Wednesday, December 31, 2014

ජැකලීන් සල්මන් ගෙනා හේතුව හෙළිවෙයි !

ජැකලීන් සල්මන් ගෙනා හේතුව හෙළිවෙයි !බොලිවුඩ් නළු නිළි යුවළක් වන සල්මාන් ඛාන් හා ජැකලින් ෆර්නැන්ඩිස් ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුත්තකදී විශේෂ අමුත්තන් ලෙස පෙනී සිටීමෙන් පසුව මෙරටින් මෙන්ම ඉන්දියාවෙන්ද ඛාන්, දැඩි දෝෂදර්ශනයට ලක්විය.
මේ සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩිස් ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්වෙබ් අඩවිය සමග අදහස් දක්වා තිබේ. එහිදී ඇය පවසා ඇත්තේ සල්මාන් ඛාන් ගේ පුණ්‍යායතන කර්තව්‍යයක් වන 'බීං හියුමන් '(Being Human) හි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා සිටියේ තමා බවයි.
"ඇසේ සුද ඇති වූ පුද්ගලයන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කාච 200ක් පරිත්‍යාග කිරීමට ඔහු අඩු පහසුකම් වලින් යුත් ප්‍රදේශ වලට ගමන් කළා. මුදල් පරිත්‍යාගයක් ද සිදුකළා. එහෙත්, ජනතාවට කිසිඳු කටයුත්තක හොඳක් නොපෙනීම ගැන කනස්සලු වෙනවා. සෑම හොඳ කටයුත්තක් පසුපස ඇති යටි අරමුණ හඳුනාගැනීම පමණයි," යැයි ඇය පවසා තිබේ.
මෙය, පුණ්‍යාතන කටයුතු සඳහා සිදුකළ සංචාරයකටත් වඩා ඉදිරි මැතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හට වාසිදායක තත්ත්වයක් උදාකරවීමට සිදුකළ උත්සහයක් ලෙස දිස් වන බවට එම පුවත් සේවය සඳහන් කළ විටදී ජැකලින් ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරකි. "සල්මාන් කියන්නේ ඒකපුද්ගලයෙකි. ඔහු ජනපති රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් හොඳින් හඳුනනවා. ජනපති රාජපක්ෂට සහය දීමට සල්මාන්ට අවශ්‍ය නම් ඒ ඔහුගේ තීරණයක්. ඒ ගැන වෙන කාටවත් ප්‍රශ්ණ කරන්න අයිතියක් නෑ."
කෙසේ වෙතත්, ඇය සිය සහභාගීත්වය පිළිබඳව අදහස් දක්වා ඇත්තේ එය පුණ්‍යාතන කටයුත්තට සීමා වූ බවයි.
මෙවැනි විකාර වලට වඩා ශ්‍රී ලංකාවේ සිදුකළ දැනුවත්කිරීම ගැන අවධානය කිරීමට මං කැමතියි.
SalmanK1 600px 14 12 29