Saturday, August 30, 2014

ලංකාවෙන් පෙලවහක් කරගන ඉන්න කැමති චීන විශ්ව රූ රැජිණ

ලබන මස 13 වනදා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු සුරූපී තරුණියන් පසුගියදා ලංකාවට පැමිණ තිබේ.

ඒ සමඟ 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් සුරූපිනියද පැමිණ සිටී.

26 හැවිරිදි ඇය පවසන්නේ තමා ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වීමට කැමති බවයි. විවාහ වීමෙන් පසු ලංකාවේ පදිංචි වීමට ඇය බලාපොරොත්තු වේ.


"මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි. මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න"