Wednesday, January 21, 2015

අනර්කලීගෙත් හොර මාට්ටු!

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ත්‍රික්ක‍යෙන් තරග කළ අනර්කලී ආකර්ෂා විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ‍යොදාගත් බව පැව‍සෙන කැබ් රථයක් ඊ‍යේ මාතර ‍පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබිණි. ‍

මාතර වැඩබලන මූළස්ථාන ‍පොලිස් පරීක්ෂක එච්. ජී කමල් මහතාට ලැබුණු ‍තොරතුරක් මත ‍මෙම වැටලීම සිදුකර ඇති අතර, රථ‍යේ චැසි අංකය හා කැබ් රථ‍යේ අංකය අතර පරස්පරතාවක් පවතින බවටද අනාවරණය වී පවතී. මෙම කැබ් රථය පඩුවස්නුවර ප්‍ර‍ාදේශීය සභාවට අයත් බවට සැක‍ කෙ‍රෙයි. ‍

මෙම කැබ් රථය වල්ගම ප්‍රදේශ‍යේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබියදී ‍සොයා‍ගෙන ති‍බේ.


රථ‍යෙහි ඇතිවූ ‍දෝෂයක්  පිළිබදව කළ දැනුම්දීමකින් පසු අදාළ වාහන අලුත් වැඩියා කරන ආයතනය  ‍මෙම ස්ථානයට රැගෙන විත් ඇති බව මූලික පරීක්ෂනවලින් අනාවරණය වී ඇත.

එම රථය අලුත් වැඩියා කිරීම සදහා අවශ්‍ය ඇස්ත‍මේන්තු මුදල් ප්‍රමාණය දැනුම් දුන්නත් ‍මේ වන‍තෙක් අදාළ පාර්ශ්ව‍යෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී ‍නොමැති අතර එම වාහනයේ ‍කොටස් කිහිපයක් ‍ගලවා ඇති බවද දැනගන්නට ලැ‍බේ.


මේ පිළිබද ‍සොයාබැලීමට ‍මේ දක්වා කිසි‍වෙකු පැමින ‍නැති බවටද ‍හෙළිව ඇති බවද දැනගන්නට ලැ‍බේ. මේ පිළිබද මාතර ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.