
ප්‍රමාද වූ වැඩකටයුතු යළි ආරම්භ වන දවසක්. සතුරු කරදර මගහැරී යයි. සියළු කටයුතු සාර්ථක කරගැනීමට හැකිවන දවසක්. ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට පියවර ගනී.
වෘෂභ ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට කරමක් වැඩ වැඩිවන දවසක්. තම දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරයි. නොවැදගත් හේතු නිසා පෙම්වතුන් පෙම්වතියන් අතර අමනාපකම් ඇතිවන්නට පුළුවන්.
මිථුන ලග්නය
වඩා ඉක්මනින් කෝප වන දවසක් නිසා ඉවසිලිමත්ව කටයුතු කරන්න. නිවසේ ගෙවත්තේ වැඩ කටයුතු වෙනුවෙන් කාලව සහ ධනය වැයවෙයි. වාහන වල කාර්මික දෝශ මතුවිය හැකියි. රාතී‍්‍ර කාලයේදී අඩු කාලයක් නිදා ගැනීමට සිදුවෙයි.
කටක ලග්නය
ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශය වැදගත් තීරණ ගන්නා දවසක්. ඔබේ වැඩ කටයුතු ගැන යහපත් ආකාරයේ කථා අසන්නට ලැබෙයි. ඥාතියෙකුට හෝ හිතමිතුරෙකුට උදව් උපකාරයක් කිරීමට සිදු වෙයි. කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට හැකිවන දවසක්.
සිංහ ලග්නය
කාර්ය බහුල දවසක්. කිහිපදෙනෙකු විසින් කළයුතු වැඩක් තනිව කිරීමට සිදුවෙයි. වැඩ වැඩි නිසා පෞද්ගලික කටයුතු පවා අතපසු වන්නට පුළුවන්. මුදල් ලැබීම් ප්‍රමාද වන අතර වියදම ඉහලයයි.
කන්‍යා ලග්නය
සතුටුදායක වාසනාවන්ත දවසක්. සිතට එකඟවම අවංකව තීරණ ගනී. අළුත් ඇදුම් පැළදුම් මිලදී ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල නිරත වීමට උනන්දුවක් දක්වයි. නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීමට හැකිවෙයි. නවීන පන්නයට හැඩ ගැසීමට උනන්දුවෙයි.
තුලා ලග්නය
නොතේරුම් කම නිසා හෝ වැරදීම් නිසා පාඩු සිදුවිය හැකියි. ගෙදරට අවශ්‍ය එදිනෙදා පරිහරනය කරන දෑ මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. ගණුදෙනු වලදී වංචාකරුවන්ට හසු නොවීමට වගබලා ගන්න. ශාරීරික අපහස්තාවයන් ඇතිවිය හැකියි.
වෘශ්චි්ක ලග්නය
අළුත් හිත මිතුරන් හදුනා ගැනීමට අවස්ථාවන් ලැබෙයි. ස්වයං රැුකියා වල නියුතු අයට වෙළද ව්ය්පාර වල නියුතු අයට හොද ආදායමක් ලැබෙයි. සුවපහසුව වැඩිදියුණු කරගැනීමට මුදල් වැය කිරීමට සිදුවෙයි. ඇසුරු කරන අය නිසා සතුට දැනෙයි.
ධනු ලග්නය
රැකියාවේ ප්‍රගතියක් අපේක්ෂා කල හැකි දවසක්. රැුකියා පිළිබද බලාපොරෙත්තු සඵල වෙයි. නෑදෑ හිත මිතුරන් ඔබ ගැන ප්‍රීතියෙන් කතාබහ කරයි. සමාජයේ වැදගත් යැයි සම්මත අය ඇසුරු කිරීමට ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකිවන දවසක්.
මකර ලග්නය
ඉතිහාසය පිළිබද සොයා බැළීමට පැරණි දේ ගැන සොයා බැළීමට උනන්දුවන දවසක්. පිට පළාතක සිටින අයෙක් සමග පැවති සම්බන්ධතාවයක් අළුත් වෙයි. ඔබේ වැඩකටයුතු පිළිබදව වැඩිහිටියන්ගේ අවධාවානය යොමුවෙයි. ආගමික කටයුතු කෙරෙහි විශේෂ උවමනාවක් දක්වයි.
කුම්භ ලග්නය
බලාපොරෙත්තු නොවූ ලෙස මුදල් වැයවන්නට පුළුවන්. ඒ පිළිබදව කණගාටු ඇති වන්නටත් පුළුවන්. ගමන් බිමන් වලදී ප්‍රමාදවීම් සිදුව්ය හැකියි. සිතට අසතුට දනවන ආරංචි අසන්නට ලැබිය හැකියි. සිතේ කලබලකාරී තත්වයක් ඇතිවිය හැකියි.
මීන ලග්නය
ඔබේ සහකරු සහකාරිය සමග පවතින බැදීම වර්ධනය වේ. ආදරය පිළිබද බලාපොරෙත්තු සඵල වෙයි. පොදු කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවෙයි. ප්‍රීතිමත් උත්සව අවස්ථා වලට සහභාගී වීමට අවස්ථාව හිමි වෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)











