තමාගේ නැති බැරි කමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා තමන් යම් මුදලක් සොයාගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබේ.
ඇය මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවන් කතාවකි.
"ඒ මහත්තයාගේ නම මම දන්නේ නෑ.සතියකට උඩදී මාත් එක්ක යන්න කතා කළා.මම කිව්වා බෑ කියලා..මම එක එයාට කල් ඇතුවම කිව්වා..ඊට පස්සේ ඇවිල්ලා ආයෙත් යන්න කතා කළා..තුන්වෙනි දවසෙත් මට ඇවිත් කතා කළා.. මම කිව්වා බෑ කියලා..ඊට පස්සේ ගංගා කියල ගෑනු කෙනෙක්ට කෝල් කරලා කියලා තියෙනවා මේකි ගාවට ගිහින් මේකිට ගහලා රණ්ඩු කරපන් කියලා..ගංගා මට ඇවිත් කුණුහරුපෙන් බැන්නා..මමත් බැන්න..බැන්නට පස්සේ ආපහු කෝල් කරලා කියලා තියෙනවා මහත්තයට ඇවිත් මට ගහන්න කියලා..මහත්තයා ඇවිත් හරි වැරැද්ද බැලුවේ නෑ..මට ඇවිත් බැන්න තොට කියල තියෙනවා නේද මෙතනට එන්න එපා කියලා මට වයර් කෑල්ලකින් ගැහුවා..බිම දාගෙන මට අතින් පයින් ගැහුවා.."

http://offair.nethfm.com