Tuesday, December 30, 2014

සල්මන් හැරුණු තැපෑලෙන්ම ගියේ ඇයි?

සමාජ සත්කාරක මෙන්ම දේශපාලනික වැඩකටයුතු සඳහා ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් එදින (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ. සල්මන් ඛාන් ලංකාව තුල සිටියේ කෙටි කලක් වුවද එය සල්මන් ඛාන් පිලිබඳ පුවත් ගණනාවක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් විය. සල්මන්ගේ ලංකා ආගමනය සම්බන්ධව සිදුවූ වැදගත් සිදුවීම් පහත වේ.

 

ඉන්දියාවේ විරෝධය 
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සල්මන් ඛාන් පාවාදෙන්නෙක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණි. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරෝධිව කටයුතු කරන පක්ෂයක් වන අතර සල්මන් ඛාන් ජනපතිවරයාට උදවු කිරීම සම්බන්ධව ඔවුන් දැඩි විරෝධය පා තිබුණි. 
 
සල්මන් ශාරුක් වෙයි 
බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ සමාජ සත්කාරයේදී සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි. සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන් යනු කලක පටන් විරසකව සිටින නළුවන් දෙදෙනෙකි. 
 
දූෂණ චෝදනා 
සල්මන් ඛාන් යනු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාවාරම් සිදුකරන්නෙකු බවත් ඇමරිකන් ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියක් වන "Krrish Square" ගනදෙනුව පිටුපස සල්මන් ඛාන් සිටින බවද විපක්ෂය විසින් චෝදනාකොට තිබුණි. 
 
රිය අනතුර 
පසුගිය 29 වනදා  සල්මන් ඛාන්ගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද වාර්තාවේ. එම අනතුරෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ. පොලිස් වාර්තා වලට අනුව එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බවත් අනතුරට පත්ව ඇති රථය වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයිද ඊට සමාන අනෙක් කාරය පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බවයි.  acc-1 acc-2 acc-3 acc-4