Saturday, August 30, 2014

මහේෂිගේ නොදුටු රූපය

කලා ලෝකයේ බොහෝ තරු තමන්ගේ සැබැ රූපය සඟවනවා. ඵ්නැ ඹච තමා ඒ අයගේ ලොකුම රහස.එත් ඒ අයගේ සැබැ රූපය ගොඩක් වෙනස්. මේ දවස් වල ජනප්‍රිය චරිතයක් වන මහේෂි මධුෂංකාගේත් සැබෑ රූපය මෙන්න.

ලංකාවෙන් පෙලවහක් කරගන ඉන්න කැමති චීන විශ්ව රූ රැජිණ

ලබන මස 13 වනදා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු සුරූපී තරුණියන් පසුගියදා ලංකාවට පැමිණ තිබේ.

ඒ සමඟ 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් සුරූපිනියද පැමිණ සිටී.

26 හැවිරිදි ඇය පවසන්නේ තමා ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වීමට කැමති බවයි. විවාහ වීමෙන් පසු ලංකාවේ පදිංචි වීමට ඇය බලාපොරොත්තු වේ.


"මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි. මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න"

වැරදීමෙන් කියූ වචන එඩිට් කරන්නැයි පූජා ඉල්ලූ හැටි

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සීසන් 5 ආරම්භ වූයේ පසුගිය 16 වනදාය. ඒ සඳහා විනිශ්ච මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස සහභාගී වන පූජා උමශංකර් අද දිනයේ විකාශය විකාශය වීමට නියමිත වැඩසටහනේදී අත්වැරදීමකින් කියූ දෙබසක් නිසා ඇය මහත් අපහසුතාවයකට පත්වී තිබේ. එම වදනින් පසු එය වහාම එඩිට් කරන ලෙසත්, නැත්නම් අම්මා තමාට ගෙදර යාමට නොදෙන බවත් පවසා තිබේ. එම වීඩියෝව පහතින්

නිරුවතින් අයිස් බකට් නෑ නිළිය

පසුගිය දා ඉතාමත් ජනප්‍රිය වී නැවත ජනප්‍රියත්වය හීන වීගන යන අයිස් බකට් නෑමේ නවතම පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඒ විකට චරිත රඟපාන ඇමරිකානු නිළියක වන Kathy Griffin එම අභියෝගය නිරුවත් බාර ගැනීමයි.

පෙරේදා Kathy Griffin නිරුවත් අයිස් බකට් නෑ එම වීඩියෝව පහතින්.

ඒ දෙන්නම මගේ ජීවිතයට සමීපයි


සුලේඛා ජයවර්ධන
හිම කඳු හැඩ කරමින් රෑනේ දඟකාරකම් පාන ඇයව අපි සොයා ගියෙමු.
* ඉතින් කියන්නකො ඔයාගේ විස්තර?
මම සුලේඛා ජයවර්ධන.
* හිමකඳු ටෙලි සිතුවමේ?
සංජු.
* එතකොට රෑනේ?
දුන්‍යා.
* කවුද මේ සංජු?
තමන්ගේ ටාගට්වලට යන්න කැපකිරීම් කරන කෙනෙක්.
* දුන්‍යා?
එයා ටිකක් දඟකාරයි. යටිකූට්ටු වැඩ තමයි වැඩිපුරම කරන්නේ.
* මේ දෙදෙනාගෙන් සුලේඛාගේ ජීවිතයට වඩාත් සමීප?
ම් ම් ම් . . . දෙන්නම සමීප නැහැ කිව්වොත් මම නිවැරැදියි. හැබැයි සංජු සහ දුන්‍යාගේ ගතිගුණ එහෙන් මෙහෙන් මට තියෙනවා.
* ඒ කියන්නේ සුලේඛා කපටියි, දඟකාරයි?
අපොයි එහෙම නැහැ. මං දඟකාරියක් නෙවෙයි. කපටිත් නැහැ.
* එහෙනම්?
මම මගේ ටාගට්වලට මොන බාධක තිබුණත් කවුරු මොනවා කිව්වත් කොහොම හරි යන කෙනෙක්. ඒ චරිතවලත් ඒ ගති ගුණය තියෙනවා. අන්න එතෙන්දි මමත් හරියට සංජු සහ දුන්‍යා වගේ.
* ඔබේ පිළිතුරෙන් මට තේරුණේ සුලේඛා හිතුවක්කාරියක් කියලා?
කොහොම හරි මගේ දේවල් කර ගන්නවා කියපු නිසාද?
* ඔව්?
මගේ ටාගට් තියෙන්නේ මගේ ජීවිතය තවත් යහපත් කරගන්න විතරයි. එකක් මගේ අධ්‍යාපනය. මං පුළුවන් තරම් ඉගෙන ගන්නවා. එහිදී මට බාධක ආවත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවා. මං එවැනි දේවල් සඳහා පමණයි හිතුවක්කාර වන්නේ.
* සුලේඛා රංගනයට පැමිණෙන්නේ කොහොමද?
මට රඟපාන්න වගේම සිංදු කියන්න පුවවන්. ඒ හින්දා ගායනය හදරන්න නන්දා මාලනී මිස් ගාවට ගියා. එහිදී ප්‍රියා රණසිංහ මහත්මිය මාව දැකලා කතාබහ කරලා එයාගේ සමනල වසන්තයක් නාට්‍යයට ආරාධනා කළා.
* එහි කලාරි වුණේ ඔබ?
ඔව්. කලාරි කියන්නේ ආබාධිත දරුවෙක්. රෝද පුටුවක ඉඳගෙන තමයි මට රඟපාන්න තිබුණේ.
* ඒ වන කොට ඔබ පාසල් යනවා?
මට මතක හැටියට අටේ පංතියේ ඉන්න කොටයි සමනල වසන්තයක් රඟපෑවේ.
* සමනල වසන්තයක් ටෙලි සිතුවමෙන් පසුව ඔබව ආයේ දක්නට ලැබුණේ හිමකඳු සහ රෑන සමඟින්?
මට ඒ අතරතුරදී කිඳුරංගනා නාට්‍ය සඳහා කතා කළා. ඒත් යන්න බැරි වුණා. මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ මේ නාට්‍යවලින්.
* ඔබට ආරාධනා කරන ඕනෑම චරිතයක් රඟපාන්න ඔබ සූදානම්ද?
නැහැ.
* ඇයි ඒ?
මගේ පෞද්ගලික ජීවිතයට හානි වන චරිත මං රඟපාන්න බාර ගන්නේ නැහැ.
* එහෙම නම් ඔබව අපට කළු චරිතයකින් දකින්නට ලැබෙන එකක් නැති වේවි?
ඒකෙන් ඔබ අදහස් කළේ මොනවාද?
* මං කිව්වේ මත්පැන්, සිගරට් බොන, වැරැදි වෘත්තීන්වල නියැලෙන චරිතයන් ගැන?
මමත් කිව්වේ ඒවා ගැන තමයි. මං එවන් වූ චරිත ප්‍රතික්ෂේප කරනවා.
* කෙනෙකුට හිතෙන්න පුළුවන් සුලේඛාට එවන් සංකීර්ණ චරිත රඟපාන්න තරම් හැකියාවක් නැති නිසා ඒවා බාර නොගන්වා කියලා?
මං ගැන වැරැදියට හිතන්න එපා. මේක ලංකාවනේ. වෙනත් රටක ඉපදුනා නම් මං එවන් වූ චරිත දෙපාරක් හිතන්නේ නැතුව රඟපානවා.
* ඇයි ලංකාවේ නිර්මාණවල ඒ වගේ චරිත රඟපාන්න බැරි?
අපේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් අපිව මනින්නේ රඟපාන චරිතවලින්නේ. මම ඒවාගේ චරිතයක් රඟපෑවොත් මාවත් වපර ඇසින් බලාවි.
* රෑන රඟපාන්න ගිහින් නිල්මිණි තෙන්නකෝන්ගෙන් බොහොම රසට සහ සැරට කෑව කම්මුල් පාර ගැන මතක් කරමු?
මගේ අම්මෝ. ඒ කම්මුල් පාර කාල දැනුණු රිදිල්ල ආයෙත් ආයෙත් දැනෙනවා ඒක ගැන කතා කරද්දිත්. නිල්මිණි මහත්මිය මට ඇත්තටම කම්මුලට ගැහැව්වා. ඇය හිතුවේ නැහැ එච්චරට සැරට වදීවි කියලා. ඇගේ ඇඟිලි පහම මුහුණේ සලකුණු වුණා. කඳුළු පැනලා මං එදා හොඳටම ඇඬුවා. ෂූට් එකේ ඒ තිබුණේ මගේ ඇත්තම ඇඬිල්ල.
* සුලේඛා වැඩිදුර අධ්‍යාපනය හදාරනවා කියලා මේ කතාවේ ආරම්භක තැනකදී සඳහන් කළා.
මම ඛ්ධ්ර්ඒ කරලයි ඉන්නේ. දැන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.
* නව පරපුරේ රංගන ශිල්පිණියන් මෙවන් වූ සම්මුඛ සාකච්ඡාවලදී කියපු දෙයක් තමයි රංගනයට අමතරව වෙනත් අංශයකින් ඉදිරියට යාමට ඉගෙන ගන්නවා කියපු එක. ඔබත් ඒ ගොඩේ ඉන්නේ?
අපේ රටේ මතයක් තියෙනවා කරන්නම දෙයක් නැති තැන තමයි තරුණියෝ රඟපාන්න එන්නේ කියලා. ඒත් ඒ තත්ත්වයට වැටෙන්න ඕන නැහැනේ. මට කවදා හරි කියන්න පුළුවන් මං නිළියක් වුණාට නිකම්ම නිකම් නිළියක් නෙවෙයි. මං යමක් ඉනෙ ගත්ත නිළියක් කියලා. එතකොට කවුරුවත් අනම් මනම් කියන එකකුත් නැහැනේ.
* ඔබේ අරමුණ කවදා හරි මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම නෙවෙයි වගේ?
ඔව්. මට ඕනෑ බැංකුවක වැඩ කරන්න.
* රංගනයෙන් ඉවත් වෙලා?
නැහැ. රැකියාවක් කරන ගමන් රඟපානවා.
* බැංකුවක වැඩ කරන ගමං කොහොමද රඟපාන්නේ?
ඒක ඒ වෙලාවට බලමුකෝ.
* මෙතෙක් ඔබ කළ ලොකුම මෝඩකම මොකක්ද?
මිනිස්සු ඕනෑවට වඩා විශ්වාස කිරිම. කවුරු හරි බොරුවට දුකක් කියාගෙන ආවොත් මං ඒක ඇත්ත කියලා පිළිගන්නවා.
* හරිම භායනක වැඩක්?
ඒක නම් එහෙම තමයි. මං ගොඩක් සංවේදියි. ඒකයි එහෙම වෙන්නේ.
* සුලේඛා කවදා විතරද පේ‍්‍රමවන්තයෙක් ජීවිතයට ළංකර ගන්න බලාපොරොත්තු වෙන්නේ?
ඒකට තව ටිකක් කල් යාවි. මට ආදරය කරන කෙනෙකුට වඩා නීති නොදා ඉන්න කෙනෙකු හමුවෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. එවැනි අයකු හමු වුණොත් එතැන් පටන් විවාහය ගැන තීරණය කරනවා.
* ඔබගේ පවුලේ තොරතුරු මොනවාද?
මගේ අම්මා සුනේත්‍රා. ඇය බැංකු නිළධාරිනියක්. තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. අක්කයි ආච්චියි තමයි පවුලේ සෙසු සාමාජිකයෝ.
* සුලේඛාගේ ගෙවල් කොහෙද?
කොට්ටාවේ.
* ඔබ ඉගෙන ගත් පාසලත් මතක් කරමු?
මං ඉස්කෝලේ දෙකකට ගියා. නුගේගොඩ අනුලා සහ කොළඹ රෝයල් ඉන්ටටියුට් ජාත්‍යන්තර පාසල.
* සුලේඛාගේ උපන් දිනය?
අගෝස්තු 19.
* අවුරුද්ද කියන්න අකැමැතිද?
නෑ නිකම් අවුරුද්ද නොකියා හිටියේ. 1994 තමයි මං උපන් අවුරුද්ද.
* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්නකො බලන්න?
මං මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

මේකප්වලින් මුහුණ හානි කරගන්න මං කැමැති නැහැ

තිසුරි යුවනිකා
තිසුරි යුවනිකා මේ දිනවල විවිධ චරිත කිහිපයකින්ම අපට දැක ගත හැකි දක්ෂ රංගන ශිල්පිනියකි. සිය මව සතු රංගන කුසලතාවෙන් ඇයද පූර්ණ බව ඇගේ රංගනයෙන් මනාව පිළිඹිබු වෙයි.

තිසුරි එන්න එන්නම ටිකක් මහත් වෙන හැඩයි?
ටී.වී එකේ මාව ගොඩක් ලොකුවට පේන්නේ. අනේ මම දන්නෑ ඒ ඇයි කියලා. කෙහොමත් මේ වයස හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඒ නිසා කෑම පාලනය ගැන ඒ තරම් හිතන්නෑ හැබැයි ටිකක් මහත් වේගෙනයි එන්නේ කියලා දැනුනහම ඒකට පිළියම් කරනවා. නැතුව මම ඔය කියන තරම් මහත නැහැ. මාව හැබැහින් දකින අයත් කියලා තියෙනවා “තිසුරි ටී.වී. එකේ දකිනවට වඩා ඔයා හරිම පුංචීනේ” කියලා.
දැන් එක දිගට වැඩ නිසා ගෙදර ඉන්න කාලෙත් අඩු ඇති?
ඔව්. වැඩත් එක්ක අපිට අඩුවෙන්ම ලැබෙන්නේ විවේකයයි, හොඳ නින්දකුයි. ඒ නිසා විවේකයක් ලැබුණහම හොඳට නිදා ගන්නවා. ඇහැරුණු වෙලේ ඉඳන් අම්මටයි තාත්තටයි කරදර කරන එක තමයි ඉතින් වැඩිපුර වෙන්නේ.
ඒ කියන්නේ ගෙදර වැඩවලට තිසුරි ගෙන් කිසිම උදව්වක් නැතුව ඇතියි?
මම පොඩි කාලේ ඉඳලා කුස්සියේ වැඩ වලට උදව් කරනවා. කෑම හැදුවේ නැතත් අඩුම ගානේ අම්මා කෑම හදලා ඉවර වෙනකන් අම්මාට පොඩි පොඩි වැඩ ටිකක් හරි කරනවා. ගේ දොර අස්පස් කරන්නේ තාත්තා වුණත් මගේ කාමරේ අස්පස් කරන කටයුත්ත තාත්තා මටම බාර දීලා තියෙන්නේ මොකද මගේ කාමරේ අස් කරන්නේත් මමයි. හැඩි කරන්නේත් මමයි.
ඒ කියන්නේ උයන්න පිහන්න තාමත් තිසුරිට බෑ නේද?
අපොයි පුළුවන්. මට පරිප්පු, කරවල තෙම්පරාදුව, සම්බෝල හොඳට හදන්න පුළුවන්.
තිසුරි විලාසිතා කරන්නේ සීමා පනවගෙනද?
මට ගැළපෙන විලාසිතා කරනවා. මට පහසුම ඩෙනිමයි, ටීෂර්ට් එකයි, ෆ්ලැට් සෙරෙප්පු දෙකයි. කොහොමටත් ඕනෑවට වඩා කොටට අඳින්නේ නැහැ. මම හිතන්නේ ගැහැනු ළමයෙක් විදිහට කාගෙන්වත් වචනයක් අහන්නත් විහිළුවක් බවට පත්වෙන්නත් ඕනේ නැහැ.
රංගන ශිල්පිනියක් වෙලත් රූපලාවණ්‍ය ගැන උනන්දුවකුත් නැහැනේ?
මේකප් කියන්නේ අපි අපේ මූණටම කර ගන්න හානියක්. මම නම් කෙහොමත් කැමැති නැහැ මේකප් තවර ගෙන ඉන්න. අද වෙනතුරු මම ෆේෂල් එකක්වත් කරලා නැහැ. පොඩි කාලේ ඉඳන් අම්මා මට ස්වභාවික දේවල් හැර කෘත්‍රිම දේවල් මුකුත් පාවිච්චි කරන්න දුන්නෙත් නැහැ. අදටත් මම කරන්නේ ඒ වගේ ස්වාභාවික දේවල් විතරයි.
ඉතින් ඔයාට පුළුවන්නේ ඔයාගේ සමකාලින යහළුවන්ටත් ඔය උපදෙස් දෙන්න?
මම එහෙම කාටවත් කියන්න යන්නේ නැහැ. අනෙත් කෙනාගේ කැමැත්ත හා නිදහස අපි අගය කළ යුතුයි. මම කියන්නේ තමන්ට සුදුසුයි, ලස්සනයි කියලා හිතෙනවා නම් ඒ දේ කළාට ප්‍රශ්නයක් නැහැයි කියලයි.
තිසුරි සුදු චරිතවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
මම විවිධ චරිත කළත් තවම කළු චරිතයක් ලැබිලා නැහැ. සමහර අය කියනවා ඒ වගේ චරිත මට ගැළපෙන්නේ නැහැලු. තවත් අය අහයි ඇයි ඒ වගේ චරිතයක් කළේ කියලා. ඉතින් ඔය විදිහට හැමෝවම පිනවන්න බැහැනේ. චරිතේ සුදු වුණත් කළු වුණත් මගේ අරමුණ ඒ චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි.
තිසුරි දැන් මෙගා නාට්‍ය භාර නොගන්නෙ ඇයි?
කොටස් දෙසියේ තුන්සීයේ දිර්ඝ නාට්‍ය නම් බාර ගැනෙන්නේ නැහැ. කතාව දිර්ඝ වූණාහම මුල මැද අග මතක නැහැ. සමහර වෙලාවට බලන අයත් බනිනවා. ඉතින් මහන්සියෙන් රඟපාලා බැණුම් අහන්නේ මොකටද? කොටස් 100 සහ ඊට අඩු නාට්‍ය භාර ගන්නවා. ඒ චරිත තේරුම් අරගෙන හොඳට කරන්න පුළුවන් නැත්නම් දීර්ඝ වුණාම අපිටත් මුල මැද අග මතක නැහැනේ.
ඔබේ සමකාලීන රංගන ශිල්පිනියන් රංගනයට අමතරව නිවේදනය නිරුපණය වැනි දේවල් වලටත් යොමු වෙනවා. ඔබට ‍එවැනි හැකියාවක් නැද්ද?
එවැනි ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් දොඩම් ගොඩ බදා ගත්තා වගේ වැඩ කරන්න කැමැති නැහැ.
හැමැදාම අම්මා තාත්තාට කරදර කර ගෙන ඉන්නද තිසුරිගේ කල්පනාව?
ජිවිත කාලෙම මම එයාලගේ දෝණි. නමුත් දැන්ම සබඳතාවක් ගොඩනගා ගන්න අදහසක් නැහැ. ඊට පස්සේ යාළු වුණාහම කෑවද, බිව්වද, කොහේද ඉන්නේ ඔව්ට උත්තර දෙන්න ගියහම හරිම කරදරයි නේ. පාසල් කාලය හා මේ ගත කරන නිදහස් කාලේ ආයිත් එන්නේ නැහැ. ඉතින් මේ නිදහස මං උපරිමයෙන් භුක්ති විඳිනවා.

ටානියා මෝසස්

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්,


දොස්‌තර මහත්තයෝ.... ලැඡ්ජයි....


පියුම්....ඔහුගේ සැබෑ නම නොවේ. එහෙත් මේ කතාව කිවයුතු නිසාම ඔහුට පියුම් ලෙස නම තබමි.

පියුම්ට වයස අවුරුදු දාහතරකි. එහෙත් ඔහු සාමාන්‍ය දරුවන්ට වඩා තරමක්‌ වෙනස්‌ය. පියුම් නිතර කිපෙනසුලුය. ඒ නිසාම සම වයසේ දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගනී. මෙය පියුම්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක්‌ වන්නට පටන් ගත්තේය.

පියුම්ගේ මේ හැසිරීම් රටාව දෙස දැඩි ලෙස අවධානය යොමුකළ ඔහුගේ දෙමවුපියෝ.. තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කළහ. ඒ පසුගිය වසරේ ජනවාරි මස අග භාගයේදීය.

කෙසේ වෙතත් පියුම් දැඩි මානසික රෝගයකින් පෙළෙන දරුවකු නම් නොවේ. එකම ගැටලුව තමන්ට තමාව පාලනය කර ගැනීමේ ශක්‌තියක්‌.. මේ දරුවා තුළ නොතිබීමය.

දරුවා යොමු කිරීම සඳහා දෙමවුපියන් විසින් මානසික වෛද්‍යවරයකු තෝරා ගත්තේය. ඔහු මානසික විශේෂඥ වෛද්‍යවරයෙකි. පියුම්ව දෙමාපියන් විසින් ගෙන යන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයා සේවය කරන පෞද්ගලික රෝහල වෙතය.

වෛද්‍යවරයා විසින් පියුම් පරීක්‍ෂා කර බැලුවේය. දරුවා සමග තනිවම කතා කළ යුතුයි" යෑයි පැවසූ වෛද්‍යවරයා සිය කාමරයෙන් පිටව යන ලෙස දෙමවුපියන්ට අණ කළේය.

වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙක්‌ හෝ රෝගී දරුවකු පරීක්‍ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම කාන්තාවගේ සැමියා හෝ වෙනත් ඥතියකු ද, දරුවාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියකු ද එම ස්‌ථානයේ සිටිය යුතුමය. නැතිනම් හෙදියක්‌ හෝ සිටිය යුතුය. එය වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්මයකි.

එහෙත් මේ විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක්‌ම පියුම්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබෙන්නේ දෙමවුපියන් සිය කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. හෙදියක්‌ද තම සහායට තබා නොගෙනය. මෙය දෙමාපියන්ට ගැටලුවක්‌ විය. මෙහි කුමක්‌ හෝ දෙයක්‌ සිදුවන බව වැටහුණු දෙමාපියන් දරුවාගෙන් මේ පිළිබඳ විමසා ඇත.

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්, දින කීපයක්‌ම එසේ සිදුවූ බවත් පියුම් දෙමාපියන්ට පවසා ඇත.

දෙමාපියන් දරුවා වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිදුව ඇතිදේ අනාවරණය කරගත් එම වෛද්‍යවරයා මේ පිළිබඳ වහා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත්, දරුවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දී ඇත.
ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් පියුම්ව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකෙරේ. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනකය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පියුම් පරීක්‍ෂාවට ලක්‌කරයි. ඉන් පසු ඔහුව තවත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරයි. ළමා මනස පිළිබඳ පුළුල්ව හදාරා ඇති තවත් මහාචාර්යවරියක්‌ වෙතද දරුවා යොමු කරයි. ඔවුන් දෙදෙනාගේම වාර්තා සැලකිල්ලට ලක්‌ කරමින් දරුවා පිළිබඳ වාර්තාවක්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිළියෙළ කරයි. එම වාර්තාව 2013 ඔක්‌තෝබර් 01 දා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහෙස්‌ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කෙරේ.

මානසික වෛද්‍යවරුන් සිටින්නේ මානසික රෝගීන් සුවපත් කිරීමට මිස මානසික රෝගයෙන් පෙළෙන අයගේ මනස තව තවත් අවුල් කිරීමට නොවේ.

පියුම්... දරුවෙකි. ඔහු ඉතා බැරෑරුම් මානසික රෝගයකින් පෙළුණු දරුවකු නොවේ. දරුවාට ඇති ආදරය නිසාම දෙමාපියන් කළේ පියුම්ගේ මානසික ආතතිය හඳුනාගෙන ඉන් ඔහු ගලවා ගැනීමටය. දරුවාගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්‌තව කරගෙන යැම සඳහා මඟ හෙළිකර දීමය. එහෙත් පියුම්ට, ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන සිදුවීමකි. මානසික විශේෂඥ වෛද්‍යවරයා පියුම්ගේ මනස අවුලෙන් අවුලට පත් කළේය.

කාලය ගෙවී ගියේය. මීට සති කීපයකට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණේ. පියුම් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ ඉල්ලා සිටින බව එම පොලිස්‌ නිලධාරියා පවසා ඇත. එහෙත් ඒ වන විටත් එම වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි. එහෙත් ඉල්ලීම මත එම වාර්තාවේ ඡායා පිටපතක්‌ පොලිස්‌ නිලධාරියාට ලැබේ. මුල් පිටපත මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදී ඇත." යනුවෙන්ද එම ඡායා පිටපතේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සටහනක්‌ තබා ඇත. පොලිස්‌ නිලධාරියා එය රැගෙන ගියේය.

ඉන් දින දෙකකට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දෙදෙනෙක්‌ පැමිණේ. තමන් විශේෂඥ වෛද්‍යවරුන් යෑයි හඳුන්වා දෙන මොවුන් දෙදෙනා එහි සිටි අයගෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පිළිබඳ විමසා තිබේ. ඒ අවස්‌ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොසිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ ඇතැයි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මගේ වාර්තාව වෙනස්‌ කරලා දෙනවා නම් නඩුව අයින් කර ගන්න පුළුවන් කියලා.. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ද එම දුරකථනයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කීවේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට දුරකථනය ඔස්‌සේ ඉතා තදින් බැණ වැදී... පියුම්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා දරුවා පරීක්‍ෂා කළ මහාචාර්යවරයාගෙන්ද ඉල්ලීමක්‌ කර ඇති බව දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ දරුවා ලිංගික අපයෝජනයට ලක්‌කළ තැනැත්තා බවද පැවසේ. මොවුන් මේ සූදානම් වන්නේ මෙම ළමා අපචාර සිද්ධිය යටගසන්නටය. මේ මානසික විශේෂඥ වෛද්‍යවරයා විසින් අපයෝජනයට ලක්‌ කළ පළමු දරුවා පියුම් විය නොහැකිද. අවසාන දරුවාද පියුම් වියහැකිද.

දැන් මේ අප කතා කරන මොහොතේද ඔහු විසින් මෙම ක්‍රියාව සිදු නොකරන බව කිව හැක්‌කේ කාටද.

විලි ලැඡ්ජාවෙ බෑ... මේ සිද්ධිය දැනගත් වෛද්‍යවරයකු අපට පවසද්දී... මේ වගේ අයට සමාවක්‌ දෙන්න නරකයි..." තවත් වෛද්‍යවරයෙක්‌ කීවේය.

සත්‍යයකි. උක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ ක්‍රියාකලාපය හෙළාදැකීමට තරම් කොන්දක්‌ වෛද්‍යවරුන්ට තිබිය යුතුය. එහෙත් ඔහු නිදොස්‌ කිරීමට ඔහුට එරෙහි සාක්‍ෂි වෙනස්‌ කොට... නඩු යට ගැසීමට වෙර දරන වෛද්‍යවරුද සිටිති.

සුවය පතා පැමිණෙන අසරණ රෝගීන් වෙතින් තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට කෙනකු ක්‍රියා කරන්නේ නම් ඔහු වෛද්‍ය වෘත්තියට කිසිසේත් ගැළපෙන්නෙකු නොවේ. එවැන්නන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන කිසිවකු ඇත්නම්... ඔහුටද වෛද්‍යවරයා යන නම වෙනුවට පහත් ලිංගික අපචාරකයා, ලිංගික අපයෝජකයා යන ලේබලය ඇලවීම සුදුසු වන්නේය.

අජිත් අලහකෝන්

මේ ගමන ආවේ හම්බකරන්න බලාගෙන නෙමෙයි


තිසර රහසක් හෙළිකරයි

පුහුණුකරුවන් තිදෙනෙකු සමග දැඩි කැපවීමෙන් සිදුකළ පුහුණුවීම් තම සාර්ථකත්වයට හේතුව බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා පවසනවා.
ඔහු සදහන් කළේ දකුණු අපි‍්‍රකානු තරගාවලිය අතරතුර තමන් අනූෂ සමරනායක, සුමිත‍්‍ර වර්ණකුලසූරිය සහ රුවන් පීරිස් යන පුහුණුකරුවන් සමග එක්ව පුහුණවීම් කළ බවයි.
 
මාසයක කාලයක් උදෑසන සිට පස්වරුව දක්වාම සෑම දිනකම තමන් කැපවීමෙන් පුහුණුවීම් සිදුකල බවද තිසර පෙන්වා දෙනවා. එහිදී පන්දු යැවීම මෙන්ම පන්දුවට පහරදීම සම්බන්ධයෙන් ලැබූ පුහුණුව තමන්ට යළි කණ්ඩායමට එක්වීමට ඉවහල් වූ බවයි තිසර පෙරේරා වැඩිදුරටත් කියාසිටියේ.
 

තිසරට, දකුණු අපි‍්‍රකාව සමග පැවති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා සංචිතයේ ස්ථානයක් හිමි වුණේ නැහැ.  ඔහු යළි ශී‍්‍ර ලංකා සංචිතයට කැදවනු ලැබුවේ පකිස්තානය සමග පැවති පුහුණු තරගයේදී දැක්වූ දක්‍ෂතා මතයි.
 
ඒ අනුව තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත් තිසර පෙරේරා තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ තුන් ඉරියව්වෙන් දැක්වූ දක්‍ෂතා හේතුවෙන්.

සසන්ති ජයසේකර ICE BUCKET නාපු HOT VIDEO එක

Sasanthi Jayasekara - Sri Lankan Actress ALS Ice Bucket Challenge

Friday, August 29, 2014

මම කරපු ලොකුම මෝඩකම තමයි මිනිස්සුන්ව ඕනෑවටත් වඩා විශ්වාස කරපු එක....

"හිම කඳු" ටෙලි සිතුවම හැඩ කරවමින් 'සංජු'ගේ චරිතයට පණ පෙවූ ඇය රංගනයට පිවිසි නවක නිළියක වූ ඇය නමින් "සුලේඛා ජයවර්ධන" ය. සුලේඛා මේ වනවිටත් බොහෝ පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ චරිතයක් බවට පත්වී හමාරය.

"හිම කඳු" ටෙලියේ සංජුගේ චරිතය හරහා තමන්ගේ ටාගට්වලට යන්න නොයෙකුත් කැපකිරීම් කරන තරුණියකි. එහෙත් 'රෑනේ' ටෙලියේ දී 'දුන්‍යා' නමින් රංගනයේ යෙදෙන ඇය ටිකක් දඟකාරයි. එමණක් නොව ඇය ළග තිබෙන සහ ඇය කරන යටි කූට්ටු වැඩ අපමණයි. මේ චරිත දෙක සහ සුලේඛාගේ සැබෑ ජීවිතය ගැන ද තොරතුරු රැසක් පැවසුවා.

"සංජු සහ දුන්‍යා කියන දෙන්නම මගේ සැබෑ ජිවිතයට සමීප නැහැ කිව්වොත් මම නිවැරැදියි. හැබැයි සංජු සහ දුන්‍යාගේ ගතිගුණ එහෙන් මෙහෙන් මට තියෙනවා. මං දඟකාරියක් නෙවෙයි. ඒ වගේම කපටිත් නැහැ. මම මගේ ටාගට්වලට මොන බාධක තිබුණත් කවුරු මොනවා කිව්වත් කොහොම හරි යන කෙනෙක්. ඒ චරිතවලත් ඒ ගති ගුණය තියෙනවා. අන්න එතෙන් දි මමත් හරියට සංජු සහ දුන්‍යා වගේ. මගේ ටාගට් තියෙන්නේ මගේ ජීවිතය තවත් යහපත් කරගන්න විතරයි.

එකක් මගේ අධ්‍යාපනය. මං පුළුවන් තරම් ඉගෙන ගන්නවා. එහිදී මට බාධක ආවත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවා. මං එවැනි දේවල් සඳහා පමණයි හිතුවක්කාර වන්නේ.

මට රඟපාන්න වගේම සිංදු කියන්නත් පුවවන්. ඒ හින්දා ගායනය හදරන්න නන්දා මාලනී මිස් ගාවට ගියා. එහිදී ප්‍රියා රණසිංහ මහත්මිය මාව දැකලා කතාබහ කරලා එයාගේ සමනල වසන්තයක් නාට්‍යයට ආරාධනා කළා. එහි 'කලාරි' වුණේ මම. කලාරි කියන්නේ ආබාධිත දරුවෙක්. රෝද පුටුවක ඉඳගෙන තමයි මට රඟපාන්න තිබුණේ.

ඒ වන කොට මම පාසල් යනවා. මට මතක හැටියට අටේ පංතියේ ඉන්න කොටයි සමනල වසන්තයක් රඟපෑවේ. මට ඒ අතරතුර දී කිඳුරංගනා නාට්‍ය සඳහා කතා කළා. ඒත් යන්න බැරි වුණා. මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ මේ නාට්‍යවලින්.

ආරාධනා කරන ඕනෑම චරිතයක් රඟපාන්න මම සුදානම් නැහැ. මගේ පෞද්ගලික ජීවිතයට හානි වන චරිත මං රඟපාන්න බාර ගන්නේ නැහැ..... මත්පැන්, සිගරට් බොන, වැරැදි වෘත්තීන්වල නියැලෙන චරිතයන් මං ප්‍රතික්ෂේප කරනවා. මේක ලංකාවනේ.

වෙනත් රටක ඉපදුනා නම් මං එවන් වූ චරිත දෙපාරක් හිතන්නේ නැතුව රඟපානවා. අපේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් අපිව මනින්නේ රඟපාන චරිතවලින්නේ. මම ඒවාගේ චරිතයක් රඟපෑවොත් මාවත් වපර ඇසින් බලාවි."

රෑන ටෙලිය රඟපාන්න ගිහින් නිල්මිණි තෙන්නකෝන්ගෙන් බොහොම රසට සහ සැරට කෑව කම්මුල් පාර ගැන නම් සුලේඛාට කවාදාවත්ම අමතක වෙන්නේ නම් නැහැලු...

"මගේ අම්මෝ. ඒ කම්මුල් පාර කාල දැනුණු රිදිල්ල ආයෙත් ආයෙත් දැනෙනවා ඒක ගැන කතා කරද්දිත්. නිල්මිණි මහත්මිය මට ඇත්තටම කම්මුලට ගැහැව්වා. ඇය හිතුවේ නැහැ එච්චරට සැරට වදීවි කියලා. ඇගේ ඇඟිලි පහම මගේ මුහුණේ සලකුණු වුණා. කඳුළු පැනලා මං එදා හොඳටම ඇඬුවා. ෂූට් එකේ ඒ තිබුණේ මගේ ඇත්තම ඇඬිල්ල...."

රගපෑම්වල නිරතවන අතරතුරේ සුලේඛා ඇගේ අධ්‍යාපන වැඩ කටයුතු පිළිබදව සහ අනාගත බලාපොරොත්තු ගැනත් පැවසුවා.

"මම දැන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. අපේ රටේ මතයක් තියෙනවා කරන්නම දෙයක් නැති තැන තමයි තරුණියෝ රඟපාන්න එන්නේ කියලා. ඒත් ඒ තත්ත්වයට වැටෙන්න ඕන නැහැනේ. මට කවදා හරි කියන්න පුළුවන් මං නිළියක් වුණාට නිකම්ම නිකම් නිළියක් නෙවෙයි. මං යමක් ඉනෙ ගත්ත නිළියක් කියලා. එතකොට කවුරුවත් අනම් මනම් කියන එකකුත් නැහැනේ.

මගේ අරමුණ කවදා හරි මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම නෙවෙයි. මට ඕනෑ බැංකුවක වැඩ කරන්න. නමුත් රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ. රැකියාවක් කරන ගමන් රඟපානවා.

මෙතෙක් කල් මම කරපු ලොකුම මෝඩකම තමයි මිනිස්සු ඕනෑවට වඩා විශ්වාස කිරිම. කවුරු හරි බොරුවට දුකක් කියාගෙන ආවොත් මං ඒක ඇත්ත කියලා පිළිගන්නවා. මං ගොඩක් සංවේදියි. ඒකයි එහෙම වෙන්නේ.

පේ‍්‍රමවන්තයෙක් ජීවිතයට ළංකර ගන්න නම් තව ටිකක් කල් යාවි. මට ආදරය කරන කෙනෙකුට වඩා නීති නොදා ඉන්න කෙනෙකු හමුවෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. එවැනි අයකු හමු වුණොත් එතැන් පටන් විවාහය ගැන තීරණය කරනවා.

මගේ අම්මා සුනේත්‍රා. ඇය බැංකු නිළධාරිනියක්. තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. අක්කයි ආච්චියි තමයි පවුලේ සෙසු සාමාජිකයෝ. මම කොට්ටාවේ. මං ඉස්කෝලේ දෙකකට ගියා. නුගේගොඩ අනුලා සහ කොළඹ රෝයල් ඉන්ටටියුට් ජාත්‍යන්තර පාසලට. මං ගැන කෙටියෙන්ම හඳුන්වා දෙනවනම් ඇත්තටම මං මගේ පාඩුවේ ඉන්න  ඉන්න කෙනෙක්


නෙහාරා එක්ක මේනක දවස් 24ක් කැලේ ඉඳලා

නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ සමඟ දින 24ක් කැලයක ගතකර තිබෙන බව වාර්තාවේ.

ඔවුන් දෙදෙනා එලෙස කැලයක ගතකර තිබෙන්නේ හෙට සිට CSN නාලිකාව හරහා විකාශය කිරීමට නියමිත රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙනි.

සංග‍්‍රාම අඩිවිය හෙවත් Battle zone ලෙස නම් කර ඇති මේ සඳහා ඔවුන් දෙදෙනාට අමතරව තවත් 16 දෙනෙකු සහභාගී වී තිබේ

ඔවුන් අතර සේමිණි ඉද්දමල්ගොඩ, උමයංගනා වික‍්‍රමසිංහ, නිනෝ අරලිය, දර්ශන ධර්මරාජ්, නිරෝෂන් විජේසිංහ, මේනකා මධුවන්ති, ගයන්ත විජයරත්න, රිතූ ආකර්ෂා, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි, ක‍්‍රිෂානි අලංකි, ටෙඞී විද්‍යාලංකාර, ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ලක් රූ රැජින ඉරේෂා අසංකි ද වේ.


දකුණු ප‍්‍රදේශයේ වනාන්තරයක් තුළ මොවුන් 16 දෙනා දින 24ක් ගතකර තිබෙන අතර එක් දිනයකදී රූගත කළ දර්ශන සතියකට බැගින් සති 24 ක් එය පුරා විකාශය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබඳව මෙනක රාජපක්ෂ පවසන්නේ මෙවැන්නක්.

"CSN කියන්නේ ක‍්‍රීඩා නාලිකාවක්. මේක ක‍්‍රීඩා හා සම්බන්ධ රියැලිටි වැඩසටහනක්. ඉතින් මෙය අනිත් ඒවාට වඩා හුඟා වෙනස්. අපි දැකලා තියෙන රියැලිටි වැඩසටහන්වල තරගකරුවන් ජනපි‍්‍රය වීම කෙටි පණිවුඩවලින් කෙරෙනවා. මේක සැබවින්ම දක්ෂතාව මත තීරණය වන දෙයක්. මේකකේ විනිශ්චයකරුවෝ අපි. අපිම තමයි දුර්වල තරඟරුවා ඉවත් කරන්නේ. කැලේ එකට ඉදලා එකට කාලා බීලා අපේම යාළුවෙක් ඉවත් කරන එක හරිම දුකයි.

අපි කොළඹ රූගත කිරීම් කරන කොට අව්ව වැටුණොත් කවුරු හරි කුඩයක් අල්ලනවා. නමුත් කැලේ එහෙම කරන්න කවුරුත් නෑ. දහඩිය දාගෙන හරිම කටුක කාලයක් ගතකළේ. අපි එකම ඇඳුම දෙපාරක් ඇන්ද අවස්ථාත් තිබුණා. ඒවා මිහිරි අත්දැකීම්. අන්තිම වෙන්න වෙන්න අපේ ටීම් එක අඩුවෙන කොට හරිම දුකයි. මොකද 16 දෙනෙක් ඇවිල්ලා අන්තිම වටේට එන කොට පස් හය දෙනා වුණා. එතකොට නම් දුකක් ඇති වුණා.

අන්තිම කාලේ කොමාන්ඩෝ භටයන් අපිට හුඟාක් දේවල් කියලා දුන්නා. සමහර අත්දැකීම් අපි වින්දේ ජීවිතේ පළමු වතාවට. සුළු සුළු තුවාලත් වුණා."



අයිස් බකට්ටුව හිස මත වැටී මියගිය තරුණිය යලි උපදී

අයිස් බකට් අභියෝගයට (Ice Bucket Challenge) මුහුණ දීමට ගොස් වතුර බාල්දිය හිසමතට වැටි තරුණියක් මියයාමේ පුවත ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ සංවේදී පුවතක් වුණා.
 
‍එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මිය ගොස් නැති බවය.
 
"The Washington Post" වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ "This is what happens when you post an ice bucket fail and a hoax-news site says you died" සිරස්තලය යටතේය.
 
එහි වැඩිදුරටත් සඳහන් වූයේ අනතුරින් අනතුරුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව අැයට බරපතල අනතුරක් සිදුව නොතිබූ බවය.
 
කෙසේ නමුත් මෙම වීඩියෝව මේ වන විට ‍ලොව පුරා මිලියන 2.4ට වැඩි ප්‍රමාණයක් නරඹ තිබෙනවා.
 
(එම වීඩියෝව පහතින් නරඹන්න)

කිලිමන්ජරෝ කඳු මුදුනේදී නිරුවත් පිංකමක් - ඇඳුම් උණද්දී උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 12යි

ජලය අයිස් බවට පත්වෙන්නෙ සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේදි. ඒ උෂ්ණත්වය තියෙන තැනක කිසිම ඇඳුමක් නැතුව ඉන්න ඔබට පුළුවන්ද?

හැබැයි ඊට වඩා උෂ්ණත්වය ඉතාමත් පහළ මට්ටමක, හරියටම කිව්වොත් සෙල්සියස් අංශක සෘණ 12 උෂ්ණත්වයේදී තම ඇඳුම් උණා දැමු තරුණයෙක් පිළිබඳ වාර්තා වෙනව. ඒ එසේ මෙසේ තැනක නෙවෙයි. ලෝකෙ කඳු අතරින් උසින් හතරවෙනි ස්ථානයේ පසුවන කිලිමන්ජරෝ කඳු මුදුනෙදි.

ඔහු නමින් බෙන් බොලීන්. වයස අවුරුදු 18යි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන බෙන් කිලිමන්ජරෝ තරණය කරනු ලබන්නේ විනෝදයට හෝ ක්‍රීඩාවක් ලෙසද නොවේ. ළමුන් සඳහා ගිලන් හලක් සෑදීම සඳහා අවශ්‍ය මුදල් සෙවීම මෙහි අරමුණ වුණා. 

Kilimanjaro www.nethfm.com001 Kilimanjaro www.nethfm.com003Kilimanjaro www.nethfm.com002  Kilimanjaro www.nethfm.com006 Kilimanjaro www.nethfm.com007
Kilimanjaro www.nethfm.com004
Kilimanjaro www.nethfm.com005

ගෝලයාගේ වෙඩි පහරින් ගුරා මරුට (වීඩියෝ සහිතයි)

ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරමින් සිටි පුහුණුකරුවෙකු වෙඩි වැදීමෙන් මිය ගිය පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා. නව හැවිරිදි දැරියකට වෙඩිතැබීමේ අභ්‍යාසයක් කරමින් සිටියදි දැරියට ඉලක්කය වැරදීමෙන් මෙම මරණය සිදුව තිබෙනවා.

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුවූ මෙම හදිසි අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ 39 හැවිරිදි චාර්ල්ස් වැකා නමැති යුද හමුදා නිලධාරියෙක්

බිම් සවියෙන් ඔබේ ඉඩමත් මැන්නාද? එසේ නම් අවධානයෙන් ඉන්න!

ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92 ක ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් මිලියන දහසක්‌ වෙන්කර ඇති අතර එක්‌ හිමිකම් සහතික පත්‍රයක්‌ වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් 15,000 කි.

අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පවසන්නේ බිම් සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බවත් මෙම පනත සම්මත වුවහොත් විහාර දේවාලගම් වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රැසක් ඇති වන බවත්ය.


බිම් සවිය නිසා බොහෝ ඉඩම් වල තිබූ ආරවුල් ඉවත්වී හිමිකරුවන් හට නිරවුල් ඔප්පු ලැබී තිබේ. නමුත් මැන තිබෙන ඉඩම් වලින් බොහොමයක් දෝෂ සහිත ඒවා බවද පසුගිය කාලයේ වාර්තා විය.

මැනුම් කටයුතු සිදුකර හිමිකම් සහතික පත්‍ර ලබාදී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක්‌ හරි හතරැස්‌ ලෙස සිතියම් ගතකොට තිබීම, අයිතිකරුවන් කීප දෙනකු සිටින ඉඩම්වල අයිතිය එක්‌ පුද්ගලයකුට පමණක්‌ ලබාදීම, මැනුම් සිදුකරන ඉඩම් ආශ්‍රීතව පිහිටි ඇළ මාර්ග, කාණු පද්ධති, මාර්ග නිසි ලෙස සිතියම් ගත කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක්‌ ඒ අතර වේ.

මේ අතර ගොසිප් බුක් වෙත දැනගන්නට ලැබෙන අලුත්ම කරුණ නම් බිම් සවියෙන් මැන තිබෙන ඉඩම් වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීමයි.

අපගේ පාඨකයෙකු අප වෙත දන්වා සිටියේ ඔහුගේ ඉඩම ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේ වෙනත් පුද්ගලයෙකුගෙන් එම ඉඩම සඳහාම ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍රයක් භාර දී තිබෙනු දක්නට ලැබුණු බවයි.

එහි භයානක තත්වය වන්නේ ඉඩම් ඔප්පුවේ හෝ හැඳුනුම්පතේ ඡායාපිටපත් රහිතවම අසම්පුර්ණ අයදුම්පතක් ද ඒ වනවිට වෙනත් අයෙකුගෙන් එම නිලධාරින් භාර ගෙන තිබීමයි
.

බිම් සවියෙන් පැමිණ ඉඩම් මැනගන යාමෙන් පසු බොහෝ දෙන්කු සිතන්නේ එදා පටන් තමාගේ ඉඩම නිරවුල් බවයි. නමුත් තමාගේ ඉඩම කුමන ආකාරයට ලියාපදිංචි වී ඇත්දැයි, ඉඩමේ සැකැස්ම කුමන ආකාරයට ඇඳ ඇත්දැයි ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.

ඇතැම් ඉඩම් සැලසුම් දෙස බැලීමේදී මැනගිය ගිය මායිම් වලට වෙනස් වන අයුරින් සැලසුම් ඇඳ තීබේ. එසේ වී නම් වහාම ඒ බව දන්වා ඔප්පුව ලැබීමට පෙර අදාල ඉඩම් හිමියන් ඒවා නිවැරදි කරගත යුතුය.

සාමාන්‍යයෙන් ඉඩම මැන ඒ සඳහා සැලැස්ම ලබාගැනීමට වසර එකහමාරක් පමණ කාලයක් ගතවිය හැකිය. අනතුරුව තම ප්‍රදේශයේ මිනින්දෝරු ආයතනය වෙත ගොස් රු. 950/-ක් ගෙවා සැලැස්ම ලබාගත යුතුය. මැනගන ගිය තමාගේ ඉඩම කුමන ආකාරයට සිතියම්ගතවී ඇත්දැයි ඉඩම් හිමිකරුවාට දැනගැනීමට ලැබෙන්නේ එවිටයි.

අනතුරුව ඉහත සැලැස්ම රැගෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ ආයතනය වෙත රැගෙන ගොස් තමාගේ අනන්‍යතාවය පෙන්වා තම ඉඩම ලියාපදිංචි කරගත යුතුය. ඉඩම් ඔප්පුව ලබාගත යුත්තේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මඟිනි.

මෙම ව්‍යාපෘතිය මඟින් තමාගේ ඉඩමේ සැලැස්ම අන්තර්ජාලය ඔස්සේ බලාගත හැකි අතර තවමත් එම පහසුකම තිබෙන්නේ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කයන් සඳහා පමණි. (ඒ සඳහා පිවිසෙන්න මෙතනින් .)

ලංකාවේ මිනී මැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් වී මරණ දණ්ඩනය හිමිවූවන්ගෙන් 80%ක්ම වැරදිකරුවන් වී ඇත්තේ ඉඩම් ආරවුල් නිසාය. එබැවින් බිම් සවිය මඟින් ඉඩම් මැනීම ප්‍රයෝජනයනවත් දෙයක් වන නමුත් තමාගේ ඔප්පුව ලැබෙන තුරු මැනුම් කටයුතු කල දිනයේ පටන් ඒ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්ය.

අනාගතයේ ඉඩම් පැවරීම

බිම් සවිය යටතේ මනින ලද ඉඩම් අනාගතයේදී වෙනත් කෙනෙකුට පැවරීමේදී ඉඩමේ නියම වටිනාකමට මුද්දර ගාස්තු ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ.

දැනට සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකම ලෙස ඉතාමත් අඩු මුදලක් සඳහන් කරඔප්පු ලියන්නේ මුද්දර ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු මුදල අඩුකරගැනීමටයි.

නමුත් ඉඩමේ ඔප්පුව රජය මඟින් සාදා ඇති නිසා අනාගතයේදී ඉඩමක් විකිණීමේදී රජයේ තක්සේරුකරුවෙකු පැමිණ එහි වටිකානකම් තක්සේරු කරන අතර ඒ අනුව නියමාකාර වටිකාමට බදු රජයට ගෙවිය යුතුවේ.

මෙතරම් මුදලක් වියදම් කර බිම් සවියෙන් ඉඩම් මනින්නේ මෙම බදු මුදල් ලබාගැනීම සඳහාය

වාරියපොළ තිලිණි වෙනුවෙන් කාන්තාවන් සටනට

වාරියපොළ නගරයේ බස් නැවතුම්පොලේදී උසුළු විසුළු කළැයි සෙල්වා නමැත්තකුට පහරදුන් තිළිණි අමල්කා නමැත්තිය වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ඇප මත ඊයේ දිනයේදී මුදාහැර තිබේ.

තිළිණි අමල්කා ඊයේ දිනයේ දී මානව හිමිකම් සංවිධානයක නීතිඥයකු සමඟ පොලිසියට භාරවීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනුණු අතර පැය 4ක කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකොට ඇගේ මානසික තත්වය පිලිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී. එහිදී ඇයට කිසිදු මානසික ආබාධයක් නොමැති බව තහවුරු වී තිබුණි. 


තිලිනි ඉමල්කා විසින් සෙල්වා වෙත සිදුකරන ලද පහරදීම බොහෝ තරුණයන්ගේ දෝෂාරෝපණයට ලක්වූ අතර ඇය වෙනුවෙන් විවෘත වූ ෆේස්බුක් පිටු ගණනාවක් මගින් තිලිනි ඉමල්කා හට දරුණු ලෙස බැන වැදී තිබුණි. 

මෙම සිදුවීම පාදක කොට ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන අතවර පිටු දැකීම සඳහා නව සංවිධානයක් බිහිවී තිබේ. 

එය නම්කොට ඇත්තේ Street harassment hurts යනුවෙනි. එමගින් කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට ඔවුන්ගේ ප්‍රතිචාරද දක්වා තිබේ. 

තරුණියන් විසින් මහා මගදී සිදුවන අතවරයන්ට විරුද්ධව පලකරන ලද ජායාරූප එකතුවක් පහතින් බලන්න. 

























එම පිටුවට පිවිසෙන්න මෙතනින්