Friday, July 18, 2014

වෙඩි තබා බිම හෙළු ගුවන් යානයේ නවතම තතු

ගුවන් යානා නාශක අවි යොදාගනිමින් බිම හෙලන ලද මැලේසියානු ගුවන් යානය පිලිබඳ මේවනවිට ලොව පුරා ආන්දෝලනයක් ඇතිවී තිබේ. ගුවන් අනතුරකටත් වඩා වෙඩි තබා ගුවන් යානය විනාශ කිරීම බොහෝ අයගේ දුකටත් වේදනාවටත් හේතුව වී ඇත. ගුවන් යානය වෙඩි තබා බිම හෙලීමේ වගකීම රුසියාව විසින් යුක්රේනයටත්, යුක්රේනය විසින් රුසියාවටත් පවරමින් සිටී.

රුසියානු යුක්රේන ගැටුමේ සුලමුල

යුක්රේන හමුදා හෙලිකොප්ටර් යානාවක් රුසියානු හිතවාදී කැරලිකරුවන් වෙඩි තබා බිම හෙළීමත් සමග දෙපාර්ශ්වය අතර ඇති කරගත් යුද විරාමය පසුගිය මාසයේ දෙදරා දෙදරාගොස් ඇත.


ජුනි මස 22 වනදා යුක්රේන රජයත්, කැරලිකරුවන් සමග සටන් විරාමයට අත්සන් තබා පැය කිහිපයක් ගතවීමත් සමග මෙලෙස කැරලිකරුවන් හෙලිකොප්ටර් යානයට වෙඩි තබා ඇත.නවීන ගිනිඅවිවලින් සන්නද්ධ කැරලිකරුවන් එරට නැගෙනහිරට ආසන්න ප්‍රදේශවල පිහිටි රජයේ ගොඩනැගිලි ඇතුළු යුදමය වශයෙන් වැඩි වටිනාකමකින් යුත් ස්ථානවල පාලනය සියතට ගෙන ඇත.

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් බලය යළිත් යුක්රේන රජය වෙතට ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් බවත්, යුක්රේන ජනපති පෙටේ‍රා ‍පොරොශෙන්කො කැරලිකරුවන්ගෙන් පාලනය බලය යළි ලබා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් යුක්රේන හිතවාදී ජනයා කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ඉතා තදින් ප්‍රති ප්‍රහාර එල්ල කරන ලෙසට යුක්රේන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරයි. මෙම ජනතා ඉල්ලීමට යුක්රේන රජය කන්දීමට මැළිකමක් දක්වන්නේ කැරලිකරුවන්ට රුසියානු ආරක්ෂක අංශ සහාය ලබාදීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යම් ආකාරයකින් කැරලිකරුවන් හට ප්‍රබල ප්‍රහාරයක් යුක්රේනය විසින් කළහොත් එයට රුසියානු රජය දක්වන ප්‍රතිචාරය යහපත් නොවන්නට ඉඩ ඇතැයි විශ්‍ලේෂකයන් මත පළ කරයි.

කෙසේ වෙතත් කැරලිකරුවන් අමානුෂීය ලෙස කටයුතු කිරීම හේතුවෙන් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිවිල් වැසියන් 420 දෙනකුට අධික පිරිසක් මරණයට පත්ව ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මේරි හාෆ් පවසා ඇත්තේ යුක්රේන අර්බුදය අඩි දෙකක් ඉදිරියට තබා එක් අඩියක් පසුපසට තබා ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රකාශකවරිය කියා සිටියේ මෙම පියවර ආරම්භයක් ලෙස සලකමින් තිරසාර විසඳුමක් ඉක්මනින් බලා‍පොරොත්තු වන බවයි.මේ අතර රුසියානු අගමැති ව්ලැඩ්මීර් පුටින් කියා සිටියේ යුක්රේන බලධාරීන් කැරලිකරුවන් සමග සෘජුව සාකච්ඡා කර තිරසාර විසඳුමකට එළැඹිය යුතු බවයි

ගුවන් අනතුරින් පසු පූටින්ගේ නිවේදනය

ගුවන් අනතුරින් පසු වහා නිවේදනයක් නිකුත් කල රුසියානු ජනපති ව්ලැඩිමියර් ව්ලැඩීමිරොවිච් පූටින් කියා සිටින්නේ ප්‍රහාරයට වගකිව යුත්තේ යුක්රේන රජය බවත් එය රුසියාවේ හෝ රුසියානු කැරලිකරුවන්ගේ වැඩක් නොවන බවය. මෙවන් සිදුවීම් මෙම දේශයේ සාමය තිබුනානම් ඇති නොවීමට ඉඩ තිබුණු බවද ඔහු විසින් ඔහුගේ ප්‍රකාශයේ දක්වා ඇත.

ගුවන් යානය බිම හෙලීමට යොදාගත් තාක්ෂණය

MH17 zගුවන් යානය බෝයින්ග් ගුවන් යානා සමාගමේ Boeing 777-200 වර්ගයේ ගුවන් යානයකි. එය අනතුරට පත්ව ඇත්තේ අඩි 33,000 ක් ඉහල අහසේදීය. යානයේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් බෝයින් සමාගම විසින් දැනටමත් ආරම්භ කොට ඇත. ගුවන් යානය බිම හෙලා තිබුනේ BUK නම් මිසයිල පද්ධතියක් මගිනි.

මෙම මිසයිල පද්ධතියට එකවර මිසයිල හතරක් දැමිය හැකි අතර එක් මිසයිලයක් අඩි 18 ක් දිග වන අතර බර කිලෝ 70 කි. මතුපිට සොයාගොස් විනාශකරන ආකාරයේ (sophisticated surface-to-air missile ) මිසයිල වන මේවා හට අඩි 72,000 ක් පමණ ඉහල අහසට ගොස් ගුවන් යානා විනාශ කල හැක.

BUK මිසයිලයක් එල්ලකිරීමට සූදානම් වන ජායාරූපයක් පහතින්.



යානයේ ගමන්ගත් මගීන්

අනතුරට ලක්වනවිට ගුවන් යානයේ මගීන් 295 ක් ගමන් කල අතර ඒ අතර නෙදර්ලන්ත ජාතිකයන් 154 දෙනෙකුත්, ඕස්ට්‍රේලියානු ජාතිකයන් 27 දෙනෙකුත්, මැලේසියානු ජාතිකයන් 23 දෙනෙකුත්, ඉන්දුනිස්යන් ජාතිකයන් 11 දෙනෙකුත්, බ්‍රිතාන්‍යය ජාතිකයන් 6 දෙනෙකුත්, ජර්මන් ජාතිකයන් 4 දෙනෙකුත්, බෙල්ජියම් ජාතිකයන් 4 දෙනෙකු, පිලිපීන ජාතිකයින් තිදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකුද ගමන්කොට තිබේ.

ඉතිරි 41 දෙනා කුමන ජාතිකයන්ද යන්න තවමත් හඳුනා නොගෙන අතර ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයන් ගමන් ගත්තේද යන්න පිළිබඳවද ලංකා විසින් පරීක්ෂණයක් ආරම්භකොට තිබේ.

රුසියානු කැරලිකරුවන්ගේ දුරකථන සංවාදයක් එලියට

රුසියානු ජනපතිවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන යුක්රේන පෙටේ‍රා ‍පොරොශෙන්කො පවසා සිටින්නේ මෙම අනතුර සම්බන්ධව වහා අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙසය. යුක්රේන පුවත්පතක් විසින් රුසියානු කැරලිකරුවන්ගේ බුද්ධි අංශය මගින් හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

මේජර් : මැලේසියන් ගුවන් යානයක් බිම හෙලනු ලැබුවා...මේක අනිවාර්යයෙන් මගීන් ගමන් ගත ගුවන් යානයක්...ගොඩක් මිනිස්සු මේකේ ගිහින් තියෙනවා...

ග්‍රීක් : මොන ජාතියේ ගුවන් යානයක්ද?

මේජර් : මට තවම කියන්න බැහැ..මම තවම අනතුර සිදුවූ ස්ථානයට ගියේ නැහැ.. මම ඔබට කිව්වේ අනතුරින් පස්සේ ඇද වැටුණු සිරුරු අතින් නිරීක්ෂණය කරලයි...


ග්‍රීක් : ඔතන ප්‍රහාර එල්ලවූ මිසයිලයේ කොටස් තියෙනවද.

මේජර් : ඇත්තටම නෑ..මල සිරුරු විතරයි..ඖෂධ වර්ග, තුවා,,ටොයිලට් පේපර්..

ග්‍රීක් : මුකුත් ලියවිලි තියෙනවද?

මේජර් : ඔව් ඉන්දුනිසියාවේ විශ්ව විද්‍යාල සිදුවෙකුගේ ලියල්විලි තියෙනවා.

ඇත්තක් වූ විහිළුව

cor pon නමැති ගුවන් මගියෙකු ගුවන් යානයේ පිටත් වීමට පෙර ගුවන් යානය පිටත් වෙමට පෙර ගුවන් යානයේ ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොට පවසා තිබුනේ :ගුවන් යානය හදිසියේ හරි අතුරුදන් වුවත් ඒක මෙන්න මේ විදියයි.." ඔහු ඉන් අදහස් කොට තිබුනේ මෙයට කලකට පෙර නැතිවූ MH370 ගුවන් යානය පිලිබඳවය. එහිදී ඔහුට විහිලු කල යහළුවන් ආරක්ෂාකාරී ගුවන් ගමනක් සඳහා සුබ පතා ඇත.




රුසියාවට සම්බාධක

මෙම ගුවන් යානා අනතුර , අනතුරක් නොවන බවත් එය අහසේදී පුපුරා හරින බවත් පවසන ඇමෙරිකාව, රුසියානු කැරලිකරුවන්ට අනුබල දෙන රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරනයකොට ඇතැයි වාර්තා වේ.

ගුවන් යානය බිම හෙලීමෙන් පසු ට්විටර් පණිවිඩය

දුරකථන සංවාදයේදී ඇති එක් කටහඬක් ලෙස සැක කෙරෙන Igor Strelkov කොමාන්ඩෝ වරයා ට්විටර් ඔස්සේ ගුවන් යානය බිම හෙලීමෙන් පසු "අපි ඔබට අනතුරු ඇගෙව්වා...අපේ අහසේ පියාසර කරන්න එපා කියලා.." යනුවෙන් පලකොට ඇති අතර පසුව ජාත්‍යන්තරයේ ඇතිවූ කැලඹීමත් සමග එය ඉවත්කොටගෙන ඇත.

ගුවන් යානයේ ගමන් මග පිලිබඳ සැකයක්

මෙවැනි අනතුරු දායක "ගුවන් යානා රහිත කලාපයක්" ආසන්නයේ ගමන් කල ගුවන් යානයේ නියමුවන් ලැබුණු අනතුරු පණිවුඩ මගහැර ඇති බව එරට බලධාරීන් විශ්වාස කර සිටී. ගුවන් යානා තහනම් කලාපයට මදක් ඇතින් ගමන්කරන විට ගුවන් යානයට වෙඩි තබා බිම හෙලා තිබුණි.

මේ සම්බන්ධව ගුවන් යානා නියමු විශේෂඥයන් පවසන්නේ ගුවන් යානයේ නියමුවන් අනතුරු ඇඟවීම් නොසලකා ගමන කෙටි කරගැනීම උදෙසා "ගුණ යානා රහිත කලාපය ආසානනයෙන්ම ගමන්කොට ඇති බවයි..

ගුවන් යානා අනතුරෙන් පසු ජායාරූප එකතුවක් පහතින් බලන්න.