Tuesday, November 25, 2014

ඇමති මර්වින් සිල්වා මාධ්‍යට අදහස් පළ කරද්දී නොසන්සුන් තත්ත්වයක් (VIDEO)

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 6 දෙනෙකු ලබන 28 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහාබ්දින් මහතා අද නියෝග කළේ ය.
ඒ බම්බලපිටියේදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවට අදාළවයි.

අද පෙරවරුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි සාක්ෂිකරුවන් වන විදේශීය යුවල නොපැමිණි නිසා එය දහවල් 1.30 දක්වා කල් දැමිණ.
අනතුරුව අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යට අදහස් පළ කළේ ය.
අමාත්‍යවරයා මාධ්‍යට අදහස් පළ කරමින් සිටින අතරතුරදී එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ.
එම නොසන්සුන්තාවයෙන් පසුව නැවත පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේ ය.
දහවල් 1.30ට සැකකරුවන් යළි අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඒ වන විට ත් සාක්ෂිකරුවන් නොපැමිණි නිසා හඳුනා ගැනීමේ පෙරට්ටුව කල් දැමිණ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් පිටතට පැමිණ මෙලෙස අදහස් පළ කළේ ය.
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.අපි තාම බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්වෙච්ච කොලණියක්ද කියලා.බ්‍රේස් ගර්ටල් නඩුවේ බ්‍රේස් ගර්ටල් කියන සුද්දා ලංකාවට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් කථා කරා‍ම බ්‍රතාන්‍යයේ හිටපු නඩුකාරයා ඔහුට ඇප දුන්නා.අද ප්‍රශ්නේ මේකයි.සුද්දෝ ඉන්නවා සුද්දා එන්නේ නෑ. සුද්‍දා..ආවේ නැතිවුනාම වරෙන්තුවක් නිකුත් කරන්නෙත් නෑ.මේ සේරටම හේතුව මේ විත්තිකාරයා මර්වින් සිල්වාගේ පුතා වීම