Saturday, July 19, 2014

ඔව් මම දික්කසාද වුණා -පියුමි බොතේජු



ඉතින් කොහොමද පියුමි?
හොඳින් ඉන්නවා.
මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.
පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?
සාමාන්‍ය විදියට ගවෛනවා.
පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?
මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.
ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.
නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?
අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.
නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.
ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.
අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?
හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක.
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?

මම නැවතත් විවාහ වනවා.
ඒ කවදාද? සුදුසු කෙනකු හමුවී තියෙනවද කියල දැනගන්න රසික හිතවතුන් කැමති වේවි?
ඒ ගැන වැඩි විස්තර  ඉදිරියේදී කියන්නම්.
පියුමිගෙ නිළි ජීවිතයට දැන් කොයිතරම් කාලයක් වෙනවාද?
අවුරුදු 12යි.
රංගනයට එන බොහෝ අය  ඉන්පසුව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වැනි අංශවලට යොමුවනවා?
අධ්‍යක්ෂණය බැරෑරුම් කාර්යයක්. නිෂ්පාදනයත් ඒ වගේමයි. මං හිතන්නේ මට ඒ වගේ අංශවලට අත ගහන්න බැහැ කියලා. මට හුරු රඟන එක. ඒ හින්දා එතැනින් එහා අංශවලට එකතු වීමේ අදහසක් නම් නැහැ.
කලා ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තද?
ඕනෑම තැනක විවිධාකාර ගති ගුණ තියෙන අය ඉන්නවා. කලා ලෝකයේත් එවැනි අය ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි ඔය විදියේ ප්‍රශ්න ඇති වන්නේ.
පියුමිට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවාද?
ඔව්. එකම එක්කෙනෙක් හින්දා ඒ වගේ දේවල් වෙලා තියෙනවා.
එයා නිළියක්ද නළුවෙක්ද? නැතිනම් කලාවේ වෙනත් අංශයක රැඳුණ කෙනෙක්ද?


නිළියක් කියල තමයි හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තම කියනවානම් නිළියක් කියන්න බැහැ. මොකද ප්‍රවීණ නිළියකගෙ ගෙදරක වැඩකාරකමට ඉඳල ඒ නිළියන්ගේ තනියට රූගත කිරීම්වලට ඇවිත් ඒ හරහා නිළිකමට පැමිණි කෙනෙක්.
මොකද ඇය සහ ඔබ අතර ගැටුමට හේතුව?
ඇය මට විතරක් නමෛයි බොහෝ නිළියන්ට කුහකකම් කරන කට කතා පතුරන කෙනෙක්. ඒක ඇගේ ස්වභාවය.
ප්‍රශ්නයක් තියෙනව නම් කතාබහ කරල විසඳගන්න පුළුවන්නේ?
ඇය ඒ විදියට ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නමෛයි. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි උන්ගෙ කකුල හපන්න යන්නෙ නැහැනේ. එහෙම හිතලා  මම නිහඬව ඉන්නවා. කතා කරන්නවත් යන්නෙ නැහැ. අනික ඇගේ සැමියායි මගෙ අම්මයි පාස‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තු දෙන්නෙක්. ඒ වැඩිහිටි කම හිතල මම ගැටුම් ඇතිකරගන්න යන්නෙ නැහැ. ඇය මිනිසුන්ට ඔය විදියට නගන චෝදනා අපහාසවලට ඇයට දවසක ස්වභාවධර්මය විසින්ම දඬුවම් දේවි.


courtesy to www.lakbima.lk.