Friday, December 12, 2014

සිරිසේන බිරිඳත් එක්ක තරහ වෙලා දුව දුෂණය කලා

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපා සිරිසේන මහතා කලේ බිරිද සමග අමනාප වී දුව දුෂණය කළා වගේ වැඩක් යයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
බදුල්ලේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙසේද කීය.
‘ළගදී මම ජනාධිපතිතුමත් එක්ක ගියා බලපිටියේ රැස්වීමකට. බලපිටියේ අය දක්ෂයි තමන් හිතන දේ නොපැකිළිව කියන්න. මම වාහනයේ එනකොට වාහනය නවත්තලා, එක ඡන්දදායකයෙක් කිව්වා අපි ඔබතුමාට ගරු කරනවා පක්ෂයත් එක්ක හිටිය නිසා. පක්ෂය දාලා ගියා නම් අපි ඔබතුමාටත් ගරු කරන්නේ නැහැ කියලා. ඔය සිරිසේන මහත්තයා කළේ නෝනා එක්ක තරහවෙලා දුවව දුෂණය කරපු එක කියලා කිව්වා. එතුමා ඒ කිව්වේ ජනාධිපතිතුමා එක්ක තරහවෙලා සිරිසේන මහත්තයා පක්ෂය විශාල කළා කියලයි’