Saturday, July 19, 2014

වෙඩි තබා බිම හෙළු ගුවන් යානයේ නවතම තතු (දෙවන කොටස)

යුක්රේන රජය විසින් ඊයේ දින රාත්‍රියේ, වෙඩි තබා බිම හෙලු ගුවන් යානයේ සිටි මිය ගිය කුඩා දරුවෙකුගේ ජයාරූප පෙන්වමින් එම දරුවාගේ ලේ ඇත්තේ පූටින්ගේ දෑතෙහි බව විකාශයකොට ඇත. 

එම ජායාරූපය පළකිරීමෙන් අනතුරුව යුක්රේන රාජ්‍යය උපදේශක ඇන්ටන් කියා සිටියේ පුංචි බිලිඳෙකුගේ දේහය මඩ ගොඩක් උඩ වැටි තිබෙන දර්ශනය වේදනාකාරී බවයි. එම ජායාරූපය ඩේලි මේල් වෙබ් අඩවිය පවා පළකිරීම ප්‍රතික්ෂේපකොට තිබේ.

ඒඩ්ස් සමුළුවට ගිය විදේශ නියෝජිතයන් මරුමුවට
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්හිදී පැවැත්වෙන එ්ඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි හෙළිවී තිබේ. එ් බව ඕස්ටේ‍්‍රලියානු රජය විසින්ද තහවුරු කර ඇත.

එ්ඞ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.




ගුවන් කලාපය වර්ජනය කරයි

මෙම යානය නැෙඟනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති.


අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් රටවල් කටයුතු කර තිබුණු අතර ගුවන් අනතුරින් පසු චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මිසයිල ප්‍රහාරය බෙදුම්වාදී කැරලිකරුවන්ගෙන්
යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල ඛළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම ප්‍රහාරයේ වගකිවයුතු පිරිස කවුරුන්දැයි යන්න මේවනවිටත් හෙළිවී ඇත.


ප්‍රහාරයට අණ දුන හඬපට එලියට
රුසියාවට සහය පළකරන යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් සහ රුසියානු බුද්ධි අංශ නිලධාරියකු අතර සිදුවූ දුරකතන සංවාද දෙකක් මේවනවිට මාධ්‍යය වෙත නිකුත්කොට ඇත.
එම සංවාද මගින් හෙළිවන කරුණුවලට අනුව යුක්රේනයට යුද අවි ගෙන එනු ලබන යානයක් බව සැකකරමින් යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට යුක්රේන හමුදා අනාවරණය කර ඇත.

මෙම මිසයිල ප‍්‍රහාරය පිළිබඳ යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන්ගේ අණදෙන නිලධාරියකු වන ඉගෝර් බෙස්ලර් හා රුසියානු බුද්ධි අංශ නිලධාරි වසිලි ජෙරනින් අතර සිදුවූ සංවාදය යුක්රේන හමුදා විසින් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ මෙසේ ය.

බෙස්ලර් - අපි යානය පහත හෙළුවා. මිනෙරා කණ්ඩායම, යානය යෙනැකීවෝ වෙත වැටෙන්නට ඇති.
ජෙරනින් - ගුවන් නියමුවන්. ගුවන් නියමුවන් කොහෙද?
බෙස්ලර් - යානයේ ඡුායාරූප ගන්නවා. එය තවමත් දුම් දමමින් තිබෙන්නේ.
ජෙරනින් - මිනිත්තු කීයකට කලින් ද?
බෙස්ලර් - මිනිත්තු 30කට කලින්.

( ‘මේජර්’ සහ ‘ග‍්‍රීක්’ ලෙසින් හඳුනාගැනුණු යුක්රේන බෙදුම්වාදී කැරළිකරුවන් දෙදෙනා අතර වූ සංවාදයෙන් හෙළිව ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 25ක් උතුරු දෙසින් ස්ථානගතව සිටින යුක්රේන බෙදුම්වාදී කැරළිකාර කණ්ඩායම විසින් රොකට් ප‍්‍රහාරය එල්ල කර ඇති බවය.‘මේජර්’ නමැත්තා එම අවස්ථාවේදී අනතුර වූ ස්ථානයේ සිට ඇති අතර, ‘ග‍්‍රීක්’ නමැත්තා සමඟ සිදුවූ සංවාදය මගින් අනතුරට හේතු අනාවරණය වී ඇත)

‘යානයේ මොනවගේ අවි ද තිබුණේ?’
‘ඇත්තෙන්ම අවි කිසිවක් නැහැ. සිවිල් භාණ්ඩ පමණයි. ප‍්‍රතිකාර කරන භාණ්ඩ, තුවා, සනීපාරක්ෂක භාණ්ඩ’
‘මොනවාහරි ලියකියවිලි තියෙනවද?’
‘ඔව්. තොම්සන් විශ්ව විද්‍යාලයේ ඉන්දුනීසියානු සිසුවෙකුගේ ලියවිලි වගයක්..’

එම හඬපටය අහන්න පහලින්



මළසිරුරු වලට ආරක්ෂාව දෙන්න කැරලිකරුවෝ එකඟ වෙයි
MH17 යානය කඩා වැටුණු යුක්‍රේන – රුසියා දේශ සීමා ප්‍රදේශයට සහන සේවකයින්ට සහ ආරක්ෂක නිලධාරීන්ට ඇතුළු වීම සඳහා ඉඩ දීමට යුක්‍රේන කැරලිකරුවන් එකඟ වී තිබේ. ඔවුන් මැලේසියානු බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, කඩා වැටුණු යානයේ සුන්බුන් සහ මළ සිරුරු ආරක්ෂා කිරීමට ද ඔවුන් පොරොන්දු වන බව ය. 


මෙයට පෙර එම ස්ථානයට පැමිණීමට උත්සාහ කල රාජ්‍යය තාන්ත්‍රිකයන්ට වෙඩි තැබීමට උත්සාහ කල හෙයින් පසුව ඔවුන් සමග කල පණිවුඩ හුවමෘවකින් අනතුරුව මැලේසියානු බලධාරීන්ට එම ස්ථානයට පැමිණීමට අවස්තාව ලබාදී ඇත.

අනතුරට කලින් මෝදි හා පූටින් එකම ගුවන් මගේ 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානය ප‍්‍රහාරය වීමට පැය 2කට පෙර එම ස්ථානයෙන් අහසේ පියාසර කර ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.


පූටින් රැුගත් ගුවන් යානය ඛේදවාචකය සිදුවීමෙන් පැයකට පසු ගමන් කොට ඇති බව සඳහන් වෙයි. ඛේදවාචකයට ලක්වූ මලයාසියානු ගුවන් යානයත් පූටින් රැුගත් ගුවන් යානයත් බාහිර පෙනුමෙන් එක හා සමාන බවත් ඔවුන් පූටින්ට සිදුකල ඉලක්කය මැලේසියානු ගුවන් යානයේ වැදී ඇති බවටද මේවනවිට මත පලවෙමින් පවතී.

ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වෙයි
මේ අතර යුක්රේන අග‍්‍රාමාත්‍ය අර්සේනි යැට්සෙන්යුක් චෝදනා කර ඇත්තේ මෙය රුසියාව විසින් කරන ලද ජාත්‍යන්තර අපරාධයක් බවයි. මේ අතර, ගුවන් අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ. 


එහිදී බි‍්‍රතාන්‍යය විසින් යෝජනා කර ඇත්තේ අනතුර පිළිබඳ විස්තරාත්මක, පූර්ණ ස්වාධීන විමර්ශන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි. අනතුරුව මෙම අනතුර පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත.

අතුරුදන් වූ MH370 පිලිබඳ නැවතත් කතාබහක්
යුක්‍රේන දේශ සීමාවේදී කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් MH17 යානය කඩා වැටීමේ සිද්ධිය හරහා MH370 යානයට සිදුවූයේද එම ඉරණමද යන්න පිලිබඳ මේවනවිට කතාබහක් ඇතිවෙමින් පවතී. මැලේසියාවේ සිට චීනය බලා පියාසර කරමින් සිටි එම යානය අතුරුදන් වුයේ මගීන් 239 දෙනෙකු සමගිනි. 


එම යානයට ඇමෙරිකාවේ හෝ තායි ප්‍රහාරයක් එල්ලවූ බවට නයිජල් කෝතෝන් විසින් රචනා කල Flight MH370: The Mystery නමැති ග්‍රන්ථයේ සඳහන් වන අතර එය සත්‍යයක් වියහැකි බවට මෙම සිදුවීමත් සමග ලොව පුරා කතාබහක් ඇතිවී ඇත.

අනතුරට ලක්වීමට ප්‍රථම ගුවන් යානයේ ඇතුලත දර්ශන
අනතුරට පත් වූ MH17 ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළින් පිටත්ව යාමට ආසන්නයේ එතුළ සිටි මගියෙකු ලබාගත් වීඩියෝ දර්ශනයක් ඉන්ස්ටග්රෑම් වෙබ් අඩවියට මුදාහැර තිබේ.