ජනප්‍රිය ගායිකාවක වන නිරෝෂා විරාජිනීට එෆ්.එම්. නාලිකාවක තරුණයෙක් මනමාල විදියට කතා කර ඇතැයි වාර්තා වේ.
ඒ තරුණයා ''ඇයි අනේ ඔයා නොම්බරය වෙනස් කළේ..ඇයි මට කෝල් එකක්වත් දුන් නැත්තේ'' යැයි විමසමින් ඇයත් සමඟ දොඩමළු වීමට වෑයම් කළ බව නිරෝෂා පවසන්නීය.
කෙසේවුවද එම නිවේදකයා නිරෝෂාට මෙසේ මනමාල විදියට කතාකර ඇත්තේ පුංචි රැවටීමක් නිසා බවද පැවසේ.
ඒ නිරෝෂා ලෙස පෙනී සිටිමින් කිසියම් පුද්ගලයකු අදාල තරුණයා රැවටීම නිසා ය.
මෙසේ අදාල තරුණයා රවටා ඇති අය තරුණයෙක් බවත්, ඔහුට නිරෝෂාගේ හඞ අපුරුවට අනුකරණය කළ හැකි බවත් පැවසේ.
නිරෝෂා ලෙස පෙනී සිටි අය වයඹ පළාතේ මැදිවයසේ ලේකම්වරයෙකු ද මනමාල කමින් රවටමින් ඔහු හරහා කිහිපදෙනෙකුට රැකියා ලබාදී ඇති බවද පසුව හෙලිව ඇත.
නිරෝෂා ඔහු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ නිරෝෂා මෙන්ම ගී ගැයීමේ හැකියාවක් ඔහුට ඇති බවත්, නිරෝෂා ඊට ඇති ඉඩකඩ අහුරන බවයැයිද වාර්තා වේ.
මේ තැනැත්තා කුරුණෑගල ප්‍ර දේශයේ අයෙක් බවද පැවසේ.
















































