Wednesday, November 26, 2014

අන්තර්ජාලය කැළඹු කුඩා දරුවාට පහර දෙන වීඩියෝවේ සුල මුල මෙන්න

උගන්ඩාවේ කුඩා ළමයෙකු බලාගන්න ආයා කෙනෙකු විසින් දෙහැවිරිදි කුඩා දැරියකට කෘර වධ දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමග එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. ජොලි ටුම්හිර්වී නම් 22 හැවිරිදි මේ කාන්තාව පොලිසියට කොටුවී ඇත්තේ "අනීලා" නම් එම කුඩා දරුවාගේ පියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව වේ. 
 
ගෙදර සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමේදී තම සිඟිති දියණිය බිමට විසිකොට පයින් පාගන දුටු දැරිවියගේ පියා කෝපය දරාගත නොහැකිව අදාළ කාන්තාවට පහරදී තිබේ. පසුව එම වීඩියෝව අන්තර්ජාලයේ ජනප්‍රිය වීමෙන් අනතුරුව ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ. 
The assault happened after the 2-year-old, seen being shoved off the couch in her family home in Uganda, was sick while being fed a meal by her nanny, Jolly Tumuhiirwe
 
පුටු සෙටියෙන් බිමට ඇද දමා කුඩා දැරිවිය පාගන කාන්තාව 


 
 
 
මෙම පහරදීමෙන් කුඩා දැරිය මිය ගිය බවට අන්තර්ජාලයේ ප්‍රචාරය වුවත් එය සත්‍යය නොවන අතර ඇය තවමත් ජීවතුන් සිටින බවට විදෙස් මාධ්‍ය තහවුරුකොට තිබේ. තම දියණියට අමානුෂිකව පහර දෙන දර්ශණය ඉවසා ගත නොහැකිව එම කාන්තාවට පහරදුන් දැරිවියගේ පියාද පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. නමුත් පොලිසිය එම පහරදීමේ දර්ශණ දැකීමෙන් අනතුරුව දැරිගේ පියාට එරෙහි පැමිණිල්ලෙන් නිදොස්කොට තිබේ.
 
Armed with a wooden object the woman is seen repeatedly striking Aneela who lies face down on the floor
Aneela's father, Erick Kamanzi, was charged with attacking the nanny, but police dropped the charges against him after he showed them the security camera footage of his daughter being assaultedInitial reports suggested Aneela had died following the assault, but authorities said she was now recovering 
දැරියගේ පියා වන එරික් කමාන්සි සහ පහරකෑමට ලක්වූ අනීලා 
 
අනීලා ගේ පියාගේ පහරදීම් නිසාවෙන් අමානුෂික පහරදීම සිදුකළ "අයාවරිය" මේවනවිට ඇවිදීමට නොහැකිව රෝද පුටුවක් භාවිතා කරන බව වාර්තා වේ. 
 
 
අවවාදයයි : මෙම වීඩියෝවේ නැරඹීමට අපහසු දර්ශණ ඇත.