Tuesday, December 16, 2014

අනුෂ්කා ෂෙට්ටිගේ ඇඟ වැඩිවෙන්න හේතුව කවුද ?


දකුණු ඉන්දියාවේ සිටින අතිදක්ෂ සුපිරි නිළියක් වන අනුෂ්කා ෂෙට්ටි ශරීරය කිලෝග්‍රෑම් 100කින් වැඩිකර ගැනීමට උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වනවා. එරටින් ලැබෙන වාර්තා අනුව අනුෂ්කා මෙලෙස තරබාරුවීමට උත්සාහ දරනු ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. රාගවේන්ද්‍රා රාඕගේ පුත් ප්‍රකාශ් කෝවිලමුඩි විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක් සදහායි. අනුෂ්කා ෂෙට්ටි මේ වන විට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති දෙමළ චිත්‍රපට රැසක් අතිසාර්ථකවී ඇති අතර, මෑතකදී රිදී තිරයට ආ සුපිරි නළු රජිනි කාන්ත් රඟපෑ ලින්ගා චිත්‍රපටයේ ද ඈ රඟපා තිබෙනවා. එය ද මේ වන විට අතිසාර්ථකව රිදී තිරයේ මේ වන විට තිරගතවෙමින් තිබෙනවා.

අනුෂ්කා ෂෙට්ටි රඟපෑ චිත්‍රපටයක ගීතයක් පහතින් බලන්න....