Friday, January 2, 2015

ඕස්ට්‍රේලියා පිටිය මැදදී විරාත් කෝලිව කසාද බන්දවයි


කල් යල් මැනලා හතරක් ගැහුවම, ඉස්සරහට පැනලා හයක් ගැහුවම, 50ක් 100ක් ගැහුවම, වැඩ දාල දාන බෝලෙට wicket  එකක් ගියාම ඇඟට එන කික් එකට කවුරු වුනත් පොඩි ඇඩ් එකක් දානවා. ඒ කෙනා අපේ වුනත් නොවුනත් ඇඩ් එක පට්ටයි නම්, ගමේ ගොඩේ  cricket වලදී අපිත් ඒ ඇඩ්  එකම දානවා. සමහරු නම් ඉතින් ගොඩක්ම ආස ඇඩ් එක ආයි ආයි බලන්නයි.

ඒ වගේම cricket වලට  ආස අය නම් සංගලාට මායියලාට වගේම මයිකල් ක්ලාක්ලට මැකලම්ලටත් ආදරෙයි. ඔය කොහොම වුනත් වැඩේ කියන්නේ මතක කාලෙක ඉඳලා අල්ලපු රටේ විරාත් කෝලි කියන්නේ අපේ අයට නයාට අඳු කොළ වගේනේ. ඒ බැඳීමේ තරම FB එකේ පදිංචි අයට නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එකට හේතුව කෝලිගේ ඇඩ් එක වැඩි එකද දකින දකින අය එක්ක කොකු දාගන්න එකද නැත්නම් ඔය දෙකමද කියල අපි නම් දන්නේ නැහැ ඔන්න.


මේ තියෙන්නේ කෝලි ගැන hot  news එකක්. පොඩ්ඩක් cool වෙලා කියවන්න හොඳේ, මේ වහ කදුරු නෙවෙයිනේ .  කතා ගොඩාක් මවමින් පරාජයේ ඇලී ගැලී ඉන්දියානු cricket කණ්ඩායම මේ දවස් වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අලුත්ම ආරංචියේ හැටියට කෝලි කසාද බැඳලා.

 'වෙන්න බෑ, කීයටවත් අපිට නොකියා කෝලි මගුල් කන්නේ නෑනේ.'    
ඔව්, ඔව්, එක ඇත්ත. ඒ වුනාට ඉතින් අනුෂ්කා ශර්මා කියන්නේ කෝලිගේ wife ලුනේ . ඕස්ට්‍රේලියාව තමයි එහෙම කියන්නේ. නිමාවට පත් වුන ඉන්දු - ඕස්ට්‍රේලියා 3වන ටෙස්ට් තරගය අතරතුරයි මේ තොප්පිය කෝලිට වැටුනේ. මේ තරගයේදී Mitchell Johnson එක්කත් කොක්කක් දාගත්ත කෝලි 100ක් ගහල match එක බලන්න ආව අනුශ්කාට kiss එකකුත් හුලගේ යැවුවා.

ඕවා මේවා දැක දැක තරගයේ සජීවී විස්තරකතනයේ යෙදුනු ප්‍රවීන විචාරක Michael Slater ගේ කටටවත් නොදැනීම එකපාරටම  "කොලිගේ බිරිඳත් ඇවිත්...." කියලා කියවුනානේ. වැරදි වචනයක් කටින් පැන්න කියලා තේරුණු ගමන්ම Michael Slater එක නිවැරදි කරා "කෝලිගේ පෙම්වතිය ඇවිත්.." කියලා. හැබැයි ඉතින් ඒ වෙද්දී ලක්ෂ ගාණකට ඒ  වචන ටික ඇහිලා ඉවරයි.

කොහොම වුනත් ඉතින් කෝලියි අනුෂ්කයි  ඕස්ට්‍රේලියානු නිවේදකයා කරපු මේ නම් ප්‍රසිද්ධ කිරීම ගැන තාම මුකුත් ප්‍රසිද්ධියේ  කියලා නෑ. සමහර විට මුකුත් කියන එකකුත් නෑ කියලයි  දන්න අය කියන්නේ. මොකද මේ වෙද්දීත් කෝලියි අනුෂ්කයි ඉන්නේ කසාද බැඳපු දෙන්නෙක් වගේලුනේ.