Saturday, August 30, 2014

තිසර රහසක් හෙළිකරයි

පුහුණුකරුවන් තිදෙනෙකු සමග දැඩි කැපවීමෙන් සිදුකළ පුහුණුවීම් තම සාර්ථකත්වයට හේතුව බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා පවසනවා.
ඔහු සදහන් කළේ දකුණු අපි‍්‍රකානු තරගාවලිය අතරතුර තමන් අනූෂ සමරනායක, සුමිත‍්‍ර වර්ණකුලසූරිය සහ රුවන් පීරිස් යන පුහුණුකරුවන් සමග එක්ව පුහුණවීම් කළ බවයි.
 
මාසයක කාලයක් උදෑසන සිට පස්වරුව දක්වාම සෑම දිනකම තමන් කැපවීමෙන් පුහුණුවීම් සිදුකල බවද තිසර පෙන්වා දෙනවා. එහිදී පන්දු යැවීම මෙන්ම පන්දුවට පහරදීම සම්බන්ධයෙන් ලැබූ පුහුණුව තමන්ට යළි කණ්ඩායමට එක්වීමට ඉවහල් වූ බවයි තිසර පෙරේරා වැඩිදුරටත් කියාසිටියේ.
 

තිසරට, දකුණු අපි‍්‍රකාව සමග පැවති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා සංචිතයේ ස්ථානයක් හිමි වුණේ නැහැ.  ඔහු යළි ශී‍්‍ර ලංකා සංචිතයට කැදවනු ලැබුවේ පකිස්තානය සමග පැවති පුහුණු තරගයේදී දැක්වූ දක්‍ෂතා මතයි.
 
ඒ අනුව තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත් තිසර පෙරේරා තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ තුන් ඉරියව්වෙන් දැක්වූ දක්‍ෂතා හේතුවෙන්.