Saturday, July 19, 2014

සචිත්‍රගේ දවා ගැනීම ලෝක ක්‍රිකට් කමිටුවත් පිළිගනියි

මාන්කාඩ් ක්‍රමයට පිතිකරුවෙක් දවාගැනීමට පන්දු යවන්නෙක්ට අයිතියක් ඇති බවත්, එය නීත්‍යානුකූල බවත්, එහෙයින් එම ක්‍රමයේ කිසිඳු වෙනසක් ඇතිකිරීමට අවශ්‍ය නොවන බවත් එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව වසින් එකහෙලා අනුමත කර තිබේ.
ලෝක ක්‍රිකට් කමිටුව  ලන්ඩනයේදි දින දෙකක් පුරා මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ එම නීතියේ වෙනසක් අවශ්‍ය නොවන බවයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එංගලන්තයේ පැවැති එක්දින තරගාවලියේ සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් මාන්කාඩ් ක්‍රමයට දවාගත් අතර එය ක්‍රිකට් ලෝකයේ බොහෝසෙයින් කතා බහට ලක්විය.
එංගලන්ත නායක මයික් බෙයාර්ලේ , ස්ටීව් වෝ, රාහුල් ඩ්‍රාවිඩ්, ඇන්ඩෘ ස්ට්‍රාව්ස්, හා ශෝන් පොලොක් ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.
මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් එම්.සී.සී. ය පවසන්නේ මාන්කාඩ් ක්‍රමයට පිතිකරුවෙක් දවාගනැනීම කිසිලෙසකින්වත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට බාධාවක් ඇති නොවන බවයි.