
ග‍්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලයන් 466 දෙනෙකු රැගත් මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ ග‍්‍රීසියට අයත් මුහුදු සීමාවේදී මෙම ගින්න හටගෙන ඇති බවයි. නෞකාවේ කපිතාන්වරයා නියෝග කර ඇත්තේ සියලූ මගීන්ට නෞකාවෙන් ඉවත් වන ලෙසයි.
කෙසේ වෙතත් මේ වන විට වාර්තාවන තොරතුරු අනුව පුද්ගලයන් 466 දෙනෙකු රැගත් මගී නෞකාවේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් 131 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තුවාල ලැබූවන් සහ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව මෙතෙක් කරුණු වාර්තාවී නොමැති බවයි. හෙලිකොප්ටර් සහ වෙනත් නෞකා යොදාගනිමින් ගින්න නිවාදැමීම සඳහා ඊයේ දිනයේම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)