Tuesday, July 15, 2014

උදයන්තිගේ ක්ෂණික දේ...


සිනහවෙන් පිරි සෝබමාන රුවක්‌ වුවද උදයන්ති කුලතුංග ටිකක්‌ කේන්ති යන කෙනෙක්‌ කියලා අපට දැනගන්න ලැබුණා. "රතු කට්‌ට පැනපු තැන" සඳහා අපි අද කතා කළේ ඇයට...
පොඩි කාලේ ඉඳලාම උදයන්ති ප්‍රසිද්ධ කේන්තිකාරියක්‌ කියලා කතාවක්‌ තියෙනවා...

ටිකක්‌ මට කේන්ති යනවා... හැබැයි ඒ ක්‍ෂණික කේන්තිය තමයි. ඉස්‌කෝලේ යන කාලේදී නම් ටිකක්‌ කේන්ති යනවා අඩුයි. චූටිම කාලේ ගෙදර අයත් එක්‌කත් කේන්ති යනවලු...

ඒ කියන්නේ එදා ඉඳලම උදයන්ති කුකුල් කේන්තිකාරියක්‌...?

ටිකක්‌ වැඩිපුර කේන්ති යන්න පටන් ගත්තේ මේ මෑතක ඉඳන් ෂූටිං යන්න පටන් ගත්තට පස්‌සේ තමයි. ෂූටිං කරන තැන ලොකු පිරිසක්‌ ඉන්නවනේ, සෙනඟ මැද්දේ මොකක්‌ හරි වුණොත් ටක්‌ ගාලා කේන්ති යනවා. ඒ වෙලාවට බනිනවා... බැනලා විනාඩි දෙකෙන් ආයිත් හොඳයි.

කේන්ති ගියොත් ඒක පිට කරන එක හොඳයි නේ. ඒ කේන්ති ගන්නෙත් සාධාරණ කාරණයකට තමයි. එතකොට කවුරුහරි හැදෙනවා නේ...

ළඟදි එහෙම කේන්ති ගියේ කොහේදිද...

මේ ළඟදි "සොඳුරු සිතැත්ති" කියන නාට්‍යයේ ෂූටිං කරනකොට එහෙම දෙයක්‌ වුණා. ඒ ලොකේෂන් එකේ කරන්ට්‌ එකත් නැහැ. තව සීන් දෙකයි තිබුණේ. ඒ දෙක කරාම ඒ ලොකේෂන් එක ඉවරයි. මම වෙලාව බලාගෙන හිටියා. ෂූටිං ඉවර වුණේ නැහැ. මම කිව්වා "මට බැහැ" කියලා. එතකොට ඩිරෙක්‌ටරුත් ගියා. කැමරාමනුත් ගියා. ඒගොල්ලෝ මට තරහ යනවා කියල දැනගෙන හිටියේ නැහැ. ඊට පස්‌සේ මම කූල්වෙලා ආයෙත් ෂූටිං කරන්න ගියා. මම ඉතිං තරහ ගියාට පස්‌සේ හිටියටත් වඩා µsට්‌ නිසා කවුරුත් ඒක ගණන් ගත්තේ නැහැ.

උදයන්තිගෙ කේන්ති යැමට වැඩියෙන්ම ලක්‌වෙලා තියෙන්නේ කවුද...

අම්මා තමයි... මම ඉතිං අම්මත් එක්‌ක නේ ඉන්නේ.... අම්මා එක්‌ක තමයි කේන්ති ගන්නේ... අම්මා මට පොඩි දේටත් බනිනවා. එතකොට කේන්ති යනවා. යාළුකමත් එහෙමමයි.

ඔය අතරවාරයේදී රතු කට්‌ට පැනලා කේන්ති අරගෙන එහෙම නැද්ද...

එහෙම කේන්ති යන්නෙත් නැහැ. මගේ මූණ නපුරු වේගෙන එනකොට මාව ආශ්‍රය කරන අය දන්නවා. මේ ළඟදි එක දෙයක්‌ වුණා, මගේ හොඳම යාළුවෙක්‌ තමයි ශානි. ශානියි මමයි දවසක්‌ අපි අඳුනන පිරිමි ළමයෙක්‌ව මගේ කාර් එකේ දාගෙන ආවා. එයා නැග්ග වෙලාවේ ඉඳන් කියවනවා. ඉවරයක්‌ නැහැ... මට ඒ වෙලාවේ කේන්ති ගියා. වාහනේ පාරෙන් නතර කරලා ඔයා අපේ යාළුවෙක්‌ නිසයි දාගෙන ආවේ... ඔයත් එක්‌ක යන්න බැහැනේ. කරුණාකරලා බහින්න" කියලා පාරෙන් බස්‌සලා ආවා. ශානිට හිතුනලු තව ඩිංගෙන් ඉවරයි තමයි කියලා. ඒත් ඒ යාළුවා තරහ වුණේ නැහැ.

සමහර වෙලාවට කට කතා හැදෙනවා. වෙබ් සයිට්‌වල එක එක කතා යනවා. එතකොට කේන්ති යනවා ඇති නේද...?

කේන්ති යන්නේ නැහැ. එතකොට මට හොඳටම දුක හිතෙනවා. මම ඒ වෙලාවට කරන්නේ ගෙදරට වෙලා අඬන එක. කේන්තිය, දුකට පෙරළෙනවා. සමහර වෙලාවට ඒවා දාපු අය කතා කරලත් තියෙනවා. ඒත් කේන්ති අරගන්නේ නැහැ...