Saturday, July 19, 2014

සමහර වෙබ් අඩවි මේවනවිටත් මගේ රහස දන්නවා

"සමහර වෙබ් අඩවි මේවනවිටත් මගේ රහස දන්නවා" 

Facebook වෙබ් අඩවිය ඔස්සේ පැමිණි phishing පණිවිඩයක් වරදවා වටහාගැනීම හේතුවෙන් උපේක්ෂා ස්වර්ණමාලි අපහසුතාවයට පත්වූ පුවත අප මෙයට පෙර හෙළිකරනු ලැබුවා. 

Facebook policies කඩකර ඇති හෙයින් උපේක්ෂාගේ ෆේස්බුක් ගිණුම පැය 24 ක් තුල ඉවත්කරන බවත් එය වැලක්වීමට ඔවුන් ලබාදී ඇති සබැඳිය ඔස්සේ ෆේස්බුක් වෙත එන ලෙස උපේක්ෂා වෙත පණිවිඩයක් ලැබී තිබුන අතර ඇය එම පණිවිඩය වටහාගෙන තිබුනේ ඇගේ සතුරන් විසින් ඇයගේ ගිණුමට සිදුකරනු ලැබූ ක්‍රියාවක් ලෙසිනි. 

මේ සම්බන්ධව අපගේ පුවතින් පසු පුවත්පතකට ඇය පවසා තිබුනේ මෙවැන්නකි.

උපේක්ෂා මොකක්ද මේ සිදුවූ සිදුවීම
පසුගියදාක මට ඊ මේල් එකක් ආවා. මගේ facebook ගිණුම වසන්නට යන බව තමයි එහි සඳහන් වුණේ. ඒ නිසා මගේ සියලු විස්තර දන්වන ලෙස එහි සඳහන් වී තිබුණා.


එහෙම දෙයක් සිදුවන්නට හේතුව?
සාමාන්‍යයෙන් facebook හරහා කෙනෙකුට හෝ පිරිසකට හානිදායක ආකාරයේ කටයුතු කරනවා නම් ඒ ගැන පැමිණිලි ලැබුණොත් මේ විදියට එම ගිණුම CANCEL කිරීමක් වනවා ඒත් මගේ ගිණුම හරහා කිසිම වැරදි දෙයක් සමාජයට මුදා හැරලා නැහැ. ඒ නිසා මගේ facebook ගිණුම අවලංගු කරන්න හේතුවක් නැහැ.


එහෙම නම් මෙවැනි දැනුම් දීමක් සිදු කෙරුණේ ?

ඒ ගැන මා facebook ආයතනයෙන් විමසුවා. එතැනින් මට එවැනි ඊමේල් එකක් එවලා නැති බව දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම සොයා බලද්දි දැනගත්තා මෙය කවුරුන් හෝ කෙනෙකු විසින් කළ දෙයක් බව.


එවැන්නක් කරන්නට හේතුව?
මගේ facebook ගිණුම නවතා දමන බවත් පැය 24 ක් තුළ මගේ තොරතුරු එවන ලෙසත් එම ඊ මේල් එකේ තිබුණානේ. මගේ ඒ තොරතුරු ලබාගන්න තමයි ඒ විදියට ඊ මේල් එකක් එවලා තියෙන්නේ. මගෙ තොරතුරු අතර මගෙ කේ‍රඩිට්කාඩ්වල තොරතුරු පවා අහලා තිබුණා. ඒ තොරතුරු දැනගන්න තමයි මේ දේ කරල තියෙන්නේ.


ඔබ මේ වෙනුවෙන් මොනවද කළේ..?
අදාළ නීතිමය කටයුතු කෙරේවි. මට ඒ ගැන සොයා බලන්න වෙලාවක් නැහැ. නමුත් මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කිරීම යුතුකම. මොකද ඔය වගේ ඊ මේල් තවත් අයට ලැබිල තියෙන බව මට දැන ගන්න ලැබුණා. 


එම ඊ මේල් එක විශ්වාස කරලා තමන්ගෙ පෞද්ගලික තොරතුරු විශේෂයෙන් තමන්ගෙ කේ‍රඩිට්කාඩ් වැනි දේවල් ගැන තොරතුරු දන්වා යවන අයත් ඇති. මම මේ වේලාවේ හැමෝටම කියන්නේ ඔවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම තමන්ගෙ තොරතුරු තමන්ගෙ facebook එකට දානකොටත් ටිකක් සැලකිලිමත් වන්න කියල මම කියනවා. 

මම විදෙස් සංචාරවල යද්දීත් මම ඒ ගැන facebookඑකට දාන්නේ සංචාරයට ගිහින් ඇවිත්. අන්තර්ජාලය කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. නමුත් මේ වගේ පුද්ගලයින් හින්දා අපිට සැලකිලිමත්වයි එය පරිහරණය කරන්න වෙන්නේ.මම විවේකීව ඉන්න වේලාවට අන්තර්ජාලයේ සැරිසරල “උපේක්ෂා ස්වර්ණමාලි” ගේ facebook ගිණුම් පරීක්ෂා කරලා තියෙනවා. දැනට මට ඒ විදෙස් ගිණුම් 57 ක් විතර තිබෙන බව දැනගන්න ලැබිල තියෙනවා.

මේ කටයුතු අතර විවාහයත් ළඟ ළඟම එනවා නේද?
(හිනැහී) ලබන වසර මුලදි විතර.


ඇයි ඉතින් තවම ප්‍රේමවන්තයාගේ තොරතුරු හෙළි කරන්නේ නැත්තේ...?
අවසාන මොහොත වෙනතුරු ඔහුගේ තොරතුරු රහසක් විදියට රැකගන්න අහිංසක ප්‍රයත්නයක් දරනවා. ඒත් සමහර වබේ අඩවිවලට ඒ රහස මේ වෙද්දිත් හෙළි වෙලා. ඒ වුණත් කමක් නැහැ. ඉදිරියේදී ඒ තොරතුරු හෙළි කරන්නන්. දැනට මම නිහඬවනවා.


විවාහය ලබන වසර මුලදි සිදුකරනවා නම් මේ වෙද්දිත් ඒ සඳහා සූදානම්වනවා ඇති...
කිසිම සූදානමක් නැහැ. මොකද ලොකුවට උත්සවයක් ගන්න අදහසක් මට නැහැ.


ඇයි ඒ...?
දික්කසාදය කියන්නේ හරිම නීරස අත් දැකීමක්. ඒත් මම ඒ අත්දැකීම වින්දා. ඒක රටම දන්න පුවතක්. ඉතින් මගෙ දෙවැනි විවාහය ‍පෝරුවේ චාරිත්‍ර කරලා මහා ලොකු උත්සවයක් සමරලා පවත්වන්න මම කැමති නැහැ. මේක ඉතාම චාම් විවාහයක් වේවි.