සිරදඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින සංජේ දත්ට සති දෙකක
කාලයක් සඳහා තාවකාලිකව නිවසට යාමට අවසර ලබාදී තිබෙනවා. සිය නිවස වෙත යාමෙන්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී
තමාගේ බර කිලෝග‍්‍රෑම් 18 කින් අඩු වී ඇති බවයි. වසර 05 ක සිරදඬුවමක් නියම
වී සිටින සංජේ දත් මේ වනවිට මාස 18 ක ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටිනවා.
මීට පෙර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සහ 2013 දෙසැම්බර් මාසවල ඔහුට දින 28
බැගින් වූ නිවාඩු බන්ධනාගාරය විසින් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා
සඳහන් කළේ. බොලිවුඩ් චිත‍්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි සංජේ දත්ගේ
ජීවිත කතාව අලලා චිත‍්‍රපටියක් නිෂ්පාදන කිරීමේ කටයුතුද මේ වනවිට අරඹා
තිබෙනවා.