
ගුවන් අනතුරක් පිළිබදව දැනුම් දීම සඳහා එහිදී දිවි ගලවා ගත් 7 හැවිරිදි දැරියක් සිය ගම්මානය වෙත පැමිණි පුවතක් ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයෙන් වාර්තා වනවා.
මෙම සැහැල්ලු ගුවන් යානයේ නියමුවා සහ තවත් තුන්දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලූ දෙනාම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව සදහන්.
විලක් ආසන්නයේ පිහිටි වනලැහැබ් සහිත ප‍්‍රදේශයකටයි ගුවන් යානය කඩා වැටී ඇත්තේ. එහිදී හාස්කමකින් මෙන් දිවි ගලවා ගත් මෙම දැරිය පයින් ඇවිද ගොස් තොරතුර ලබාදීම සඳහා ගොස් ඇත්තේ ආසන්නතම පොලීසියටයි.