Wednesday, December 31, 2014

මඟීන් 462ක් සමඟින් අනතුරට ලක්වීමට ගිය ගුවන් යානයක් නියමුවාගේ දස්කමින් වැලකුණු අයුරු -වීඩියෝ


මගීන් 447 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගත් වර්ජින් ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක් අනතුරට ලක්වීම වළක්වා ගැනීමට එහි නියමුවා සමත් වුණා.

ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළින් ඇමරිකාවේ ලාස් වේගාස් ගුවන් තොටුපළ දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ මෙම ගුවන් යානය ලන්ඩනයෙන් නික්මීමෙන් අනතුරුව එහි ගොඩබැස්සවීමේ යන්ත‍්‍ර අක‍්‍රයවීමක් වාර්තා වී තිබෙනවා.


මේ නිසා පැය කිහිපයක් දකුණු දිග එංගලන්ත ඉහළ අහසේ සැරිසැරූ ගුවන් යානය ගැට්වික් ගුවන් තොටුපළට යළි ගොඩ බස්සවනු ලැබුවේ එහි ඉන්ධනවලින් කොටසක් ඉවත හෙලීමෙන් අනතුරුවයි.

ගැස්මක් සහිතව වුවද සුරක්ෂිත ලෙස යානය ගොඩබැස්සවීමට නියමුවා සමත් වීම ඇමරිකානු වර්ජින් ගුවන් සේවයේ නිර්මාතෘ ශ‍්‍රීමත් රිචඞ් බ‍්‍රැන්සන්ගේ ප‍්‍රසාදයට ලක්වුණා.