැය ස්ථානයේත් රාහු පස්වැන්නේත් කේතු අයස්ථානයේත් උච්ච ගුරු වික්‍රමස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක හත සහ නවය අධිපති පරිවර්තනය වෙමින් පරිවර්තන යෝගයක් ද උදා කරවමිනුයි 2015 නව වර්ෂය ඔබට උදාවන්නේ.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනයේ නියළී සිටින දූ පුතුන් අධ්‍යාපන කටයුතු කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බව පෙන්වයි. එබැවින් යම් පසුබෑමක් ඇති විය හැකි බැවින් වෘෂභ ලග්න හිමි දරුවන් සිටින මවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිම මැනවි.

ආදායම් හා රැකියාව - හවුල් ව්‍යාපාර හා විදේශ වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරන අයට තම ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට මෙම වසරේදී භාග්‍යය හිමි වනු ඇත. රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ සිහිනය ද මල්ඵල ගැන්වෙනු ඇත.

ගෘහ පැවැත්ම - හත්වැනි භාවයේ ශනි සතුරු තත්ත්වයේ ගමන් කරන බැවින් යුග දිවි ගත කරන්නන් අතර කිසියම් ආකාරයක අවුල් වියවුල් ස්වභාවයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම ඔබට යහපත් වනු ඇත.

සෞඛ්‍යය - ලෙඩ රෝග පිළිබඳ කරුණු පෙන්වන කේන්ද්‍රයේ හය වැන්න පාපකර්තරී දෝෂයට හසු වී ඇති බැවින් තම සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඔබට මෙම වසරේදී සිදුවනු ඇත. බහුල ලෙස සෙම් රෝග හා උගුර ආශ්‍රිත උපද්‍රවවලට ලක්වන්නට සිදු විය හැකිය.

ශුභ දවස් - බදාදා, සිකුරාදා, ඉරිදා
ශුභ අංකය - 6
ශුභ වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි
ශුභ මැණික් - දියමන්ති, සුදු මැණික්


මිථුන
ආදායමේ ක්ෂණික වර්ධනයක්

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ ආත්ම කාරක රවි සමඟින් කලත්‍රස්ථානයේත් ධන කාරක ගුරු ධනස්ථානයේත් කුජ සිකුරු සමඟින් අට වැන්නේත් ශනි රෝගස්ථානයේත් සඳු අයස්ථානයේත් රාහු සිවුවැන්නේත් කේතු අට වැන්නේත් ගෝචර වෙමින් පවතින මොහොතක හය සහ අට අධිපතීන් පරිවර්තනය වෙමින් ශ්‍රැත පරිවර්තන යෝගය ද උදා වෙමින් පවතින මොහොතකයි 2015 නව වර්ෂය ඔබට උදා වන්නේ.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලට ඉතාම කරදර බාධා සහිත වසරකි. එබැවින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම කරදර බාධා සහිත වසරකි. එබැවින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට මවුපියන්ට සිදුවනු ඇත.

ආදායම් හා රැකියාව - තම ආදායම් තත්ත්වය ක්ෂණිකව වර්ධනය කරගැනීමක් මෙම වසරේදී ඔබට බලාපොරොත්තු විය හැකිය. එනමුත් රැකියා හා ව්‍යාපාර පිළිබඳ කිසියම් ආකාරයක පසු බැසීමක් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළ හැකි බැවින් ඒ පිළිබඳව උද්‍යෝගයකින් යුක්තව කටයුතු කිරීමට ඔබ වග බලා ගත යුතුය.

ගෘහ පැවැත්ම - විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට උසස් අයගේ ඇසුර හිමි වනු ඇත. තම සහකරු සහකාරියගේ අධ්‍යාපන රැකියා ආදියෙහි වර්ධනයක් පෙන්නුම් කරන අතර අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය මතින් යුග දිවිය සතුටින් ගත කිරීමට භාග්‍ය උදාවනු ඇත. සතුරු කරදර අවම වන අතර තමාට සිටි බලවත් සතුරෙකු මිතුරු කර ගැනීමට හෝ පරාජය කිරීමට මෙම වසරේදී ඔබට හැකියාව ලැබෙනු ඇත. පදිංචි ස්ථානයේ කිසියම් වෙනසක් හෝ නව නිවසක පදිංචියට යාමට බලාපොරොත්තු වන්නන්ට යහපත් වනු ඇත.

සෞඛ්‍යය - රෝග පීඩාදියකින් තොරව බොහෝ දුරට කල් පසුවන්නට අවස්ථාව උදාවිය හැකිය. එනමුත් නිදන්ගත රෝගාබාධයන් ගෙන් පෙළෙන අයට එය සුව වීමට තවදුරටත් කල් පසු වනු ඇත. මාර්ග අනතුරු හා ගිනි උවදුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

ශුභ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ අංක - 3, 5
ශුභ වර්ණ - කොළ, කහ
ශුභ මැණික් - පච්ච

කටක
විවාහ අපේක්ෂකයන්ගේ පැතුම් ඉටුවෙයි

කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති සඳු රැකියා ස්ථානයේත් ධන කාරක ගුරු උච්ච බල සහිතව ලග්න භාවයේත් ආත්මකාරක රවී බුධ සමඟින් රෝගස්ථානයේත් කුජ සිකුරු සමඟින් විවාහකස්ථානයේත් රාහු වික්‍රමස්ථානයේත් කේතු භාග්‍යස්ථානයේත් ශනි පස්වැන්නේත් ගෝචරය වෙමින් පවතින මොහොතක පහ සහ හත අධිපතීන් පරිවර්තනය වෙමින් පුත්‍ර පරිවර්තන යෝග්‍යය ද උදා කරවමින් 2015 නව වර්ෂය ඔබට උදාවන්නේ.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින දූ පුතුන් තරමක මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළ හැකි අතර අනවශ්‍ය මිත්‍ර සම්බන්ධතා හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල දැඩි ලෙස බලපෑමක් ඇති විය හැකි බව පෙන්නුම් කරයි. එබැවින් කටක ලග්න හිමි දූ පුතුන් සිටින මවුපියන් දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය.

ආදායම් හා රැකියාව - රැකියාවක් අපේක්ෂාවෙන් පසුවන්නන්ට තමා නොසිතන මොහොතක ක්ෂණිකව රැකියා අවස්ථාවන් උදාවනු ඇත. ධනකාරක ගුරු උච්චව ලග්න භාවයේ ගමන් කරන බැවින් ඔබගේ ධනය හා ආදායම් මාර්ග වැඩි වර්ධනයකින් ප්‍රවර්ධනය වනු ඇත. හවුල් ව්‍යාපාර ආදි කටයුතුවල නිරත වන්නන් තම අභිමානයට හානි සිදුවිය හැකි අන්දමේ ක්‍රියා නොකිරිමට වග බලා ගත යුතුය.

ගෘහ පැවැත්ම - විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ පැතුම් ද නොසිතූ මොහොතක මල්ඵල ගැන්වෙනු ඇත. යුග දිවි ගත කරන්නන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සමඟිය ගොඩනැගී යුග දිවි තෘප්තිමත්ව ගත කිරීමට ද වන්දනා ගමනක් යාමට හා විදේශගත වීමට අවස්ථාවන් ද උදාවනු ඇත. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කැපකිරිමක් කිරීමට සිදුවන අතර දරුවකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් කනස්සල්ලෙන් පසුවන්නන්ට ද සිදුවිය හැකිය.

සෞඛ්‍යය - උදර හා ස්නායු සම්බන්ධ දුර්වලතා මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවනු ඇත.

ශුභ දවස් - ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ අංකය - 2, 7, 9
ශුභ වර්ණය - සුදු ක්‍රීම්
ශුභ මැණික් - මුතු


සිංහ
අධ්‍යාපන කටයුතුවලට ප්‍රබල ග්‍රහ යෙදුමක්

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවී බුධ සමඟින් පස්වැන්නේත් යෝගකාරක කුජ සිකුරු සමඟින් හය වැන්නේත් ධන කාරක ගුරු වැයස්ථානයේත් ශනි ගෘහ ස්ථානයේත් සඳු භාග්‍යස්ථානයේත් රාහු ධනස්ථානයේත් කේතු අයවැන්නේත් ගෝචර වෙමින් පවතින මොහොතක හතර හය අධිපතීන් පරිවර්තනය වෙමින් සුබ පරිවර්තන යෝගය ද උදාකරවමිනුයි ඔබට 2015 නව වසර උදා වනුයේ.

අධ්‍යාපනය - ඥාන කාරක බුධ රවී සමඟින් යෝගව අධ්‍යාපනය පිළිබඳ කරුණු පෙන්වන පස්වන භාවයේ ගමන් කිරීම මතින් විද්‍යමාන වනුයේ අධ්‍යාපන කටයුතුවලට ඉතා බලගතු ග්‍රහ යෙදුමක් බවයි. සියලු ක්ෂේත්‍ර තුළ අධ්‍යාපනය හදාරන්නන්ගේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට මෙම වර්ෂය යහපත් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගත වීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව උදාවන්නේය.

ආදායම් හා රැකියාව - රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ පැතුම් මල්ඵල ගැන්වෙනු ඇත. විදේශ රැකියා අපේක්ෂිත අයට ද තම අපේක්ෂා ජය ගත හැකි අතර විදේශ වෙළෙඳපොළ හා ගනුදෙනු කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඊට අවස්ථාව උදා වන අතර එමඟින් තම ආදායම් තත්ත්වය ප්‍රවර්ධනය කර ගත හැකිය.

ගෘහ පැවැත්ම - විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අපේක්ෂා මුදුන් පත්කර ගැනීම තවදුරටත් ප්‍රමාද විය හැකි අතර යුග දිවි ගත කරන්නන් තුළ ද පැවැති උද්‍යෝගීමත් භාවය ගිලිහී යාමෙන් යුග දිවියේ සතුට යම් පමණකට ගිලිහී යා හැකිය. පැරැණි නිවස අලුත්වැඩියා කිරීමට මංපෙත් විවර වන අතර පවුලේ සහෝදර සහෝදරියන් අතර පැවැති හොඳ හිත යම් පමණකට පළුදු විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. දුරදිග නොබලා අදහස් ප්‍රකාශ කිරීමෙන් අන් අයගේ සිත් රිදුම් විය හැකි බැවින් අන් අය සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න.

සෞඛ්‍යය - රුධිර ආශ්‍රිත රෝගාබාධවලට බහුලව ලක්විය හැකි අතර එවැනි රෝගවලින් පෙළෙන්නන්ට ඒ සුව වීමට ද කල් ගත වනු ඇත. හදිසි අනතුරු හා ගින්නෙන් හානි පැමිණිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ශුභ අංකය - 1, 4 ශුභ වර්ණය - රතුශුභ මැණික් - පත්මරාග


කන්‍යා 
තරග විභාගවලින් විශිෂ්ට ජය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ ආත්මකාරක රවි සමඟින් ගෘහස්ථානයේත් යෝග කාරක සිකුරු කුජ සමඟින් පස්වැන්නේත් ධනකාරක ගුරු ‍උච්ච බල සහිතව අයස්ථානයේත් සඳු අටවැන්නේත් ශනි වික්‍රමස්ථානයේත් රාහු ස්වක්ෂේත්‍ර බල සහිතව ලග්නභාවයේත් කේතු හත්වැන්නේත් ගෝචරය වෙමින් පවතින අතර තුන සහ පහ අධිපතීන් පරිවර්තනය වෙමින් වික්‍රම පරිවර්තන යෝගය ද උදා කරවමිනුයි ඔබට 2015 නව වර්ෂය උදා වන්නේ

අධ්‍යාපනය - තරගකාරී හඹා යන අධ්‍යාපන රටාවට ප්‍රවිශ්ට වීමට මෙම වසර ඔබට බොහෝ සෙයින් පිටිවහල් වන්නේ ය. උද්‍යෝගිමත් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවකාශය හිමි වන අතර තරග විභාග වලින් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකි වන්නේ ය උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු කටයුතු ආදී ක්ෂේත්‍ර තුළ නිරත වන්නන්ට ද ස්වකීය දක්ෂතා ඔප්නංවා ගැනීමට අවස්ථාව හිමිවන්නේ ය.

ආදායම් හා රැකියාව - ධන කාරක ගුරු උච්ච බල සහිතව අයස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක උදා වූ මෙම වසර ඔබේ ආර්ථික තත්ත්වය ඉහළ ප්‍රවර්ධනයකට යොමු කරවනු ඇත තමා දැනට දරන තනතුරුවලින් පහළට නොවැටෙන අතර ඊටත් වඩා උසස්වීම් හිමි වනුයේ ජනතා ප්‍රසාදය ද හිමිවීමෙනි රැකියා අපේක්ෂිත සැමට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට භාග්‍යය හිමිවන අතර හවුල් ව්‍යාපාර හා විදේශ වෙළෙඳපොළ හා ගනුදෙනු කරන අයට ද තම ආදායම් තත්ත්වයේ ඉහළ වර්ධනයක් අත්පත් කරගත හැකි ය.

ගෘහ පැවැත්ම - වික්‍රම පරිවර්තන යෝගය සහිතව වසර උදාව පැවතීම මතින් විද්‍යමාන වනුයේ ඔබගේ බලය තවදුරටත් වර්ධනය වන බවයි. එහෙයින් තම පැවැත්ම ඉහළ තලයකට ඔසවා තැබීමට අවකාශ හිමිවේ. ගෘහ පැවැත්ම ඉතා සතුටින් ගත කිරීමට භාග්‍ය හිමිවනු ඇත. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවන අතර දරුවන්ගේ දක්ෂතා හේතුවෙන් සොම්නසට පත්වීමට ද අවකාශ සැලසේ‍.

සෞඛ්‍යය - බොහෝ දුරට රෝගාබාධයකින් තොරව මෙම වර්ෂය ගත කළ හැකි අතර සුළු සුළු අසන‍ීප වලට මුහුණ පෑ හැකිය කිව යුතු තරම් මාරක අනතුරු හෝ දරුණු රෝගාබාධ නොමැත.

ශුභ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ අංක - 2, 3, 5, 7
ශුභ වර්ණ - කොළ
ශුභ මැණික් - පච්ච, ගෝමේද

තුලා
පවුලේ අය සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගන්න

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු කුජ සමඟින් සිව්වැන්නෙත් අත්මකාරක බුධ රවි සමඟින් වික්‍රමස්ථානයේත් ශනි ධනස්ථානයේත් ගුරු කර්මස්ථානයේත් සඳු හත්වැන්නේත් රාහු වැය ස්ථානයේත් කේතු හයවැන්නේත් ගෝචර වෙමින් පවතින මොහොත දෙක සහ හතර අධිපතීන් පරිවර්තනය වෙමින් ධන පරිවර්තන යෝගය උදාව පවතින මොහොතකයි 2015 නව වසර ඔබට උදා වනුයේ.

අධ්‍යාපනය - නව වසර උදාවත් සමඟ යෙදෙන ලග්න භාවය පාපාකර්තරී යෝගය හේතුවෙන් ද ලග්න ඒරාෂ්ටකය ගෙවෙමින් පවතින බැවින් ද අධ්‍යාපන කටයුතු වල නියැළෙන අයට එයින් ජය ලබාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ය.

ආදායම් හා රැකියාව - රැකියාව පිළිබඳ කරුණු පෙන්වන කේන්ද්‍රයේ දස වැන්නේ උච්ච බල සහිතව ගුරු ගමන් කළත් තුලා ලග්න හිමි ඔබට එය එතරම් යහපත් නොවන්නේ ගුරු තදබලම පාපී ග්‍රහයා වන බැවිනි. තවද ධනස්ථානයේ ශනි සතුරු තත්ත්වයේ ගමන් කරන බැවින් ඔබගේ ධන තත්ත්වයෙන් සහ රැකියා තනතුරු හා වැටුප් පිළිබඳ ඉහළ ප්‍රවර්ධනයක් බලාපොරොත්තු විය නොහැක.

ගෘහ පැවැත්ම - යුග දිවි ගත කරන තුලා ලග්න හිමි ඔබ තම පවුලේ අන්‍යෝන්‍ය විශ්වාසය රඳවා ගැනීමට ද දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ය. අනවශ්‍ය මිත්‍ර සබඳතා හේතුවෙන් එකිනෙකා අතර පැවැති විශ්වාසය ගිලිහී යාමට පුළුවන. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න ක්ෂණික කෝපය ක්ෂණික තීරණ තම අභිමානයට දැඩි ලෙස සරදම් කළ හැකි බැවින් ඉවසිලිමත්ව කටයුතු කිරීම ඔබට යහපත උදාකරවයි. දරුවන් සහ සහෝදර සහෝදරියන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම ඔබට යහපත් වනු ඇත.

සෞඛ්‍යය - ඔබගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන අතර විශේෂයෙන් හෘද හා රුධිරාශිත රෝගාබාධවලින් පෙළෙන අයට එය සුවවීමට කල් ගත වන අතර එවැනි රෝගාබාධවලට ලක්වීමට ද පුළුවන. තවද අමනුෂ්‍ය උපද්‍රව හේතුවෙන් හට ගන්නා විවිධ ‍උපද්‍රවයන්ට ද ලක්වීමට පුළුවන.

ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ අංකය - 6
ශුභ වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි වර්ණ
ශුභ මැණික් - දියමන්ති, සුදු මැණික්

වෘශ්චික
විදේශ රැකියා

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ සිකුරු සමඟ වික්‍රමස්ථානයෙන් ආත්මකාරක රවි බුධ සමඟ ධනස්ථානයේත් සඳු රෝගස්ථානයේත් උච්ච ගුරු භාග්‍යස්ථානයේත් ශනි ලග්නභාවයේත් රාහු අයස්ථානයේත් කේතු පස් වැන්නේත් ගමන් කරමින් පවතින මොහොතක එක තුන පරිවර්තනය වෙමින් ලග්න පරිවර්තන යෝගයක් ද උදා කරමිනුයි ඔබට 2015 නව වසර උදා වනුයේ.

අධ්‍යාපනය - ඥානකාරක කේතු සිවක්ෂේත්‍ර බල සහිතව අධ්‍යාපනය පිළිබඳ කරුණු පෙන්වන පස්වන භාවයේ ගමන් කිරීම අධ්‍යාපන කටයුතු කෙරෙහි නව ප්‍රබෝධයක් ඇති කරලීමට හේතු වෙති. තව ද උසස් අධ්‍යාපනය පිළිබඳ කරුණු පෙන්වන නව වැන්නේ ගුරු උච්චව ගමන් කිරීම උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ පැවතුම් ද ඉහළින් ම ජය ගනු ඇත.

ආදායම් හා රැකියාව - රාජ්‍ය අංශයෙන් රැකියා අපේක්ෂා කරන අයගේ පැතුම් මල්ඵල ගැන්වෙනු ඇත. රැකියාවල නිරතවන්නන්ට ද ඉහළ වැටුප් හිමිකරගත හැකි අතර තනතුරු උසස්වීම් ද ලබාගත හැකිය. විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද තම සිහිනය සැබෑ කර ගැනීමට භාග්‍යය හිමිවනු ඇත.

ගෘහ ජීවිතය - වෘශ්චික ලග්න ඔබ ලග්න ඒරාෂ්ටකය ගත කරමින් පවතින බැවින් සෑම අංශයක් කෙරෙහිම දැඩි අවධානයකින් පසුවිය යුතු ය. නැතහොත් බොහෝ උපද්‍රව ගැටුම් ආදායම මුහුණ පෑමට සිදුවිය හැකිය. දරුවන්ගේ කටයුතු හා අධ්‍යයන කටයුතු යහපත් අයුරින් සිදු වුවත් ගෘහ පැවැත්මට පවුලේ සමඟියට බාධා ඇතිවිය හැකි ය. අනතුරුවලට ලක් වීමේ අවධානමක් ද පවතී.

සෞඛ්‍යය - ප්‍රධාන වශයෙන් උදර ආශ්‍රිත රෝගාබාධ වලට ලක් වීමේ අවදානමක් පවතී. පැවැති රෝගාබාධ සුව වීමට ද කල්ගත විය හැකිය. හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමක් ද පවතින බැවින් සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම යහපත් වනු ඇත.

ශුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ අංක - 1, 2, 4, 5, 7
ශුභ වර්ණ - රතු
ශුභ මැණික් - රතු මැණික්, රතු කොරල්‍


ධනු 
මිතුරු වෙසින් සිටින සතුරන් ගැන සැලකිලිමත් වෙන්න

ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ච බල සහිතව අටවැන්නේත් යෝගකාරක කුජ සිකුරු සමඟින් ධනස්ථානයේත් ආත්මකාරක රවි බුධ සමඟින් ලග්න භාවයේත් ශනි වැයස්ථානයේත් සඳු පස්වැන්නේත් රාහු කර්මස්ථානයේත් කේතු සිව්වැන්නේත් ගෝචරය වෙමින් පවතින මොහොතෙක දෙක දොළහ අධිපතීන් පරිවර්තනය වෙමින් ධන වැය පරිවර්තන යෝගය ද උදා කරවමිනුයි ඔබට 2015 නව වසර උදා වනුයේ.

අධ්‍යාපනය - වසරේ මුල් භාගය අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුවක් නොපැවතියත් වසර මැද භාගයෙන් පසුව අධ්‍යාපන කටයුතු කෙරෙහි උද්‍යෝගිමත්ව කටයුතු කරනු ඇත. උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල නිරත වන්නන් හට ද තම දක්ෂතා ඔප් නංවා ගැනීමට වසරේ මැද භාගයෙන් පසුව අවස්ථාව උදාවනු ඇත.

ආදායම් හා රැකියාව - රැකියා ස්ථානයේ බලගතු සතුරෙකු නිර්මාණය විය හැකි බැවින් මිතුරු වෙසින් සිටින සතුරන් පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත්ව කටයුතු කළයුතුය. රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට යෑමේදී අදෘෂ්‍යමාන ලෙස බාධා අවහිරතා මතු විය හැකිය. එසේ වුව ද රාජ්‍ය අංශයේ රැකියා කරන අයට ද රැකියා අපේක්ෂිතයන්ට ද සිතැඟි පරිදි තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට භාග්‍යය උදාවන්නේ ය.

ගෘහ පැවැත්ම - ලග්න ඒරාෂ්ටකය ඇරඹී පවතින බැවින් ධනු ලග්න හිමි ඔබේ පැවැත්මට විවිධාකාරයේ බාධා අවහිරතා මතු කරවන වසරකි‍. එබැවින් ආගමානුකූල වත්පිළිවෙත්වල නිරත වෙමින් ඉවසිලිවන්තව කටයුතු කිරීමට යොමු වීම ඔබට වඩා යහපත උදා කරවනු ඇත. පවුලේ ඥාතීන් අතර අසමඟිකම් මතුවිය හැකි අතර ගුප්ත ලෙස කටයුතු කරන ස්වභාවයක් ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය - වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලින් පෙළෙන අයට ඒ සුව වීමට තවදුරටත් කල්ගත වනු ඇත. දියවැඩියාව වැනි රුධිර ආශ්‍රිත රෝගාබාධ වලට ලක්වීමේ අවධානමක් ද පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.

ශුභ දවස් - ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ අංක - 3,5,6,8
ශුභ වර්ණ - කහ
ශුභ මැණික් - පුෂ්පරාග


මකර 
නව ආදායම් මාර්ග

මෙම ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි අයස්ථානයෙන් රවි බුධ සමඟින් වැය ස්ථානයෙත් ඇත. යෝගකාරක සිකුරු උච්ච කුජ සමඟින් ලග්න භාවයේත් සඳු සිව්වැන්නේත් උච්ච ගුරු හත්වැනි භාවයේත් රාහු භාග්‍යස්ථානයේත් කේතු වික්‍රමස්ථානයේත් ගෝචරය වෙමින් පවතින මොහොතකයි 2015 නව වසර ඔබට උදා වනුයේ.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනයේ නියැළී සිටින දූ පුතුන් විනෝදයට හා කෙළි සෙල්ලම් වලට වැඩිපුර කාලය යොදවන බවක් පෙන්නුම් කරන බැවින් අධ්‍යාපන කටයුතුවල යම් පසුබෑමක් ඇතිවිය හැකිය. විදේශගත උසස් අධ්‍යාපනයක නියැළෙන්නට අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත.

ආදායම් හා රැකියාව - උපතින් ම හිමි වෙහෙස නොබලා කටයුතු කිරීමේ ගුණාංගය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර තරගකාරී ජීවන රටාවට අනුගත වෙමින් නව ආදායම් මං පෙත් විවර කර ගැනීමේ භාග්‍යය හිමිවනු ඇත. ක්‍රියාකාරීව කටයුතු කිරීමෙන් ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමිවීම හා වැඩි වැටුපක් හිමි කරගැනීමට අවකාශ සැලසේ. ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නන්ට ද තම අතමිට සරු කරගත හැකි අතර විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන අයට ද තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව විවර වනු ඇත.

ගෘහ ජීවිතය - විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට ගුණගරුක යහපත් අයගේ ඇසුර ලැබේ. යුගදිවි ගත කරන්නන් අතර ද එකිනෙකාට ගරු කරන ගුණාංගය මතු වී යුගදිවිය ප්‍රසන්නව අයුරින් ගත කිරීමට මං පෙත විවර වේ නව නිවසක් ඉදිකිරීමට හැකියාව ලැබෙන අතර විවාහක පාර්ශ්වයෙන් ඉඩම් හා දේපළ හිමි වීමට ද පුළුවන පොදුවේ ගත් කළ මකර ලග්න හිමි සැමට මෙම වර්ෂය ඉතා යහපත් වනු ඇත.

සෞඛ්‍යය - ක්‍රමවත් හා පෝෂ්‍යදායි ආහාර රටාවෙන් බැහැරට යෑම නිසා පෝෂණ ඌණතා වලින් පෙළීමට ලක්වන්නට හැකි බැවින් ‍තම පෝෂණය පිළිබඳව සැලකිලිමත්වීමෙන් බොහෝ දුරට රෝගාබාධවලින් පීඩා විඳීම අවම කරගත හැකිය. තද උෂ්ණ රෝග වැලඳීමේ අවදානමක් ද පවතී.

ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා‍
ශුභ අංක - 6, 8, 9
ශුභ වර්ණ - නිල්
ශුභ මැණික් - නිල් මැණික්


කුම්භ
කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට යහපත්

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි කර්මස්ථානයේත් ආත්මකාරක රවි බුධ සමඟින් අයස්ථානයේත් යෝග කාරක සිකුරු කුජ සමඟින් වැයස්ථානයේත් සඳු වික්‍රමස්ථානයේත් ගුරු රෝගස්ථානයේත් රාහු අටවැන්නේත් කේතු දෙවැන්නේත් ගෝචරය වෙමින් පවතින මොහොතක දහය සහ දොළහ අධිපතීන් පරිවර්තනය වෙමින් කර්ම පරිවර්තන යෝගය ද උදා කරමිනුයි ඔබට 2015 නව වසර උදා වනුයේ.

අධ්‍යාපනය - ඥානකාරක බුධ රවි සමඟින් අයස්ථාන ගතවීම අධ්‍යාපන කටයුතුවලට යහපත් වසරකි‍. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවකින් යුතුව නිරත වන්නට කුම්භ ලග්න හිමි කුඩා දරුවන් ද යොමු වනු ඇත.

ආදායම් හා රැකියාව - ලග්නාධිපති රැකියා ස්ථානයේ ගමන් කිරීම රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරවන්නකි. තවද එය තනතුරු හා උසස්වීම් අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු මල් ඵල ගන්වන්නකි.

විදේශ රැකියාවක් බලාපොරොත්තු වන්නන්ට එම අපේක්ෂා ජයගත හැකි අතර හවුල් ව්‍යාපාර කොටස් වෙළෙඳපොළ කල්බදු සේවා හා කෘෂි කර්මාන්තයේ ආදී කටයුතුවලින් තම අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීමට වෙහෙසෙන අයට මෙම වසර ඉතා ඵලදායක වනු ඇත.

ගෘහ පැවැත්ම - ප්‍රවේගකාරී ක්‍රියාපටිපාටිය හේතුවෙන් තම සහකරු සහකාරිය දැඩි විමතියකට පත්වන්නට හැකිය. සාමාන්‍ය අන්දමින් යුග ජීවිත ගෙවී යා හැකි අතර නව සබඳතා ගොඩනඟා ගැනීමට ද විවාහ අපේක්ෂිතයන්ට මෙම වසරේදී හැකියාව ලැබෙනු ඇත. නීතිය සම්බන්ධ කටයුත්තකට මැදිවන්නට සිදුවිය හැකි ය.

සෞඛ්‍යය - වකුගඩු ආශ්‍රිත දුර්වලතා වලින් පෙළෙන අයට ඒ සුව වීමට තව දුරටත් කල් ගත වනු ඇත‍. පාද ආශ්‍රිත විවිධ උපද්‍රව වලට ලක්වීමේ අවධානමක් ද පවතී. අලුත් එළවළු හා පලතුරු ආහාරයට ගැනීම ඔබට සිදුවිය හැකි බොහෝ රෝගාබාධ වළකාලීමට මහත් පිටිවහලක් වන්නේ ය.

ශුභ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ අංකය - 3, 8, 9
ශුභ වර්ණය - රතු, නිල්
ශුභ මැණික් - කාක නිල


මීන
දරුවන්ගේ ජයග්‍රහණ

මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ච බල සහිතව පස් වැන්නේත් යෝගකාරක කුජ සිකුරු සමඟින් අයස්ථානයේත් රවි බුධ සමඟින් රැකියා ස්ථානයේත් ශනි භාග්‍යස්ථානයේත් සඳු ධනස්ථානයේත් රාහු හත්වැන්නේත් කේතු ලග්නභාවයේත් ගෝචරය වෙමින් පවතින මොහොතක නවය සහ එකොළහ අධිපතීන් පරිවර්තනය වෙමින් ධර්ම පරිවර්තන යෝගය ද උදා කරවමිනුයි ඔබට 2015 නව වසර උදාවූයේ.

අධ්‍යාපනය - නව උද්‍යෝගයකින් යුක්තව අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට මීන ලග්න හිමි සැමට මේ වසර උපකාර වන්නේ ය. තවද තරග විභාග ආදී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ අත්පත්කර ගැනීමට ද වාසනාව හිමිවන්නේ ය. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නන්ට ද ප්‍රවේගකාරී ස්වභාවයන් යටපත් කර ගන්නේ නම් වඩාත් යහපත් වනු ඇත.

ආදායම් හා රැකියාව - විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වන්නන්ට ඊට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව විවර වන්නේය. ස්ථාන මාරුවීම් තනතුරු උසස්වීම් ආදී බලාපොරොත්තු සිත්හි තබා ගෙන සිටිනා සැමට තමා සිතනවාටත් වඩා ඉතා උසස් අයුරින් එම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට මං පෙත් විවර වන්නේ ය.

ගෘහ ජීවිතය - දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට ඉඩ ප්‍රස්තාව විවර වන අතර දරුවන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මවුපියන්ට සතුටු විය හැකි ය.

විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට තම අපේක්ෂා ඉෂ්ට සිද්ධකර ගැනීමට ද අවකාශ සැලසේ ආගමික කටයුතුවලට සම්බන්ධ වන්නට ද වන්දනා ගමනක යෙදීමට ද අවකාශ සැලසේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් පසුවන්නේ නම් එය ද සාර්ථක කර ගැනීමට හැකිවන වසරකි.

සෞඛ්‍යය - බහුල ලෙස සෙම් රෝගවලට ලක්විය හැකි අතර ශරීරයේ ලේ අඩුකම නහර දුර්වලත්වය වැනි රෝගාබාධයන්ට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්න.

ශුභ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ අංක - 3, 9
ශුභ වර්ණ - රතු, කහ
ශුභ මැණික් - පුෂ්පරාග, වෛරෝඩි 


ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
සුමනදාස අබේගුණවර්ධන
උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි

Tuesday, December 30, 2014

බන්ධනාගාරගතව සිටින සංජේ දත් නැවතත් සිය නිවසට


සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා. මීට පෙර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සහ 2013 දෙසැම්බර් මාසවල ඔහුට දින 28 බැගින් වූ නිවාඩු බන්ධනාගාරය විසින් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි සංජේ දත්ගේ ජීවිත කතාව අලලා චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා තිබෙනවා.

අශිකා හිත රිද්ද ගන්න කෙනෙක්ලු.


2015 අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න.අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගැන දැනගන්න අපි කතා කළා බ්‍රහ්ම මුහුර්තයෙන් ඔබ හමුවට එන අශිකා මතසිංහට. ඉතින් ඇය අපට කිව්වේ අප්‍රියෙල් මාසේ ඇය නැවතත් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.අශිකා කිව්ව තව දේවල් දැනගන්න පහල තියෙන හඬ පටයට සවන් දෙන්න.




 








ඉන්දියාවෙන් ගෙන්නූ සල්මන් ඛාන් ශ්‍රී ලංකාවේදී ෂාරුක් ඛාන් වූ හැටි (VIDEO)

ඉන්දියාවෙන් ගෙන්නූ සල්මන් ඛාන් ශ්‍රී ලංකාවේදී ෂාරුක් ඛාන් වූ හැටි (VIDEO)
නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනාවක් අනුව ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන් පිළිබඳව හඳුන්වා දීමේදී එම උත්සවයේ නිවේදන කටයුතු සිදු කළ පුද්ගලයා සල්මන් ඛාන් හරිහැටි නොහඳුනන බව තහවුරු කරමින් ඔහුට ෂාරුක් ඛාන් යනුවෙන් ආමන්ත්‍රණය කළේ ය.
පහත වීඩියෝවෙන් එය අසන්න…

සල්මන් හැරුණු තැපෑලෙන්ම ගියේ ඇයි?

සමාජ සත්කාරක මෙන්ම දේශපාලනික වැඩකටයුතු සඳහා ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් එදින (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ. සල්මන් ඛාන් ලංකාව තුල සිටියේ කෙටි කලක් වුවද එය සල්මන් ඛාන් පිලිබඳ පුවත් ගණනාවක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් විය. සල්මන්ගේ ලංකා ආගමනය සම්බන්ධව සිදුවූ වැදගත් සිදුවීම් පහත වේ.

 

ඉන්දියාවේ විරෝධය 
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සල්මන් ඛාන් පාවාදෙන්නෙක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණි. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරෝධිව කටයුතු කරන පක්ෂයක් වන අතර සල්මන් ඛාන් ජනපතිවරයාට උදවු කිරීම සම්බන්ධව ඔවුන් දැඩි විරෝධය පා තිබුණි. 
 
සල්මන් ශාරුක් වෙයි 
බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ සමාජ සත්කාරයේදී සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි. සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන් යනු කලක පටන් විරසකව සිටින නළුවන් දෙදෙනෙකි. 
 
දූෂණ චෝදනා 
සල්මන් ඛාන් යනු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාවාරම් සිදුකරන්නෙකු බවත් ඇමරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් වන "Krrish Square" ගනදෙනුව පිටුපස සල්මන් ඛාන් සිටින බවද විපක්ෂය විසින් චෝදනාකොට තිබුණි. 
 
රිය අනතුර 
පසුගිය 29 වනදා  සල්මන් ඛාන්ගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද වාර්තාවේ. එම අනතුරෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ. පොලිස් වාර්තා වලට අනුව එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බවත් අනතුරට පත්ව ඇති රථය වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයිද ඊට සමාන අනෙක් කාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බවයි.  acc-1 acc-2 acc-3 acc-4
 

ශිහාන් මිහිරංග නැවතත් පියෙක් වෙයි


යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග නැවතත් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වනවා. ඔහුගේ බිරිඳවන ක්මෙන්ටිනා හට මේ මස 25වන දින පිරිමි දරුවෙකු ලැබී ඇති අතර ඔහුගේ නම වන්නේ ශිහාන් කෙනන් යාෂ් වේ.


එමෙන්ම ශිහාන් මිහිරංගගේ පළමු පුතා වන්නේ ශිහාන් ක්ලෙන් මාර්ෂ් වේ. ඔහුගේ වයස අවුරුදු එක හාමරක් පමණ වේ. රසික රසිකාවියන්ගේ සිත් අපූර්ව කටහඬින් වශිකල යොවුන් පරපුරේ ගායක ශිහාන්ගේ දෙවන පුතුට මෙන්ම ඔහුගේ පවුලටද හිරු ගොසිප් අප සුභපැතුම් එක් කරන අතරම ඔහුට සුභපතන්නට ඔහුගේ රසික රසිකාවියන්ටද එක්වන ලෙස අප ඉල්ලා සිටිනවා.

එයාර් ඒෂියා ගුවන් යානයේ මඟීන්ගේ මළසිරුරු 40ක් හමුවෙයි


පසුගියදා හදිසියේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඒවා බෝර්නියෝ අයිලන්ඩ් වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා.

එමෙන්ම ගුවන් යානයේ බවට සැකකල හැකි හදිසි දොරටුවක්, ජීවිතාරක්ෂක බෝට්ටුවක් මෙන්ම ජීවිතාරක්ෂක ජැකට් කිහිපයක්ද සොයාගෙන ඇති අතර ඉන්දුනීසියානු රූපවාහිනී ඔස්සේ මියගිය අයගේ සිරුරුද පෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.




























Update :- 2014/12/30 02.45 PM
--------------------------------------------------------------------

පසුගියදා මඟීන් 162ක් සමඟින් අතුරුදන් වූ ගුවන්යානයේ සුන්බුන් බවට සැකකල හැකි කොටස් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගුවන්යානයේ හදිසි දොරටුව බවට සැකකල හැකි සුන්බුන්ද මේ වන විට ජලයේ පාවෙමින් ඇති බවට වාර්තා වෙනවා. තවද අනතුරෙන් අතුරුදන් වූ අය සිහිකිරීම උදෙසා ඔවුන්ගේ ඥාතීන් රැගෙන විශේෂ ගුවන්යානයක් අනතුර වූ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.









මීට පෙර වාර්තා

අතුරුදන් වූ ගුවන් යානයේ නියමුවාගේ දියණිය යොමු කල හද කම්පාකරවන පණිවුඩය

අතුරුදන් වූ ගුවන් යානය ගුවන් පථයෙන් නොපෙනී ගිය අයුරු හා වැඩි විස්තර - Video