Sunday, January 4, 2015

හෙට අන්තිම දවසේ මෛත්‍රීට එන පාර්ලිමේන්තුවේ තුන්වෙනි ලොක්කා කවුද?

මෙවර ජනාධිපතිවරණය සඳහා දේශපාලන රැස්වීම් පවත්වන්නට හැකි අවසන් දිනය හෙට(5) කිසි කෙනෙක් නොසිතූ රජයට සම්බන්ධ ප්‍රබලයෙකු ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ පිලට එක්වන බවට මෑතකදී මෛත්‍රීපාල වෙත එක්වූ හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායක ඊයේ ඉ`ගියක් කළා.
ඔහු හැඳින්වූයේ එම තැනැත්තා
පාර්ලිමේන්තුවේ තුන්වෙනි ලොක්කා ලෙසිනි.
මෛත්‍රිපාල සිරිසේනගේ අවසන් රැළි හෙට නිවිතිගල,කොලොන්න, දෙවිනුවර,ගාල්ල,කළුතර,

මොරටුව හා මරදානේ පවත්වන්නට නියමිත වන අතර මෙම තැනැත්තා අවසන් රැළියට එක්වන බවට ඔහු කියා සිටිනවා.

මෙම අවසන් රැළි සඳහා එක්වන තවත් රජයේ දේශපාලන බලවතුන් 5 දෙනෙකු ගැන ආරංචි පවතින අතර මහනුවර ගම්පහ සහ කළුතර නියෝජනය කරන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු මේ අතර සිටින බව දේශපාලන ආරංචි හෙළි කළා.

හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ
මෙම පාර්ලිමේන්තුවේ තුන්වෙනි ලොක්කා මේ දවස්වල බලයට යටත් නිසා කොයිතරම් ජනපතිතුමාට ප්‍රශස්ති ගය ගයා හිටියත් අවස්ථාව ආ නිසා මෛත්‍රිපාල සිරිසේනගේ පිලට හෙට එක්වන බවයි.
ඔහු කවුරුන්ද යන්න ගැන නම සඳහන් කර නැත.