Friday, July 18, 2014

ඩයලොග් ආයතනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

ඩයලොග් දුරකථන සමාගම විසින් තම පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් එවන ප්‍රවර්ධන කෙටි පණිවිඩ හා ස්වයංක්‍රීය දුරකථන ඇමතුම් වලට විරෝධය පලකොට අන්තර්ජාල පෙත්සමක් change.org හරහා ඉදිරිපත් කොට තිබේ. 

මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා යොමුකරන කෙටි පණිවුඩ ඩයලොග් ආයතනය වෙත දැනුම් දීමෙන් අනතුරුව නවතාලිය හැකිවුවත් නැවතත් ටික කලකින් ඔවුන් එම සේවාව ආරම්භ කරන හෙයින් මෙම පෙත්සම ආරම්භ කොට ඇත. 

එම පෙත්සම මගින් පෙන්වාදී ඇත්තේ ග්‍රාහකයින් 1000000 කට තත්පර 15 ක වෙළඳ දැන්වීමක් යැවුවහොත් උපකල්පනය කරහොත්සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යන බවයි. 

මෙම ගැටළුව සිදුවන්නේ ඩයලොග් ආයතනයෙන් පමණක් නොවන අතර මොබිටෙල්, එයාර් ටෙල්, පීසා හට්, ෆැෂන් බග් හා තවත් බොහෝ ආයතන වලින්ද මෙවන් කෙටි පණිවුඩ ලැබේ. 

යම් කිසි ආයතනයකට ඔබ දුරකථනය අංකය ලබා දීමෙන් අනතුරුව ඔවුන් විසින් එම අංක ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සිදුකරනු අතර එසේ දුරකථන අංකය ලබා දෙන්නේ නොමැතිව ඔබගේ දුරකථන අංකය වෙත ප්‍රවර්ධන පණිවිඩ එවන්නේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිවේ. 

එම පෙත්සම බලන්න මෙතනින්