තමන් වහන්සේ විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ්
හකීම් මහතා දේශපාලන ගණිකාවක් යැයි සඳහන් කිරීම නිසා ගණිකාවන්ට යම්
අසාධාරණයක් සිදුව ඇත්නම්, ඒ පිළිබඳව සියලු ගණිකාවන් වෙත කනගාටුව පළකර සිටින
බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලෙබාඩඅත්තේ ඥානසාර හිමියන්
පවසති.
රවුෆ් හකීම් මහතා 'දේශපාලන පරයෙක් ' බවද උන්වහන්සේ කියා සිටිති.ඥානසාර හිමියන් මේ බව සඳහන් කලේ පසුගිය (29) පැවැති මාධ්‍ය හමුවකදී 'හකීම් දේශපාලන ගණිකාවක්' බවට තමන් වහන්සේ කල ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමිනි.
මෛත්‍රිපාල සිරිසේන මහතා රවුෆ් හකීම් සමග හා චන්ද්‍රිකා මැතිණිය සමග ගැසූ ගිවිසුම් කුමක්දැයි හෙළි කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.
එල්.ටී.ටී.ඊය 2002 මුස්ලිම් ජනතාව ඝාතනය කරද්දී හකීම් ප්‍රභාකරන්ලා එක්ක සාම ගිවිසුම් ගැසූ බවත්, රටට සාමය ගෙන එන ගමනේදී මුස්ලිම් කොංග්‍රසයේ කිසිවෙකුත් ජීවිත පූජා නොකළ බවත් ඥානසාර හිමියන් සඳහන් කළේය.
එසේම රවුෆ් හකිම් දෙමළ සන්ධානය සමග එකතු වී සිංහලයින්ට එරෙහිව ජාත්‍යන්තරයට ගතු කියන බවද උන්වහන්සේ පැවසුහ.
















































