Tuesday, November 25, 2014

‘සටන’ අවහිර කිරීමේ සිද්ධිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ත් යයි (VIDEO)

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ සිරස TV ඔස්සේ විකාශය කළ ‘සටන’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන ඇතැම් මාර්ග ඔස්සේ අවහිර කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී විලියම් බැක් සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ පළමු රූපවාහිනී වැඩසටහන අවහිර කර ඇති අතර ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් ද ඉවත් කර ඇති බව ය.
ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීම සඳහා ගත හැකි පියවර කුමක් ද යන්න ය.
ඊට පිළිතුරු සැපයූ මන්ත්‍රී විලියම් වොලස් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමේ හොඳ ම ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ය.
ඊට අමතරව, රජය පිළිබඳව මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.