Saturday, January 3, 2015

මහ රෑ පාපැදියේ ගිය පිරිමියෙකුට බරපතල ලිංගික අතවරයක් කරලා


වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

පසුගිය 01 වැනිදා රාත්‍රීයේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම අතවරය සිදුවී ඇති අතර අතවරයට ලක්ව ඇති පුද්ගලයා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


සිද්ධිය වූ දින රාත්‍රීයේ තමන් සාදයකට සහභාගි වී  පා පැදියෙන් නිවස බලා යමින් සිටින විට පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් අතර මග රැදී සිටින විට පැමිණි සැකකරු තමා සතුව ඖෂධයක් ඇති බව පවසා තමන්ට අතවර කළ බව රෝහල් ගත කර සිටින අය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.