Friday, January 2, 2015

සුන්දර රුවක් ලෝකයට පෙන්වන්න ගැහැණියෙක් වූ පිරිමියා


මේ ලෝකේ ජීවත්වන මිනිස්සු විවිධාකාරයි. සමහර අය තමන් කැමති දේවල් අමුතු විදියට කරලා ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්න සෑහෙන්න මහන්සි වෙනවා.  ඒ අතරේ සමහර අය තමන්ගේ චරිතේ වුනත් වෙනස් කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

මේ විදියට තමන් ගෑණු කෙනෙක් විදියට ඇන්දම ලස්සනයි කියලා හිතෙන වයස 70ක සීයා කෙනෙක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඔහු ජීවත්වෙන්නේ කැලිෆෝනියාවේ New Port කියන වෙරළ තීරයේ. රබර් සහ සිලිකන් වලින් සකසපු ඇඟට ඇලෙන විශේෂ ඇඳුමක් වගේ දෙයක් අළවගෙන තමයි මොහු හැමතැනම ඇවිදින්න යන්නේ. ඔහු හැමෝටම කියන්නේ කාන්තාවක් වගේ ඇන්දම තමන් ලස්සනට පේනවා කියලලු.

ඒ වගේම ගෑණු කෙනෙක් වගේ ඇඳගෙන ඉන්න මෙයාට රැවටෙන සමහර පිරිමි ඔහුගෙන් නම මොකක්ද කියලා ඇහුවම කියන්නේ ශෙරිල් කියලලු.

ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්....