Friday, August 29, 2014

අයිස් බකට්ටුව හිස මත වැටී මියගිය තරුණිය යලි උපදී

අයිස් බකට් අභියෝගයට (Ice Bucket Challenge) මුහුණ දීමට ගොස් වතුර බාල්දිය හිසමතට වැටි තරුණියක් මියයාමේ පුවත ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ සංවේදී පුවතක් වුණා.
 
‍එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මිය ගොස් නැති බවය.
 
"The Washington Post" වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ "This is what happens when you post an ice bucket fail and a hoax-news site says you died" සිරස්තලය යටතේය.
 
එහි වැඩිදුරටත් සඳහන් වූයේ අනතුරින් අනතුරුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව අැයට බරපතල අනතුරක් සිදුව නොතිබූ බවය.
 
කෙසේ නමුත් මෙම වීඩියෝව මේ වන විට ‍ලොව පුරා මිලියන 2.4ට වැඩි ප්‍රමාණයක් නරඹ තිබෙනවා.
 
(එම වීඩියෝව පහතින් නරඹන්න)