මීට වසර දෙකකට පෙර ඇන්ටෝනියෝට මල්ලිකාව මුණගැසුණේ ඇමෙරිකාවේ එක්තරා
හෝටලයක පැවැත්වුණු සුපිරි සාදයකදී. එහිදී මල්ලිකාගේ රුව දැකීමෙන් මෝහනයට
පත්වූ ඇන්ටෝනියෝ තමන් සමඟ ආලිංගන නැටුමකට එක්වන ලෙස ඇයට ඇරයුම් කළා. ඒ ඇරයුම
නොපැකිළව පිළිගත් ඇය, ඔහු සමඟ අනුරාගය වෑහෙන රැඟුමක් ඉදිරිපත් කළේ අවට සිටි
අය විස්මයට පත් කරවමින්. මේ රංගනය වීඩියෝ ගත කෙරුණු බව මේ කිසිවකු දැන සිටියේ
නැහැ. කාටත් හොරෙන් මේ රංගනය වීඩියෝ ගත කළේ මල්ලිකාගේ වේෂ නිරූපණ ශිල්පියකු වන
අයිවන් බිටන්. 2012 මැයි 25 දා ඇන්ටෝනියෝ සහ මල්ලිකා නැටූ මේ නැටුම වීඩියෝ ගතවී
වසර දෙකක්ම සැඟවී තිබුණා.
මෙය, එක්තරා වෙබ් අඩවියකින් එළියට ආවේ මෑතකදී මේ අතර තුර කාලයේ දී ඇන්ටෝනියෝ
සහ මල්ලිකා ඉතා සමීපව ඇසුරු කර තිබෙනවා. මේ බව ඇන්ටෝනියෝ ගේ බිරිය කිසිවක් දැන
සිටියේ නැහැ. ඒත් මල්ලිකා, ඇන්ටෝනියෝ සමඟ රටවල් කිහිපයක සංචාරය කරලා. ඒ
විතරක් නොවෙයි, මේ සංචාරවලදී මල්ලිකා, ඇන්ටෝනියෝගේ පවුලේ ඥාතීන්ව ද හමුවී
තිබෙන බවයි පැවසෙන්නේ.මේ කාරණා කටයුතු ඇන්ටෝනියෝගේ බිරියට දැනගන්නට ලැබී ඇත්තේ මෑතකදී. ඒ ගැන බෙහෙවින් කම්පාවට පත්වූ ඇය පසුගිය ජූනි 6 දා තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඇන්ටෝනියෝගෙන් වෙන්වීමටයි. මේ ගැන ඇන්ටෝනියෝ මල්ලිකාටවත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත්, බොලිවුඩයේ ගිනිසිළුවක් වූ මල්ලිකා ෂෙරවට් මේ වන විට පවුල් ගිනි තබන ගිනි දැල්ලක් වී ඇති බවයි සමහරු පවසන්නේ.
















































