Saturday, January 3, 2015

සජිත් පුතා unp දමලා යයි ද?


බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අගමැති සිහිනය පිළිබඳ මෙසේ පැවසීය.
" එස්.එම්.එස්. ,ෆේස් බුක් , ට්විටර් , අන්තර්ජාලය හරහා රට පුරාවටම මේ සිද්ධිය ගිහින් තියෙනවා. මැතිවරණප්‍රචාරක වැඩකටයුතුවල දැන් අලුත්ම තුරුම්පුව මේක.ඒ තමයි සජිත් ප්‍රේමදාස අගමැතිකම ගන්න ආණ්ඩුවට එක් වෙනවයි කියන කතාව. මේක තමයි මේ සියවසේලොකුම විහිලුව. ඒ නින්දිත ප්‍රචාරයට මම එකක් කියන්න කැමතියි.රට පරිහානියට ලක්කරන මේ වර්තමාන රජෙයේ කප්පිත්තන්ට මොහොතකට හිතෙනවද පක්ෂයවෙනුවෙන් දිවිපිදූ තාත්තගේ ආත්මය පාවාදීලා මේ සජිත් පුතා යූ.ඇන්.පිය දමලා යයිකියලා." යැයි ඔහු පැවැසීය.