මේ සම්බන්ධව ‘දැය රකින දිරිය ලිය කාන්තා සංවිධානය‘ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුබද්ධ කාන්තා සංවිධානයක් විසින් කැදවූ මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය හරිද වැරදිද යන්න සෘජුව නොපවසා නිරුවත අර්ථකථනය කිරීමට උත්සාහ ගෙන තිබුණි. ඉන්පසුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කරනු ලැබූ එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට සමන්මලී සකලසුරිය මෙනෙවිය උත්සාහ ගත් බවට සමාජජාල පරිශීලයකයන් ඇයට ෆේස්බුක් ඔස්සේ බොහෝ චෝදනා ගොනුකොට තිබුණි.
පසුගියදා ඇය නිරුවත සම්බන්ධයෙන් නැවතත් ෆේස්බුක් ඔස්සේ අදහස් කොට තිබුනේ මෙලෙසිනි.

සමන්මලී මෙනෙවිය විසින් මෙසේ ෆේස්බුක් වෙත ප්‍රතිචාර දක්වා තිබුනත් මේවනවිට ඇය එය ෆේස්බුක් තුලින් ඉවත්කොට තිබේ.