Monday, December 29, 2014

එක තාත්තයි අම්මලා දෙන්නයි හැබැයි දරු දෙදෙනා නිවුන්නු වෙලා


ලොව පුරා සිදුවන අපූර්ව ආකාරයේ දරු උපත් හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව නිරන්තරයෙන්ම අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ වාර්තා වේ. එවන් අපූර්ව වු දරු උපතක් පිළිබඳ සිදුවීමක් එංගලන්තයේ ලන්ඩන් නුවරින් අනාවරණය වේ.

හතළිස් තුන්හැවිරිදි Caprice Bourret නම් හිටපු කාන්තා යට ඇදුම් නිරූපණ ශිල්පිනියක හා ලන්ඩනයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ටයි කම්පර්ට් අඹු සැමි යුවලක් ලෙස කලක සිට ජිවත් වී ඇත. ඔවුන් නිරන්තරයෙන්ම තම පවුලට නව සාමාජිකයෙකු එක් කර ගනිමින් දරු සුරතල් සුව විඳිමට වුවමනාවෙන් පසුවී ඇත.


ව‍රෙක මෙම යුවළගේ සිහිනය යථාර්තයක් බවට පත්කරමින් Caprice Bourret ටයි අතින් ගැබ්ගෙන ඇති නමුදු ඇයගේ දරුවා ගර්භාෂය තුළම මිය ගොස් ඇත. ඔවුන් දෙදෙනා නළ දරු උපතක් මගින් දරුවකු බිහිකර ගැනීමට කීපවරක්  උත්සාහ කලද එම උත්සාහයද අසාර්ථක වී ඇත. අවසානයේ Caprice පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ යළි කිසිදු දිනක ඇයට මවක වීමේ භාග්‍යය උදා නොවන බවයි.
නමුත් මොවුන් සිය දරුවකු පිළිබඳ ආශාව අත්හැර නොමැති අතර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කුලියට සිය ගර්භාෂය සපයන කාන්තාවගේ ගර්භාෂය තුළ තමන්ගේ ශුක්‍රාණු හා ඩිම්බ තැන්පත් කිරීමට මෙම යුවළ කටයුතු කර ඇත.

කෙසේ නමුත් එම කුලීයට ගත් කාන්තාව ගැබ්ගෙන ඇති අතර ඉන් සති කිහිපයක් පමණ ගතවන විට අහඹු  ලෙස Caprice Bourret ද ගැබ්ගෙන ඇත. ක්‍රමයෙන් දස මසක් ගතවු කළ කැපරිස්ගේ හා ලොස් ඇන්ලීස් කාන්තාවකගේ කුසයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව උපත ලබා ඇත.

ජැක්ස් හා ජෙට් යන මෙම දරුවන් සතියක පමණ පරතරයකින් උපත ලබා ඇති අතර එහි ආශ්චර්ය වන්නේ මව් කුසයන් දෙකකින් උපත ලැබුවද මොවුන් සම නිවුන් දරුවන් වීමය. කෙසේ වෙතත් තම උත්සාහයේ ප්‍රතිඵල ලෙස මේ වන විට කැපරිස්  හා ටයි එක දරුවකුගේ නොව දරුවන් දෙදෙනෙකුගේ සුරතල් විඳිමින් සිටිති. මෙම දරුවන්ගේ වයස මේ වන විට වසරක් ඉක්මවා ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍යය තත්වයෙන් ජීවත් වන බවද වාර්තා වේ.