වෙන්නප්පුව - නයිනමඩම සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව - තෝප්පුව පාලමෙන් මාඔයට පැන මියගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ප‍්‍රකාශ කර තිබුණේ ඝාතන සඳහා යොදාගත් පොරව මාඔයට දැමූ බවයි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොහු තෝප්පුව පාලම අසලට රැගෙන ගොස් තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මාඔයට පැන ඇති අතර, ඔහු දියේ ගිලී ජිවීතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

වෙන්නප්පුව - නයිනමඩම ප‍්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරියක, ඇගේ සැමියා සහ දරු දෙදෙනා ඝාතනයට ලක්වුණේ පෙරේදා දිනයේදීයි. ඝාතනයෙන් පසු වෛද්‍යවරියට හිමි කොහුමෝලේ මුරකරු අතුරුදන්ව සිටි අතර, ඔහු පිළිබඳව පොලිසියට සැක මතු වී තිබුණා. ඒ අනුව පරීක්ෂණ සිදුකළ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් මුරකරු අත්අඩංගුවට ගත්තේ අද (03) පෙරවරුවේදීයි.
Update 2015/01/03 8.55 PM
-------------------------------
නව වසරේ ආරම්භයත් සමගින් දිවයිනම කම්පාවට පත්කල වෙන්නප්පුව - නයිනමඩම ප‍්‍රදේශයේදී වෛද්‍යවරියක, ඇගේ සැමියා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන්ව සිටි ඔවුන්ගේ කොහුමෝලේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (03) පෙරවරුවේ අනුරාධපුර - ගල්කිරියාගම ප‍්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මුරකරු තමන් මෙම අපරාධය සිදුකළ බවට පාපොච්චාරණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම, මුරකරුගේ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා.