Tuesday, September 30, 2014

උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් අපයෝජනයට

උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක්
අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති නිකවැරටිය - රස්නායකපුර ග‍්‍රාමිය රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරීවරයාට ලබන 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත‍්‍රාත් දීපානි කොඩිතුවක්කු ඊයේ (25* නියෝග කළා.මහෙෂ්ත‍්‍රාත්වරිය මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ එවකට රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාව සිටි මීගමුව වෙන්දේසිවත්තේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.මංජුල ශ‍්‍රි තුෂාර නැමැත්තාටයි.2012 වසරේදී වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී තමන්ව මෙම වෛද්‍යවරයා අපයෝජනයට ලක්කළ බවට අදාළ කාන්තාව නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබුණාය.