Thursday, October 9, 2014

ස්වාසිලන්ත රජු කන්‍යාභාවයට වන්දි ගෙවයි

කන්‍යාභාවය සහිත ස්වාසිලන්ත තරුණියන්ට මාසික දීමනාවක් ගෙවීමට ස්වාසිලන්ත රජු තීරණය කරයි.
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ මේ අනුව  ස්වාසිලන්ත කන්‍යාවකට මසකට ඇමරිකානු ඩොලර් 18 ක මුදලක්  දීමනාවක් වශයෙන් ලබාදීමට යන බවයි.

ස්වාසිලන්තයේ මසවටි රජතුමන් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.


ස්වාසිලන්තයේ ඒඩ්ස් පැතිරයාම වැළැක්වීමට මෙම තීරණය  ගෙන ඇති බව විදෙස් වාර්තා කියයි. අප්‍රිකානු කලාපයේ සීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිර යන රටක් වශයෙන් ස්වාසිලන්තය හදුනාගෙන තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කාන්තා සංවිධාන සදහන් කර ඇත්තේ මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.කාන්තාවන්ගේ ශාරීරීක අවශ්‍යතා මුදලට පාවාදීමක් මෙහිදී සිදුකෙරෙන බව ඔවුන්ගේ අදහසයි.මෙය කන්‍යාභාවය රජුට කුලියට දීමට සමාන බව එම ක්‍රියාකාරිණියන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. උඩුකය නිරුවත් නැටුම් ස්වාසිලන්තයේ ජනප්‍රිය සංස්කෘතික උත්සවයක් වන අතර මේ පිළිබදව පසුගිය කාලය පුරා ලොව පුරා කථා බහට ලක්විය.ඊට අදාල ඡායාරූප පෙළක් පහතින් නරඹන්න