
තවත් ධුර කාලයක් වෙනුවෙන් තරග කිරීම සඳහා වන සිය අභිලාසය සඳහන් ගැසට් නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.
ඒ අනුව, එම ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කෙරෙනු ඇත.
අනතුරුව, මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය හා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.