ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන
හිමියන් වැඩ වෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවණ විහාරාස්ථානයට මීට ටික
වේලාවකට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි ආරංචි මාර්ග කියයි.මේ පිළිබඳ ඊට පෙර මාධ්‍ය වෙත අදහස් පල කරමින් ‘සඳහම් සෙවණ-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ’ වත්තහේනේ විජිත හිමියන් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් රාජගිරිය, ඔබේසේකරපුර රැස්වී යම් යම් පිරිස් ඒකරාශි කරමින් සිටින බවට දායකයින් විසින් තමාව දැනුවත් කළ බවයි.
මේ හේතුවෙන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවත් එහිමියෝ කීහ.















































